Tue. Jan 28th, 2025
Spread the News

(ආන්දෝලාත්මක හෙලිදරව්ව !)

ලෝකයේ නොයෙක් ජනප්‍රජාවන් ඇත. සියල්ලෝම එක හා සමාන නොවන අතර ඒ ඒ ජන ප්‍රජාවට උරුම ආවේනිකත්වයන් ඒ ඒ ජන ප්‍රජාවන් සතුව පවතින බව රහසක් නොවේ,

සියලු මනුෂ්‍යන්ගේ සිරුරේ වූ සිරුරු උපාංග එක හා සමාන වුවාට මිනිසෙක් සතු භාහිර සිරුරු ලක්ෂණයන් ඒ ඒ ජන ප්‍රජාවෙන් ජන ප්‍රජාවට වෙනස් වේ. මිනිසකු දැකීමෙන් මොහු අසවල් ජන කුලකයේ යයි එක්වරම අනුමාන කල හැක්කේ ඒ නිසාවෙනි. එසේම මිනිසකු සතු හැකියාවන් ජන කුලකයෙන් ජන කුලකයට වෙනස් වේ. අසවල් ජාතිකයන් නිර්භීතයි , අසවල් ජාතිකයන් රෞද්‍රයි ආදී වශයෙන් හැඳින්වෙන්නේ එබැවිනි.

මිනිසකු එක්තරා කුලකයක ඉපදුනු විට ඒ කුලකයට අදාළ ඉහත වූ ලක්ෂණයන් ඔහුට ලැබෙන්නේ කෙසේද ?

මේ ගැන කල දීර්ග කාලීන පරික්ෂණයන් මත එවැනි වූ ලක්ෂණයන් ඔහුට නිරායාසයෙන්ම ලැබෙන්නේ ඔහු සතු ප්‍රවේනික ජාන අනුව බව වෛද්‍ය විද්‍යාව සොයාගෙන ඇත. ජාන යනු තම දෙමව්පියන්ගෙන් දරුවන්ට නිරායාසයෙන් ලැබෙන උරුමයකි. දෙමව්පියන්ට එම ජාන ලැබී ඇත්තේ ඔවුනගේ දෙමව්පියන්ගෙනි. මේ ආකාරයට මෙම ක්‍රියාවලිය නොකැඩි , නොසිඳී පවතින්නකි.

උදාහරණයක් ලෙස ඔබ එක් ජන කුලකයට අදාළ දෙමව්පියන්ගේ දරුවකු ලෙස පිළිසිඳගත්තා නම් එම කුලකයේ ප්‍රවේණිය සතු සහ දෙමව්පියන් සතු ජාන ඔබ සතු වීම නොවැලැක්විය හැකිය. ඒ අනුව එම ජන කුලකයට අදාළ ශරීර ස්වභාවය සහ හැකියාවන් ඔබට ලැබෙන්නේ නිරායාසයෙනි.

අන් පැතිකඩක්ද ඇත…….

ඔබ මෙලොව එලිය දුටු පසු තමන්ට තමන්ගේ දෙමව්පියන් සතු ජාන දායාද ලෙස ලැබෙන්නා සේ දෙමව්පියන් සතු චංචල සහ නිශ්චල වත්කම් හි උරුමයද එදා සිට දායාද ලෙස ඔබට උරුමවේ. ඔබෙන් පසුව එම උරුමයෙහි වගඋත්තර කරුවා ඔබගේ පරම්පරාවේ ඔබගේ දරුවන්ය. ඒවා දෙමව්පියන්ගේ ප්‍රවේණිය නොව දෙමව්පියන්විසින් ඔබට කරනා පැවරිම්ය. එසේ නම් ප්‍රවේනික දායාද සහ පැවරුම් දායාද යනු එකක් නොව දෙකකි.

දැන් හොඳට බලන්න ! ඔබ යම් කුලකය ඉපදුනු විට ඔබට දෙමව්පියන්ගෙන් ලැබෙන ජාන උරුමය ඔබට ලැබේ. ඔබට එය කවර ආකාරයකින් වත් “එපා” කියා ප්‍රතික්ෂේප කල නොහැකිය. එසේම දෙමව්පියන් සතු නිශ්චල සහ චංචල දේපොළ වල උරුමයද ඔබ සතුවේ.

නමුත් මෙතන විශේෂත්වයක් ඇත.

ඔබ කොපමණ එපා කියුවා යයි කියා දෙමාපියන්ගේ ජාන උරුමය ඔබට ප්‍රතික්ෂේප කල නොහැකි වුවා වුවත් ඔබට දෙමව්පියන්ගෙන් ලැබෙන නිශ්චල සහ චංචල දේපොළ හෙවත් බෞතික උරුමය ඔබට එපා කියා ප්‍රතික්ෂේප කල හැකිය.

අද අප ලොවට කියන්නට උත්සාහ කරන කතාවේ වස්තු බීජය ඇත්තේ මෙතනය.

ඔබ සිංහලයෙකි. ඔබ සතුව සිංහල ප්‍රජාවේ ජාන සමග සිංහල වූ දෙමව්පිය ජාන ඇත. ඔබ සිංහල පව්ලක ඉපදුනත් ඔබ තුල අන්‍ය ජාන පවතීනම් එතන වෛද්‍ය විද්‍යාවට අනුව කලාතුරකින් සිදුවන ජාන විකුර්තියක් විය හැකිවා වුවත් බහුතරය වන්නේ එවිට ඔබගේ දෙමව්පියන් සම්බන්ධයෙන් ලොවට ප්‍රකාශ නොවුණු තදබල රහසක් ඔබ දරාගෙන ඇති බවයි (ජාන විද්‍යාව බලන.). ඊට ඔබ කිසිසේත් වගකිව යුතු නැත.

හොඳයි ! ඔබ සතුව සිංහල ජාන පවතී නම් ජාන හරහා ඔබට ලැබෙන සියලු උරුමයන් දැනටමත් ඔබ සතු වී හමාරය. පෙර කී ලෙස ඒවා ඔබට නොලැබුණා කියා හෝ ඔබ සතුව නැතැයි කියා ඔබට කිසිසේත් කිව නොහැකිය. ඉපදුනු පසු ඒවා ප්‍රතික්ෂේපද කල නොහැකිය.

ජාන මත ඔබට ලැබෙන්නේ කුමක්ද ?

ඔබගේ ශාරීරික සහ මනෝ මුලික වූ සියලු ක්‍රියාකාරකම් ජාන මත ලැබේ යයි කියා නවීන විද්‍යාව කියයි. සිරුරේ හැඩය , වර්ණය පමණක් නොව ගුණධර්ම , හැකියාවන් , වීරත්වය , නිර්භීතකම , බුද්ධිය ආදී වශයෙන් මෙකී නොකී සියලුම මනෝ මුලික ස්වභාවයන් ඔබට ජාන හරහා ලැබෙන බව නවීන විද්‍යාව කියයි. එසේ නම් දැනටමත් ඒවා ඔබට එපා කියා කිව නොහැකිවන සේ ඔබ සතුවි හමාරය.

ලොව්තුරා බුදුකෙකෙකුන් වහන්සේ නමක් උපදින්නේත් සෑම ජන කුලකයකම නොවේ.තමාට ඉපදීමට සහ ඉන් පසුව බුදු වීමට අවශ්‍ය ජන කුලකය ගැන පෙර සොයා බැලීමේ අපුරු හැකියාවක් බුද්ධ වංශය සතු බව රහසක් නොවේ. ඉන් පසුව එම ජන කුලකයේ ඉපදීමට උන්වහන්සේලා සැරසේ. 

ඒ හා සමානව , තම දහම අති දීර්ග කලක් පවත්වාගෙන යාම සඳහා බුදු කෙනෙකුන් වහන්සේලා තෝරන්නේද සෑම ජන කුලකයක්ම නොවේ. තම සොයාගැනීම පවත්වාගෙන යාමක් සඳහා ඊට අවැසි , ඊට හයිය ඇති ජන කුලකය ගැන ප්‍රකාශ කිරීමක් ඉන් පසුව සිදුවේ.  එය මිනිස් ප්‍රවේනික සුදුසුකම් බලා කරනු ලබන පැවරීමක් මිස ඊට ප්‍රවේනික සුදුසුකම් නොමැති වුවන්ට සහ සුදුසුකම් ප්‍රවේණියෙන් සපුරා නොමැති වුවන්ට උන්වහන්සේලා එම අවස්තාව නොදෙති. එය හැකියාව ඇති අයෙකුට පවරන රාජකාරියක් මෙනි.

එසේ නම් ප්‍රවේණික සුදුසුකම එකකි. පැවරීම යනු සුදුසුකම අරභයා කරන අනිකකි.

එය එසේම සිදුවේ.

දැවැන්ත වූ ප්‍රශ්නයක් අහන්නද ?

මෙවර බුදුරජානන් වහන්සේ පවරාදෙන තම සොයාගැනීම සිංහලයන් වූ අප සතු කොට ඇතැයි ලොවම දනී. ඒ ඊට සිංහලයන් වන අපට ඇති “සුදුසුකම්” දෙස බලා මිස බව අන් න්‍යායක් මත පිහිටා නොවන බව අප පෙර ලිපි වලින් පුන පුනා ප්‍රකාශ කළෙමු. සිංහලයා සතු ශ්‍රද්ධාවන්ත බවද , ප්‍රජ්නාවන්ත බවද , නිර්භිතභාවයද අදාළ සුදුසුකම් 5න් තුනක් බව අපවත්වී වදාළ අතිපුජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ විසින් ලොවට ප්‍රකාශ කලේ මිට ටික කලකට පෙරය.  

එසේ නම් ,

ජාන අනුව අපට ලැබුනේ “සුදුසුකම” ද නැතිනම් බුදු හිමියන්ගේ “පැවරුම”ද ?

බලන්න “සුදුසුකම එකකි. එය ජාන අනුව ලැබුණකි. “පැවරුම” අනිකකි. එය ජාන අනුව පැමිණියා වූ දෙයක් නොවේ. නමුත් ඊට සුදුසු ජාන දරන්නන් අරභයා ලැබුණකි.  

දැන් බුද්ධියෙන් බලන්න ! සුදුසුකම ජාන වල නම් එදා සිංහලයන් සතු සියලු සුදුසුකම් අදත් ඒ ලෙසම එම ජාන වල වත්මනේ උරුමකම් කියන ඔබ සතුව නොසිඳී , නොකැඩි එලෙසම පවතී. එය එසේ නැතැයි කීමට දක්ෂයෙක් ලොව තවමත් ඉපදී නැත. පැවරුමද පැවරුණු දා සිට අද දක්වා නොසිඳී , නොකැඩි පවතී.

සිංහලයන් වන අප අද වන විට තේරුම් බේරුම් කරගත නොහැකි වූ බරපතල ගැටලුවකට මුහුණ පා සිටිති.

එනම් , පැවරුම පැවරුවේ සුදුසුකම පැත්තකට වීසි වී යන ලෙසද නැතිනම් පැවරුම නිසා සුදුසුකම යටපත් කිරීමක් සිදුවුනාද හෝ පැවරුම නිසා “සුදුසුකම ගැන කතා නොකළ යුතුයි” යන හැඟීමක් සිංහල නමැති ජන ප්‍රජාවට දුන්නාද යන බරපතල ගැටලුවකට වත්මන් සිංහල සමාජය ලක් වී තිබේ.

 සුදුසුකම ජානමය වූ හෙයින් එය ප්‍රතික්ෂේප නොවන්නක් බව පෙර සඳහන් කරනා ලදී.

මෙන්න මේ ප්‍රශ්නය ලිහා ගත නොහැකි වූ නිසාවෙන් සිංහලයෝ අන්‍ය වූ ජනයින් ඉදිරියේ අන්ත අසරණ භාවයට පැමිණ සිටි. ඔවුන් ගුටි කති. අඩම්තේට්ටම් වලට ලක්වෙති. මෙන්න මේ හේතුව නිසා තමන් විනාශ කරද්දීත් , තම සංස්කෘතිය එලි පිටම විනාශ කරද්දීත් , තම අනන්‍යතාව අමු අමුවේ විනාශ කරද්දීත් ඔවුන් අත කට පියාගෙන “අවිහිංසාවාදීව” සිටිය යුතු යයි කියන “පැවරුම නිවැරදිව අර්ථකථනය නොකළා වූ දහමක්” වත්මන් ගිහි සහ පැවිද්දන් විසින් කරලියට ගෙනවිත් ඇති සෙයක් දැන් පෙනෙන්නට තිබේ. මේ වත්මන් ප්‍රජ්නා ව්මුක්ත වූ දහම් අර්ථකථනය නිසාවෙන් අන්‍යයෝ “ඌරාගේ මාළු ඌරා පිටම තබා කපමු” යන සිංහල පිරුළ සිංහලයා මතම තබා ක්‍රියාවට නංවමින්  “සිංහලයන් හට පැවරුම නිසා ලැබුන හික්මීම නමැති උතුම් ගුණය” ඔවුනගේ උපරිම ප්‍රයෝජනය සඳහා පාවිච්චියට ගනිති.  

නමුත් පුදුමය එය නොවේ…

බුදු හිමියන් පැවරුමක් කලේ සුදුසුකම අනුව බව පෙර සඳහන් කළෙමු. එසේ නම් පැවරුම සතු ආයුකාලය සුදුසුකම මත පවතින බව බුද්ධිමත් වූ ඔබට නොතේරෙන්නේ නොවේ. “පැවරුම පවතින්නේ පැවරුම් කල අය සතු සුදුසුකම මත පමණි” යන බුදු හිමියන්ගේ ප්‍රජ්නාවන්ත වූ තීරණය ගැන අබ මල් රේණුවක හෝ වැටහීමක් නොමැති ගිහි සහ පැවිද්දෝ සුදුසුකම පසෙකලා පැවරුම පමණක් මතම තම දිවිය ගෙන යා යුතු යයි යන න්‍යායක් සමාජගත කරති.  මොවුන් සුදුසුකම පැවරුමෙන් අහෝසි කරති , යටපත් කරති.

550ස් ජාතක පොත බලන්න….!

එහි වූ එක කථාවක එක් කාලයක වනාන්තරයක වූ රෞද්‍ර වියාග්‍රයෙක් අනවශ්‍ය ලෙස සතුන් මරාකමින් වාසය කරනා විට ඊට එරෙහි වූ අන්‍යය සත්වයෝ වෘක්ෂ දෙවි කෙනෙකු වෙත ගොස් ඔහු පලවා හරිනු ලෙස බැගෑපත් වූ කල “ඔහු රෞද්රයකු වුවත් නුඹලාට ඉන් සෙත සැලසේ” යන ඔහුගේ ප්‍රජ්නාවන්ත වූ උපදෙසට පිටුපා ගොස් අන්‍ය වූවකු හරහා රුදුරු වියාග්‍රයා බිය ගන්වා අන් කැලයකට පලවා හරින ලදී. සතුන් ප්‍රීති ඝෝෂා නඟන්නට විය…. ගතවුයේ කෙටිකලකි. මෙතෙක් රෞද්‍ර වියාග්‍රයා නිසා වනයට නොපැමිණි දැව කපන්නෝද , දර බිඳින්නෝද , දඩයක්කරුවෝද දැන් රෞද්‍රයා වනයේ නොමැති බව සැලවී වහ වහා වනයට වැල නොකැඩි එන්නට විය. ඉන් වනයද එහි සත්ව ප්‍රජාවද සීග්‍රයෙන් විනාශ විය. එකල මෙම ප්‍රජ්නාවන්ත උපදේශය දුන්නේ අන් කවරකු හෝ නොව බුදු වූ මමම වෙමි යයි යන බුදු වදන බුදු හිමියන් දහස් ගණන් බික්ෂුන් ඉදිරියේ එදා වදාළේ ඒ නිසාය.

පැවරුම නොව ප්‍රවේනික සුදුසුකම (ශ්‍රද්ධාවන්තබව , ප්‍රජ්නවන්තබව , නිර්භීත බව , ඇතුලතින් හෝ පිටතින් එන ඕනෑම ආක්‍රමණයකට නිර්භයව මුහුණ දී ඔවුන් සහමුලින්ම පරාජය කිරීමේ හැකියාව),  සුදුසුකමක් ලෙස නොපෙන්වීම හේතුවෙන් හිකනලාත් “සුදුස්සෙක්” වීමට වලි කෑම පුදුමයක් නොවේ.

එනිසා ,

සිදුසුකම සුදුසුකම ලෙස ගන්න.

පැවරුම පැවරුම ලෙස ගන්න.

සුදුසුකම පැවරුමට යටකිරීමෙන් යන ගමනකින් දීර්ග කාලීනව වන්නේ අගතියක් බව තරයේ හිතට ගන්න.

ස්තුතියි !       

(විශේෂ ලියුම්කරුවකු විසිනි.)

Protected by Security by CleanTalk