Spread the News

දිනය 2024 \ 12 \ 31 ක් වෙනිදා…….

ස්ථානය ; රුවන්වැලි සෑ මහා පුද බිම.

පළමු රැකවල් ස්ථානයේදී……..!

මහත්තයා !

ඇයි ?

පුජාභාන්ඩ ටික චෙක් කරගත්තද ?

ඇයි ?

අවදානමක් පවතින බැවින් ඇතුලට පුජාභාණ්ඩ ගෙනියන්නේ දෙන්නේ පරික්ෂා කරලයි මහත්තයා. අර .. අන්න අතන තියෙන පොයින්ට් එකෙන් ඒවා චෙක් කරගෙන එන්න.

මම පොයින්ට් එක වෙත ගියේය…. ඒ අටපිරිකර දෙකක් රැගෙනය.

එහි සිටි ප්‍රතාපවත් පෙනුමැති නිලදරුවා නිශ්ශබ්දවම මා දෙස හෝ නොබලා මාගේ පිරිකර දෙක ගෙන ඒවා චෙක් කරනා යන්ත්‍රයට දැමිය. ඉන් පසු ඔහු නිහඬවම ස්ටිකරයක් ගෙන ඒවායේ ඇලවිය.

මම නිහඬතාවය බින්දේය.

මහත්තයා ඇයි මේවා මේ චෙක් කරන්න ?

ඇයි දන්නේ නැද්ද ඔය එහෙන් මෙහෙන් තියෙන කතා. වෙන්ට කලින් වළක්වාගන්න එක හොඳයිනේ…….

මහත්තයා…!

ඇයි ?

අවදානමක් ඇත්නම් අවදානම විනාශ නොකර මේ මැෂින් දමා හරියනවද ?

ඔහු එක වරම ඔහුගේ හිස ඔසවා මා දෙස කෙලින් බැලිය. ඒ ප්‍රශ්නයට ඔහු තිගැස්සුනා හා සමානය. ඒක නම් ඇත්ත තමා … මේ මැෂින් එකක් ලක්ෂ 7ක් පමණ වෙනවා.

අවදානම ගාඩ් කරමින් අවදානමින් බේරීමට තැත් කිරීම විහිළුවක්නේ මහත්තයා.. මමත් කලක් ආමි එකට සේවා සපයලා තියෙනවා. ඒකයි මම ඔබතුමාගෙන් මෙවැනි ප්‍රශ්නයක් ඇහුවේ..

ඔහු නිහඬ විය.

එය රැගෙන නැවතත් මම මුල් රැකවලුන් සිටිනා ස්ථානයට ගියේය. සිරුර අතපත ගෑ ඔවුන් අටපිරිකරේ අලවා ඇති ස්ටිකරය දෙස බලා “හරි මේක ගහලා තියෙනවා නම් ඔක්කොම හරි” කියා මාව මුදා හැරියේය.

මා ඇතුල්වන්නට සැරසුනේ හමුදා කඳවුරකට නොවේ. රාජ්‍ය පාලකයෙක්ගේ නිවහනකට නොවේ. රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වසන දැඩි ආරක්‍ෂිත ස්ථානයකට නොවේ.   කුරා කුහුඹුවකුටවත් හානියක් නොකරන්න යයි කියා දෙසු දහමක් තියෙන්නා වූ තැනකටය. එවන් තැනක මෙවන් වූ ක්‍රියාදාමයක් ?

බිමේ බොහෝ අන්‍ය ලබ්ධික ස්ථාන ඇත. ඒ එකක හෝ එවන් වූ තැන් වන්දනා කිරීමට එන බැතිමතුන් අරභයා මෙවැනි වූ ක්‍රියාදාමයක් දැකීමට නැත. මෙවැනි ක්‍රමයක් මෙතන පමණක් නොව බිම පුරාම මෙවැනි වූ දහමක් පිළිගන්නා වූ බැතිමතුන්ගේ ස්ථානයන්හි ක්‍රියාත්මක වේ.

ඇයි මේ විශේෂයක් ?

එය එසේ නම් මෙවැනි තැනක මෙවැනි ක්‍රියාදාමයක් පවතින්නේ මෙවැනි තැනකට පුෂ්පෝහාර පවත්වන්නට එන උවසු \ උවැසියකගෙන් දිනෙක මෙම ස්ථානයට පුපුරන ද්‍රව්‍ය ප්‍රහාරයක් එල්ලවීම වැලැක්වීම වෙනුවෙන් විය යුතුමය. සමහරවිට පුපුරන ද්‍රව්‍ය ප්‍රහාරයක් කියන්නේ නව ආරක පුජා විධියක් වන්නට බැරිද ?

හතරබීරි කතා……!

මෝඩයිනි…..!

මොනවද මේ රැඟුම් ?

මේ කතාවම බිමේ උරුමක්කරුවා පත්ව ඇති තත්වය ලොවට හඬගා කියයි.

රැකවල් කල යුත්තේ අපිවද නැත්නම් අවදානම් ඇතිකරන්නන්ද ?

රැකවල් කල යුත්තේ අපිවද නැතිනම් අවදානම ලොවට දායාද කරන්නන්ද ?

රැකවල් කල යුත්තේ අපිවද නැතිනම් කොයි මොහොතේ හෝ කෙනෙකුගේ ජීවිතය නසන්නට කල්බලන්නාද ?

ස්තුතියි !  

(විශේෂ ලියුම්කරුවකු විසිනි.)

Protected by Security by CleanTalk