ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ ඇති දෝෂය / අතපසුවීම නිවැරදි කිරීමට ගෙනා 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොකර, ආසන 159ක් ලැබූ මාළිමා ආණ්ඩුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙනා හැකිද යන්න මෙම කෙටි ලිපියෙන් විමසා බැලීමට අදහස් කරයි.
මාළිමාවට පාර්ලිමේන්තු ආසන 159ක් 2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබී ඇත.එනම් 2/3 ටත් වැඩියෙන් ලැබී ඇත. මෙය 1977 ජේ ආර්. ජයවර්ධන ආණ්ඩුවට තිබූ 2/3 ට වැඩි ආසන සංඛ්‍යාව මෙන් ය. පාර්ලිමේන්තුවේ ඉන්නා විපක්ෂයේ මන්ත්‍රීවරු 66 දෙනාට පාර්ලිමේන්තුවේ කතා කරමින්, වරප්‍රසාද භුක්ති විදිමින්, තේරීම් කාරක සභාවල අසුන් ගන්නත් හැකිය. මොකද පනත් කෙටුම්පතකට 2/3 ලැබෙන එක වළක්වන්න විපක්ෂයේ ආසන 66කට නොහැකිය. විපක්ෂයට ආසන 76ක් තිබ්බානම් පනත් කෙටුම්පතකට 2/3 ලැබීම වළක්වන්න හැකියාව තිබුණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ දැක්වෙන ජනමතවිචාරණයක් අවශ්‍ය ව්‍යවස්ථා හැර අනෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඕනෑම එකක් කිරීමටත්, පවතින නීති අහෝසි කිරීමටත්, අලුත් නීති පැනවීමටත් මාළිමා ආණ්ඩුවට ව්‍යවස්ථාදායක බලය ලැබී ඇත. එය වැළක්වීමේ හැකියාවක් විපක්ෂයට නැත.
විපක්ෂයට සහ මළිමා ආණ්ඩුව පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවම ක්‍රියා කළ යුතුය. ජනමතවිචාරණයකට යා යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනා අවස්ථාවකදී විපක්ෂය කළ යුත්තේ එය හිතකරනම් ජනතාව සමඟ එකතු වී එය ජයග්‍රහණය කරන්න ක්‍රියා කරන එකය.
1977 පාර්ලිමේන්තු ඡන්දයෙන් පසු එක් පක්ෂයකට පාර්ලිමේන්තු ආසන 2/3 වැඩියෙන් ලැබූ පළවන අවස්ථාව මෙයයි. ඒ අනුව මාළිමා ආණ්ඩුව අනිවාර්යයෙන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනු ඇතැයි අනුමාන කළ හැකිය. ඒ ජනමතවිචාරණයෙන්ද ජයගැනීමේ අපේක්ෂාවෙනි. ඒත් එයට අවුරුදු 2කට වැඩිය කල් ගතහොත් ජනමතවිචාරණයෙන් පරදින්න වැඩි ඉඩක් ඇත්තේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට මාළිමා ආණ්ඩුවට නොහැකි වුවහොත් ය. ඒ නිසා හැකි ඉක්මණින් වසරක් හෝ වසර 2ක් ඇතුළත අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම මාළිමා ආණ්ඩුව සිදුකිරීමට වැඩි ඉඩක් ඇත.
විපක්ෂය සහ ජනතාව කළ යුත්තේ මාළිමා ආණ්ඩුව ගෙන එන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙසේද යන්න අවධානයෙන් විමසා බැලීමයි. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 83වන ව්‍යවස්ථාව ගැන හොඳ අවබෝධයක් ගැනීමය.
එසේම පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාව දෝෂ සහිත බව නීතිපතිවරයාද මේ වන විට පිළිගෙන ඇත. ඒ 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ සිදුවී ඇති දෝෂයක් / අතපසුවීමක් හේතුවෙනි.
එකී දෝෂය / අතපසුවීම නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකටද නීතිපතිවරයා 2024 දී අනුමැතිය ලබා දී ඇත.ඒ අනුව 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2024.07.18 දින අතිවිශෙෂ ගැසට් පත්‍රයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව අනුව පළකර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ පවතින එකී දෝෂය / අතපසුවීම නිවැරදි නොකර පාර්ලිමේන්තු ආසන 159ක් ලැබූ පමණින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට මාළිමා ආණ්ඩුවට හැකිද යන්න විසඳිය යුතුය.
http://neethiyalk.blogspot.com/2024/11/159-83.html?m=1
ආසන 159ක් ලැබූ පමණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ පවතින දෝෂය / අතපසුවීම නිවැරදි නොකර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට මාළිමා ආණ්ඩුවට හැකිද?ආසන 159ක් ලැබූ පමණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ පවතින දෝෂය / අතපසුවීම නිවැරදි නොකර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට …neethiyalk.blogspot.com |
අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ. සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394. (2024.11.15)