Spread the News

දරුස්මාන්ගේ වාර්තාව විමර්ශනයට ආරක්ෂක මණ්ඩලය මැදිහත් වන්නේ නෑ

ජගත් ආරක්ෂක මණ්ඩලයේ සභාපති ගරාඩ් අරූඩ්

source link:

මහින්ද අලුත්ගෙදර

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ පෞද්ගලික අවශ්‍යතා මත පත් කළ කමිටුව නිකුත් කළ වාර්තාවට අඩංගු කරුණු විමර්ශනය කිරීමට ආරක්ෂක මණ්ඩලය මැදිහත් නොවන බව ජගත් ආරක්ෂක මණ්ඩලයේ සභාපති ගරාඩ් අරූඩ් මහතා අවධාරණය කරයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හා ආරක්ෂක මණ්ඩලය අනුමැතියකින් තොරව පත් කළ කමිටුවක් කරා මේ වාර්තාව නිකුත් කළ බවද ඒ මහතා කියයි.

ජගත් සංවිධානයේ ප්‍රංශ නිත්‍ය නියෝජිතයාද අරූඩ් මහතාය. එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පෙරේදා පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අරූඩ් මහතා එසේ ප්‍රකාශ කර තිබේ. යුද අපරාධ සිදු වූ බවට චෝදනා එල්ල කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව දරුස්මාන් වාර්තාව කරුණු ඉදිරිපත් කර තිබේ.

ඒ නිසා ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කළ යුත්තේ ශ්‍රී ලංකා රජය මඟින් බව ආරක්ෂක මණ්ඩලයේ සභාපතිවරයා කියයි. විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රජය මගින්ම ක්‍රියාත්මක කරන්නේ නම් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංවිධාන කටයුතු ශක්තිමත් වන බවද සභාපතිවරයා කියයි. මේ අනුව දරුස්මාන් වාර්තාවේ අන්තර්ගත කරුණු විමර්ශනය කිරීමට ජගත් ආරක්ෂක මණ්ඩලය සම්බන්ධ නොවන බවට අරුඩ් මහතා අවධාරණය කරයි.