Spread the News

චැනල් 4 දෙවැනි කුමන්ත්‍රණය
source:
* රුද්‍රකුමාරන්ව පන්නන්න යෑයි බ්‍රිතාන්‍ය කොටි ජාලය කියා සිටී

* ඇමරිකානු කොටි නීතිවේදී බෲස්‌ පෙයින් ඇමරිකානු නීතියට මෙරට මාධ්‍යයන් ද අවනත වියයුතු බව දැක්‌වීමට ක්‍රියා කරයි

* ජනාධිපතිට එරෙහි ඇමරිකානු නඩුවේ සිංහල පිටපත සකස්‌ කළේ කොළඹ “ජුදාස්‌”

* කැනඩා රජය කොටි ඝාතකයන්ව සැමරීමට ඉඩදේ

* කොටින්ව පුනරුත්ථාපනය කරන්න නෝර්වේ අරමුදල් සැපයීම අබිරහසක්‌. – ප්ලොට්‌ සංවිධානයේ නෝර්වේ ප්‍රධානී සිවරාජන්

* නිමල් සහ මාරන් නමැති තවත් බොරු සාක්‌කිකරුවන් දෙදෙනෙක්‌ ඉදිරිපත්වේ

* විදෙස්‌ එන්.ජී.ඕ. දහයක්‌ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව බෑන් කී මූන්ට පෙත්සමක්‌ යවති

* වන්නි මෙහෙයුම දියත් වූයේ කොටින්ට එරෙහිව නොව ද්‍රවිඩ ජනතාවට එරෙහිව යෑයි ඇමරිකානු කොටි නීතිවේදී අල් බේඩුන් පවසයි

* මරාගෙන මැරෙන කළුකොටි බෝම්බකාරියක්‌ ගැන වීඩියෝ පට නිපදවූ එන්.ජී.ඕ. ක්‍රියාකාරිනියක්‌ ඇතුළු 58 ක්‌ “මඩ වෙබ් අඩවි” තහනම ඉවත් කරන්නැයි කියා සිටී

* නෝවීජියානුවෝ ව්‍යාජ සටන් විරාමය සිහිපත් කරන අධ්‍යයන වාර්තාව ප්‍රකාශයට පත් කරයි

“අත ඊසොප්ගේ වුවත් හඬ ඡේකොබ්ගේයි.” – බයිබල් පාඨයක්‌


චැනල් 4 කොන්ත්‍රාත්කරුවෝ – ජෝන් ස්‌නෝ – කැල්ලම් මැක්‌රේ සහ ජොනතන් මිලර්


නෝර්වේ යුද අපරාධ ගැන හඬක්‌ නැත…

වසර ගණනාවක්‌ තිස්‌සේ කොටි ඝාතක සමාගම මියගිය ඝාතකයන්ව සමරමින් සිය සාවද්‍ය ශක්‌තිය පිළිබිඹු කළේ නොවැම්බර් මාසයේයි. එහෙත් පසුගිය නොවැම්බර් 2 සහ 7 වැනිදා ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට එරෙහි තවත් මෙහෙයුම් දෙකක්‌ ක්‍රියාත්මක විය. මින් එක්‌ මෙහෙයුමක්‌ වූයේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට එරෙහිව ලන්ඩන් නුවර පදිංචි කාසිපිල්ලේ මනෝහරන්, ඇමරිකාවේ සන්රයිස්‌හි පදිංචි කලෙයි සෙල්වි ලාවාන් සහ ඕල්ස්‌ටොන්හි පදිංචි ජෙයකුමාර් අයියදුරේ විසින් කොළම්බියා අධිකරණය හමුවේ පැවරූ නඩුවේ පැමිණිල්ල හා සිතාසිය මෙරට මාධ්‍යවල පල කිරීමට කොටි නීතිවේදී බෲස්‌ පෙයින් උත්සාහ කිරීමයි. ඊට සමගාමීව බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය ශ්‍රී ලංකාවට එරෙහිව වෝ ක්‍රයිම්ස්‌ අන්පනිෂ් නමැති වීඩි යෝ පටය (War crimes – unpunished) විකාශනය කළේය.

ඉහත කී කොටි හිතවාදීන් වෙනුවෙන් පෙනී සිටි බෲස්‌ පෙයින් නමැති ඇමරිකානු නීතිවේදියාට මේ පැමිණිල්ල මෙරට මාධ්‍යවල දින හයක්‌ තිස්‌සේ පළ කිරීමට අවශ්‍ය විය. ඒ සඳහා ඔහු ජනාධිපතිට එරෙහි පිටු 17 කින් යුත් පැමිණිල්ලේ සිංහල පිටපතක්‌ ද මෙරටට එවා තිබිණි. මෙහිදී අත ඊසොප්ගේ වුවත් හඬ ෙ-කොබ්ගේ යන බයිබල් කියමන සනාථ විය.

කාසිපිල්ලේ මනෝහරන්ලාගේ ජනාධිපතිට එරෙහි නඩුවේ සිංහල පිටපත සහ සිතාසිය සකස්‌ වූයේ කොළඹදී බව මින් පැහැදිලි විය.

මෙරට අධිකරණය හමුවේ නඩුවක්‌ ගොනු කෙරෙන අයුරින් නීති පාඨ යොදා එය කොළඹදී සකස්‌ වී වොෂින්ටන් නුවර දොළොස්‌ වැනි වීදියේ පිහිටි බෲස්‌ පෙයින්ගේ කාර්යාලය වෙත යවා තිබේ.

ඒ අනුව බෲස්‌ පෙයින්ට දින හයක්‌ තිස්‌සේ මේ නඩුව සිංහල ජනතාවගේ අවධානය පිණිස මෙරට මාධ්‍යවල පළ කිරීමේ අවශ්‍යතාව මතු විය. ඒ සඳහා ඩොලර්වලින් ගෙවීම් කරන බවද කොටි හිතවාදී බෲස්‌ පෙයින් විසින් ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව ජනාධිපතිවරයාගෙන් ඩොලර් මිලියන පහක වන්දියක්‌ ඉල්ලමින් ගොනු කර තිබූ මේ පැමිණිල්ලට අදාළ සිතාසියේ මෙලෙස දක්‌වා ඇත. “මෙම කැඳවීම ඔබ වෙත නිකුත් කිරීමෙන් දින 21 ක්‌ ඇතුළත හෝ පෙඩරල් නීතියේ සිවිල් ප්‍රතිපාදන අංක 12 දරන නීතිය ප්‍රකාරව ඔබ ඇමරිකා එක්‌සත් ජනපදය, එක්‌සත් ජනපදයේ නියෝජිතායතනය නියෝජනය කරන්නේ නම් හෝ රාජ්‍ය නිලධාරියකු හෝ වෘත්තිකයකු වශයෙන් කටයුතු කරන්නේ නම් මෙය නිකුත් කිරීමෙන් දින 60 ක්‌ ඇතුළත පැමිණිලිකරුට පිළිතුරක්‌ ලබාදීම හෝ මෝසමක්‌ ඉදිරිපත් කිරීම සිදු කළ යුතුය.

මෙම සිතාසියෙන් පැමිණිලිකරු ලෙස දක්‌වා ඇත්තේ හිටපු ඇමරිකානු ජනාධිපති රීගන්ගේ නියෝජ්‍ය නීතිපති ලෙස ක්‍රියා කළ බෲස්‌ පෙයින්ය. බෲස්‌ පෙයින් නමැති කොටි හිතවාදී නීතිවේදියා යොමු කළ මෙම නඩුවේ මුල් පැමිණිලිකරු වූ කාසිපිල්ලේ මනෝහරන් නමැත්තාගේ පදිංචිය ලෙස දක්‌වා ඇත්තේ ලන්ඩන් නුවරයි. එහෙත් පදිංචි නිවසේ අංකයක්‌ නැත. වසර කීපයකට පෙර ත්‍රිකුණාමලයේ පදිංචිව සිටි මනෝහරන් රජයෙන් තමාට මරණීය තර්ජන එල්ලවී ඇති බව කියමින් කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ සහයෙන් ලන්ඩන් නුවරට සම්ප්‍රාප්ත විය.

මොහු ලන්ඩන් නුවර අධිකරණය හමුවේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට එරෙහිව නඩුවක්‌ ගොනු කළේ නැත. එහෙත් ඇමරිකානු අධිකරණය හමුවේ නඩුවක්‌ පැවරීමට යොදා ගත්තේ ටැමිල්ස්‌ එගෙන්ස්‌ට්‌ ජෙනෝසයිඩ් නමැති කොටි හිතවාදී සංවිධානයේ නීතිවේදියා වූ බෲස්‌ පෙයින්වය.

කාසිපිල්ලේ මනෝහරන් වැන්නකුට බෲස්‌ පෙයින් වැනි අධික මුදලක්‌ අය කරන නීතිවේදියකුගේ සහාය ලබාදීමට මුල් වූයේ ඇමරිකානු කොටි ජාලයයි.

මෙකී පැමිණිල්ලෙන් බෲස්‌ පෙයින් දක්‌වා ඇත්තේ පැමිණිලිකරුවන් තිදෙනාගේ ඉල්ලීම් කොළම්බියා දිස්‌ත්‍රික්‌කය තුළ සිවිල් වරදක්‌ හෝ නොසලකා හැරීම මත පැනනගින බැවින් වගඋත්තරකරු වන (ශ්‍රී ලංකා ජනාධිපති) ක්‍රියා කිරීමේ පෞද්ගලික අධිකරණ බලය කොළම්බියා අධිකරණයට හිමිවන බවයි.

එහෙත් ඇමරිකාවේ තවත් නීතිවේදියකු වන ජෙරි පොන් පවසන්නේ ඇමරිකාවේ එක්‌ ප්‍රාන්තයක පදිංචිකරුවකු වෙනුවෙන් කටයුතු කිරීමට තවත් ප්‍රාන්තයකට අධිකරණයට බලයක්‌ නැති බවයි. කොටි ත්‍රස්‌තවාදීන්ට බ්‍රිතාන්‍ය සමාගමකින් ඩොලර් 22,000 ක්‌ වටිනා සබ්මැරීන් නිර්මාණය කිරීමේ මෘදුකාංග සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කµSර්, මිග් ප්‍රහාරක යානා සහ එම්.අයි.-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා විකාශ කිරීම සඳහා “ස්‌ටේ්‍රලා” ගුවන් යානා නාශක මිසයිල සහ ජී.පී.එස්‌. මෙන්ම රාත්‍රිය විනිවිද පෙනෙන නයිට්‌ විෂන් උපකරණ මිලයට ගැනීමට සැලසුම් කිරීමේ චෝදනාව මත නඩු පැවරී ඇති මයිල්වාගනම් රාමගන් නමැති කැනඩා කොටි ඒජන්තවරයා වෙනුවෙන් පෙනී සිටින්නේ නීතිවේදී ජෙරි පොන්ය.

මයිල්වාගනන් පදිංචිව සිටියේ ඇමරිකාවේ බෙලේවු ප්‍රදේශයේ නිසා නිව්යෝර්ක්‌ අධිකරණයට ඔහු ගැන ක්‍රියා කිරීමේ අධිකරණ බලය නැතැයි ජෙරි පොන් දක්‌වා ඇත. (Mylvaganam’s attorneys had argued that
federal prosecutors of new York had no
Jurisdication over alleged crimes.)

එසේ නම් ලන්ඩනයේ පදිංචිකරුවකුගේ පැමිණිල්ලක්‌ මත ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට එරෙහිව ක්‍රියා කිරීමට කොළම්බියානු අධිකරණයට බලයක්‌ තිබේද? ඇමරිකානු කොටි විරෝධී ආරංචි මාර්ග දක්‌වන අන්දමට බෲස්‌ පෙයින්ගේ කාර්යාලය වෙත මෙරට හිටපු මාධ්‍යවේදිනියක්‌ යෑයි හඳුන්වන කාන්තාවක්‌ විටින් විට පැමිණ මේ සාවද්‍ය නඩුව ගොනු කිරීමට සහාය වී ඇත.

මෙකී නඩුවේ සාක්‌කිකරුවන් කීප දෙනකු ගැන ද සඳහන් කර ඇත. ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාපතිවරුන් වූ ෂවුන් ඩොනලි, පීටර් බර්ලේ, ඈෂ්ලි විල්ස්‌, ජෙප්රි ලන්ස්‌ටඩ්, බී.බී.සී. සේවය, ශ්‍රී ලංකාවේ වත්මන් ඇමරිකානු තානාපතිනි පැට්‌රිෂියා බුටේනිස්‌ සහ සටන් විරාම නිරීක්‍ෂණ කමිටුවේ ත්‍රිකුණාමල නියෝජිත ආතර් ටුවෙයිටන් නමැත්තන් කළ ප්‍රකාශ එකී නඩුවට ඇතුළත් කර තිබේ. මෙම පසුබිම යටතේ බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය පසුගිය 7 වැනිදා ශ්‍රී ලංකාවට එරෙහිව සිය 2 වැනි මෙහෙයුම දියත් කළේය.

මේ මෙහෙයුම සම්බන්ධයෙන් චැනල් 4 හි ජොනතන් මිලර්, ශ්‍රී ලංකාව තවමත් ද්‍රවිඩයන්ට වධහිංසා පමුණුවන්නේ යෑයි යන තේමාව යටතේ ජාත්‍යන්තර ප්‍රජාව වෙත කියා සිටියේ ශ්‍රී ලංකා හමුදාව යකඩ කම්බිවලින් ද්‍රවිඩයන්ගේ පිටවල් පැලෙනතුරු පහරදෙන බවත්ය. (Sri Lanka still torturing Tamils)

ඒ සඳහා ජොනතන් මිලර් “නිමල් සහ මාරන්” යන අන්වර්ථ නම්වලින් හඳුන්වන බොරු සාකකිකරුවන් දෙදෙනකු යොදාගෙන තිබිණි. මිලර් නමැත්තා තවදුරටත් පවසන්නේ මේ දෙදෙනාට බ්‍රිතාන්‍යය විසින් දේශපාලන රැකවරණ දුන් බවයි. (The men I met have now granted asylum in the U.K) එසේම එම දෙදෙනා කොටි සමග සබඳකම් පැවැත්වූවන් බවද මිලර් තවදුරටත් දක්‌වා ඇත. (Both
had past Association will the Tigers)

චැනල් 4 රූපවාහිනියේ මිලර්ගේ ප්‍රකාශයෙන් සනාථ වන්නේ ඔහු වෙත ශ්‍රී ලංකා හමුදාවට එරෙහි ප්‍රකාශ කර ඇත්තේ හිටපු කොටි ත්‍රස්‌තයන් බවයි. මෙලෙස ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩයන්ට වධහිංසා කරන බවට මිලර් විසින් ප්‍රකාශ කර විනාඩි 10 ක්‌ ගතවීමට පෙර ලන්ඩනයේ ප්‍රිඩම් ප්‍රොම් ටෝචර් (Freedom from Torture) නමැති එන්.ජී.ඕ. සංවිධානය වධහිංසාවට ලක්‌වූ ශ්‍රී ලාංකිකයන් ද්‍රවිඩයන් 35 කගේ වෛද්‍ය වාර්තා යෑයි දක්‌වමින් ලිපි ගොනුවක්‌ එක්‌සත් ජාතීන්ගේ බලධාරීන් වෙත ලබාදීමට ක්‍රියා කර ඇත. මේ එන්.ජී.ඕ. සංවිධානයේ සේවය කරන්නේ ද්‍රවිඩ වෛද්‍යවරුන්ය. (Charitys physians are Tamils)

මෙවන් තත්ත්වයක්‌ මැද නොවැම්බර් 8 වැනිදා චැනල් 4 රූපවාහිනිය ශ්‍රී ලංකාවට එරෙහි සිය දෙවැනි සාවද්‍ය වීඩියෝ පටය විකාශනය කළේය.

මෙම වීඩියෝ පටය ද නිර්මාණය කර ඇත්තේ කිලිං ෆීල්ඩ් වීඩියෝ පටය සැලසුම් කළ කැල්ලම් මැක්‌රේ නමැති තක්‌කඩියායි. මෙවර නිර්මාණය කර ඇති වීඩියෝ පටය හඳුන්වා ඇත්තේ යුද අපරාධවලට දඬුවම් නැත යන්නයි. (War
crimes unpunished)

වන්නි මෙහෙයුමේ අවසාන දිනවල සිදුවූ දේ ඇසින් දුටුවන්ගේ සාක්‌කි, ඡායාරූප සහ යුද අපරාධවලට සම්බන්ධ වූවන් ගැන මේ වීඩියෝ පටයෙන් පිළිබිඹු වන බව මැක්‌රේ විසින් පවසා ඇත.

මෙවර ශ්‍රී ලංකාවට එරෙහි වූ 2 වැනි චැනල් 4 වීඩියෝ පටය නිර්මාණය කිරීමට බ්‍රිතාන්‍යයේ අයි.ටී.එන්. රූපවාහිනිය ද සම්බන්ධ වී තිබේ. 2012 නව වසර ආරම්භවීමත් සමගම මේ සාවද්‍ය වීඩියෝ පටය විකාශනය කිරීමට කොටි කොන්ත්‍රාත්තුව මත ක්‍රියා කරන චැනල් 4 රූපවාහිනිය සැලසුම් කර ඇතැයි වාර්තාවේ. චැනල් 4 රූපවාහිනිය ශ්‍රී ලංකාවට එරෙහිව තවත් වීඩියෝ පට නිර්මාණය කරන බව අපි මෙයට හෙළි කළෙමු.

මේ අතර කැනඩාවට ගිය ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්පන්දන් ටොරොන්ටෝ නුවර ශ්‍රී ඉයප්පන් කෝවිලේ ශ්‍රවණාගාරයේදී කැනඩා ද්‍රවිඩ ඩයස්‌ පෝරාව අමතා මෙලෙස ප්‍රකාශ කර ඇත. “අපි දිගු කලක්‌ තිස්‌සේ අරගලයේ යෙදී සිටියෙමු. එහෙත් ශ්‍රී ලංකා රජය අපේ අයිතීන් දීමට ඉදිරිපත් වූයේ නැත. රජය “යුද්ධය” දියත් කළේ කොටි සංවිධානය විනාශ කිරීමට පමණක්‌ නොව ඉල්ලීමක්‌ ඉදිරිපත් නොකරන ලෙස ද්‍රවිඩ ජනතාවට පෙන්නුම් කිරීමටයි. අපි ඇමරිකාවේදී රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන්, කොන්ග්‍රස්‌ සභිකයන්ව හමුවී කරුණු දැක්‌වූවා. අප ඉදිරිපත් කළ කරුණුවලට අදාළ සාක්‍ෂි පවා සැපයුවා. රෝහල්වලට ප්‍රහාර එල්ල කිරීම් සහ අපේ අය මියගිය අය ගැනත් කියා සිටියා. (We are not
only clearly informing about this to the
international community but also
providing them documentry evidence to
validate our arguments)

සම්පන්දන්ලා විදේශගතවී ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ක්‍රියා කරන අයුරු සඳහා තවදුරටත් සාක්‍ෂි අවශ්‍ය නැත.

මෙහිදී ද්‍රවිඩ ඩයස්‌පෝරාව අමතමින් සම්පන්දන් තවදුරටත් පවසා ඇත්තේ අපේ අයිතීන් සඳහා වූ අරගලය තවදුරටත් ක්‍රියාත්මක කරන බවත් එම ඉලක්‌කය වෙත යැමට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය අවශ්‍ය බවත්ය.

සම්පන්දන්ලා මෙලෙස ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ ස්‌වයංපාලනය ලබාගැනීමට විවිධ උත්සාහයන්හි යෙදෙන අවස්‌ථාවේ බ්‍රිතාන්‍ය කොටි ජාලයට රටින් පිටත ඊළාම් සංවිධානය නමැති ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන ව්‍යාජ සංවිධානයේ අගමැති යෑයි හඳුන්වා ගන්නා විශ්වනාදන් රුද්රකුමාරන්ව පන්නා දැමීමේ වැඩපිළිවෙළක්‌ ආරම්භ කර ඇත. මේ සතියේ දිනෙක බ්‍රිතාන්‍ය කොටි ජාලය කළ ප්‍රකාශයේ මෙලෙස සඳහන් විය. “ද්‍රවිඩ ඩයස්‌පෝරාව රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව හා රුද්‍රකුමාරන් කවුද කියා අසනවා. ගතවූ වසර දෙක තුළ රුද්‍රකුමාරන් කළ දෙයක්‌ නැතැයි පැහැදිලියි. ඔහුගේ දේශන වැදගැම්මක්‌ නැහැ. ඔහුට නිසි තොරතුරු ලැබෙන්නේ නැහැ. විද්යුත් ලිපිවලට පිළිතුරු දෙන්නෙත් නැහැ. මොහු නායකයෙක්‌ නොවෙයි. ඔහු යායුතුයි. ද්‍රවිඩයන්ට මඟපෙන්වීමට ඔහු ක්‍රියා කරනු ඇතැයි අපි බලා සිටියා. එහෙත් රුද්‍රකුමාරන් මුළුමනින්ම පරාජිත වූවා. (Rudrakumaran is not a Leader and He must go)

මෙලෙස බ්‍රිතාන්‍ය කොටි ජාලය විසින් රුද්‍රකුමාරන්ට එරෙහිව කැරැල්ලක්‌ ඇති කරන අවස්‌ථාවේ ස්‌විට්‌සර්ලන්තයේ කොටි ජාලය කම්පනයට පත්වන තීන්දුවක්‌ ස්‌විස්‌ පෙරඩල් අධිකරණය විසින් ලබාදී ඇත. මේ තීන්දුවෙන් කියා සිටියේ දේශපාලන රැකවරණ පතා සිටින ශ්‍රී ලාංකිකයන්ව ආපසු යවන ලෙසයි. ස්‌විස්‌ ආරංචි මාර්ග දක්‌වන අන්දමට 2010 දෙසැම්බර් මස අවසානය වන විට ශ්‍රී ලාංකිකයන් 2100 ක්‌ දේශපාලන රැකරණ ඉල්ලා අයදුම්පත් යොමු කර තිබිණි.

ස්‌විස්‌ ෙµඩරල් අධිකරණයේ තීන්දුවෙන් ජිනීවා නුවර සිටින නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ හිටපු ප්‍රධානියා වූ රංජි මල්ලි ද බරපතළ ප්‍රශ්නයකට මුහුණපෑවේය.

ඔහු මෙතෙක්‌ ශ්‍රී ලංකාවට එරෙහිව මෙහෙයුම් දියත් කළේ මේ ව්‍යාජ දේශපාලන සරණාගතයන් සම්බන්ධ කර ගනිමිනි.

මේ අතර නෝර්වේ රාජ්‍යයේ මීළඟ සැඟවුණ න්‍යාය පත්‍රය ප්ලොට්‌ සංවිධානයේ නෝර්වේ ප්‍රධානි සිවරාජන් විසින් අනාවරණය කරනු ලැබීය. “නෝර්වේ රජය ක්‍රෝන් මිලියන 3 ක්‌ (රුපියල් මිලියන 57 ක්‌) මුදල් ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ සංවිධානයට ලබාදෙමින් හිටපු කොටින්ව පුනරුත්ථාපනය කිරීමට ඉදිරිපත්වී තිබෙනවා. කොටි සංවිධානය සමග නෝර්වේ රජය සබඳකම් පැවැත්වූ බවට හොඳම සාක්‌කිය මෙයයි. මොවුන් ප්ලොට්‌, ටෙලෝ සහ අනිකුත් කණ්‌ඩායම් පුනරුත්ථාපනයට සහාය වූයේ නැහැ. එසේම ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය (I.O.M.) ඇත්තේ විදේශගත වන සංක්‍රමණිකයන් ගැන ක්‍රියා කිරීමටයි. ශ්‍රී ලංකාවේ කොටි පුනරුත්ථාපනය සඳහා රජයට මුදල් නොදී සංක්‍රමණික සංවිධානයට අරමුදල් සැපයීම අබිරහසක්‌ යෑයි සිවරාජන් කියා සිටියේය.

මේ අතර රමේශ් නමැති කොටි ඝාතකයාගේ බිරිය වූ වත්සලාදේවි නමැති කොටි ත්‍රස්‌තවාදී කාන්තාව විසින් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව පැවරූ නඩුව වෙqනවෙන් පෙනී සිටි අලි බේදුන් නමැති කොටි හිතවාදියා නිව්යෝර්ක්‌ අධිකරණය වෙත යළිත් පෙත්සමක්‌ ඉදිරිපත් කරමින් මේජර් ජනරාල්ට තානාපති වරප්‍රසාද නැතැයි පවසා ඇත.

අලි බේදුන් විසින් ශවේන්ද්‍ර සිල්වා යුද අපරාධකරුවකු යෑයි ද ප්‍රකාශ කර තිබේ. එසේ නම් ලිබියාවේ හිටපු නායක කර්නල් ගඩාµsව කෲර ලෙස ඝාතනය කිරීමට සහාය වූ ඇමරිකානු ජනාධිපති ඔබාමා සහ රාජ්‍ය ලේකම් හිලරි ක්‌ලින්ටන් යුද අපරාධකරුවන් නොවන්නේද?

මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව පැවරූ නඩුව පසුපස සිටින්නේ ද්‍රවිඩ සන්ධානය යෑයි වාර්තා වී ඇත. මේ පසුබිම යටතේ චැනල් 4 රූපවාහිනිය යුද අපරාධ සම්බන්ධ දඬුවම් නැතැයි යන වීඩියෝ පටය එළිදක්‌වා තිබේ. එහෙත් ගෝතමාලාව, ඇෆ්ගනිස්‌තානය, වියට්‌නාමය, ඉරාකය, බංගලාදේශය වැනි රටවල සිදුවූ යුද අපරාධ සම්බන්ධව දඬුවම් ලැබී නැතැයි ඇමනෙස්‌ටි සංවිධානය ද කියා සිටී. (War crimes –
Unpunished in Guatemala – Afganistan –
Bangaladesh and Vietnam)

චැනල් 4 රූපවාහිනිය මේ යුද අපරාධ ගැන අද වන තුරු වීඩියෝ පට නිපදවා නැත.

මේ තත්ත්වය මැද නොවැම්බර් 14 සිට 23 දක්‌වා කාලය තුළ කැනඩාවේ විශ්වවිද්‍යාල නවයකදී කොටි ඝාතකයන්ව සැමරීම සඳහා කැනඩා රජය ඉඩදී තිබේ.

කැනඩා රජය විසින් කොටි සංවිධානය තහනම් කර තිබියදී කැනඩා කොටි ජාලය ත්‍රස්‌තවාදීන් සැමරීමේ මෙහෙයුම දියත් කර ඇත.

මේ අතර විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන දහයක්‌ විසින් පසුගිය 9 වැනිදා එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් වෙත පෙත්සමක්‌ යවමින් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාව එක්‌සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ඇත.

මොවුහු පැමිණිලිකරු, සාක්‌කිකරු, ජූරිය සහ විනිසුරු ලෙස ක්‍රියා කරමින් මේජර් ජනරාල්වරයා වරදකරු යෑයි තීරණය කර තිබේ. ස්‌පීක්‌, අන්රෝ, සෙන්ටර් 4 හියුමන් රයිට්‌ස්‌, ඉන්ටර්නැෂනල් හියුමන් රයිට්‌ස්‌, හියුමන් රයිට්‌ස්‌ යූ.එස්‌.ඒ., වර්ල්ඩ් එගෙන්ස්‌ට්‌ ටෝචර්, යුරෝපියන් සෙන්ටර් 4 හියුමන් රයිට්‌ස්‌, ට්‍රයල්, කැම්පේන් එගේන්ස්‌ට්‌, සොසෙයිට්‌ 4 ත්‍රෙටන්ඩ් පීපල් යන මේ සංවිධානවල දේශීය නියෝජිතයන් ක්‍රියාත්මක වන්නේ කොළඹය.

මේ අතර “මඩ” වෙබ් අඩවි සම්බන්ධයෙන් රජය පැනවූ තහනම නිසා මෙරට එන්.ජී.ඕ. කල්ලියට බලවත් පාරක්‌ වැදින. ඔවුහු විගස ජාත්‍යන්තර ප්‍රජාව වෙත නිවේදනයක්‌ නිකුත් කළහ.

ශ්‍රී ලංකාවට එරෙහිව එදා සිටම නිවේදන ප්‍රකාශ කළ එකම කල්ලිය ඊට සම්බන්ධ විය. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ජාතික සාම මණ්‌ඩලය, ඉන්පෝට්‌ නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික කණ්‌ඩායම, කාන්තාව හා මාධ්‍ය සාමූහිකත්වය ඇතුළු පිරිසක්‌ ඊට අත්සන් තබා තිබිණි.

මේ එක්‌ අයෙක්‌වත් මිනිස්‌ ඝාතන සිදු නොකරන මෙන් ඉල්ලා ප්‍රභාකරන් වෙත සන්දේශ යවා නොතිබිණි. මේ එන්.ජී.ඕ. කල්ලියේ ඉල්ලීම ගැන රජය ප්‍රතිචාර දැක්‌වූයේ නැත.

මේ අතර පසුගිය සිකුරාදා දහවල් නෝර්වේහි ලීටර් අවුර්ග්‍රසෙට්‌හිදී 2002 සටන් විරාමය ගැන සකස්‌ කළ අධ්‍යයන වාර්තාව ප්‍රකාශයට පත්විය. මේ අවස්‌ථාවට කොටින්ගේ අතිජාත මිත්‍රයා වූ එරික්‌ සෝල්හයිම් ද සහභාගි විය. ව්‍යාජ සටන් විරාමයක්‌ ඇති කිරීමට මුල්වූ මෙරට හිටපු දේශපාලකයෙක්‌ ද එම අවස්‌ථාවට එක්‌වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

One thought on “චැනල් 4 දෙවැනි කුමන්ත්‍රණය”
  1. දෙමළ කම්කරුවන්ට රට බෙදාදී සිංහල රට උන්ගෙයි යයි දේශපාලන අමාරුවට කීමට ගොස් ආණ්ඩුව අස්රන්වී ඇත පුරව්සි බවය නවටත් අහෝස්හි කිරීමේ කාලයට ඇවිත් ඇත සිංහලය නිදා නොසිට ඇහැරිය යුතු කාලයකට පෙලබි ඇත….

Comments are closed.