කොල්වින් ආර් ද සිල්වා කියන බෝල්ෂේවික් දේශපාලකයා 1972දී සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ හිත දිනා ගැනීම සඳහා පක්ෂයේ නම රටට තැබුවා.
හැම රටකටම නමක් හැදෙන්නේ ඒ භූමියේ වාසය කරන බහුතර ජනයාගේ වාර්ගික අනන්‍යතාවය මතයි.
ජන වර්ගය ප්‍රංශ නිසා රටේ නම ප්‍රංශය වුණා. ඉතාලිය ඉතාලි ජාතිකයින්ගේ.බ්‍රිතාන්‍යය බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ. ජපානය ජපනුන්ගේ. ඉන්දියාව ඉන්දියානුවන්ගේ.
ඒ හැම ජන වර්ගයක්ම ඉතිහාසය තුළ වාර්ගික අනන්‍යතාවයක් ඇතිව නිශ්චිත භූමියක් තුළ ජීවත් වුනු මිනිසුන්.
හැම දෙයක්ම දේශපාලනීකරණය කරන ලංකාව “සිහල දීපය” ශ්‍රී ලංකාව කළා. අද ඒ පක්ෂයත් දියවෙලා. ලංකාවේ අනන්‍යතාවයත් දියවෙලා.
වල් ඌරන් කැකුණ තැළුවහම හබං කුකුලන්ට මඟුල් කිව්වා සේ
හෙළ භූමිය තුළ ජීවත්වන බහුවාර්ගික, බහු ආගමික, බහු සංස්කෘතික පුද්ගලයින්ට නම්
“ශ්‍රී ලංකාව” පරාදීසයක්.
නිකම්ම පරාදීසයක් නොව පිස්සන්ගේ පරාදීසයක්.
මෙහෙම ගියොත් මේ පරාදීසය දිනක නවතින්නේ ඉන්දියන් සාගරයේ පතුළේ. බහු සංස්කෘතික බහුරූ කෝළම් එතැනින් අවසන්.
-තෙවැනි ඇස-
14.11.2024