Spread the News

කැනේඩියානු කොටි හිතවාදියාට
එරෙහිව ඇමරිකාවේ නඩු
source:
කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කපීර් යානා මිග් ප්‍රහාරක යානාද, එම්.අයි. 24 ප්‍රහාරක හෙලිකොප්ටර්ද විනාශ කිරීම සඳහා “ස්‌ටේර්ලා” ගුවන් යානා නාශක මිසයිල මිලයට ගැනීමට සැලසුම් කළ මයිල්වාගනම් රාමනන් නමැති කැනේඩියානු කොටි ක්‍රියාකාරිකයාට එරෙහිව පෙරේදා (9) ඇමරිකානු සියෑටල් අධිකරණය හමුවේ නඩු පවරා ඇත.

මෙයට අමතරව කොටින්ට සම්මැරින් තාක්‍ෂණය ලබාදීම සඳහා රාමනන් විසින් ඩොලර් 22000 ක බ්‍රිතාන්‍ය සමාගමකින් පරිගණක මෘදුකාංග ඇතුළත් කර තිබූ බවද විමර්ශනවලදී හෙළිවී තිබේ.

ඇමරිකානු එෆ්.බී.අයි. පොලිසිය සහ කැනඩා රහස්‌ පොලිසිය එක්‌වී කළ විමර්ශනයේදී රාමනන් අසුවී තිබිණි.