Spread the News

source:

ඉංග්‍රීසින්ගේ සිංහලයා නැසීමේ කුමන්තරණ

මත්පැන්,මත් ද්‍රව්‍යය, මත් දුම්, පානය කරන්නන් අතර ඉතාමත් ප්‍රසිද්ධ වැකි කිහිපයක් ඇත.
උදහරණ:

  • කබරයා දැමීම- අධික ලෙස  වමනය යෑම

(වමනය යෑම ඕනෑම පුද්ගලයෙකුට ශරීරයට අපහසු කර්යයක් හා ෙසෳඛක්‍යය සම්පන්න කාරණයක් නොවන බැවින් තමාගේම කැමැත්ටට බී වමනය යාමත් ලැජ්ජාවට කාරණයක් වන බැවින් එම කාරණය සමාජයෙන් ආවරණය කරගැනීමට මත් පැන් භාවිතයට හුරු වුවන්  මෙම විශේෂණ පදය යොදා ගනී)

  • ෂොට් එකක් දාමු හෙවත් අඩියක් ගැසීම හා සෙට් වීම- (ඉංග්‍රීසි පදයක් හා සිංහල පදයක් මිශ්‍ර කොටගෙන සකසා ගත් ඉංග්‍රීසි හුරුවට ඇති වචනයකි මෙයින්  මත් පැන් බිම සඳහා ආරාධනා කිරීමක් හා මත් පැන් බිම සඳහා සහභාගී වීමට ආරාධනය කරයි. ඉංග්‍රීසි පදයක් එකතු  කොටගෙන කතා කිරීමෙන් තමා ඉංග්‍රීසි පන්තියට ලැදි පුද්ගලයෙකු වශයෙන් පෙනී සිටීමටත් (හිතින් ආවර්ජනය කරගැනීම)ෂොට් එකක් හා අඩියක් ගැසීම යන වචනය තුලින් යම්කිසි උද්යෝධාත්මක  වීර ක්‍රියාවකුත්, සෙට් වීම යන වචනය තුලින් සතුටට හේතුවන කාරණයකට අඬ ගැසිමකුත් පෙන්නුම් කිරීමට මත් පැන් බොන්න මෙම වචනය භාවිතයෙන් උත්සහා කරයි.
  • දුමක් ගහාමුද- විශේෂයෙන් ගංජා, අබින්,මත් කුඩු වැනි ඉතා භයානක බරපතල ෙසෳඛක්‍යය හා සමාජයමය ප්‍රශ්ණ ගෙන දෙන මත් ද්‍රව්‍යය ඉරීමට, බිමට, යොදාගන්න උද්යෝධාත්මක වචනයකි. දැන් දැන් පාසල් යන වයස් ඇති දරුවන් අතර ද ප්‍රසිද්ධ වචනයකි. මෙය ඉතා බරපතල තත්වයකි දුමේ වෙනස නොදැන පාසල් ළමුන් දුමක් ගැසීමේ අරමුණින් කිනම් හෝ මත්ද්‍රව්‍යයක් බිමට ආකර්ෂණය  කරගැනීමේ බලයක් මෙම වචනයට තිබේ. (මත් පැන් භාවිතයට ගන්නවුන් උපයෝගී කරගන්නා  සමහර වාක්‍යය ඛන්ඩ තරුණයන් හා පාසල් ළමුන් මත් පැන් භාවිතය කෙරෙහි මානසිකව යොමු කිරීමට දිරිදීමක් සිදුකරයි)

මත්පැන් පානය අපහට උගැන්නුවේ ඉංගිරිසි ජාතිකයන්ය ඔවුන් විසින් මෙසේ කලේ සිංහලයාට තිබෙන හිතෙෂි භාවයකට හෝ නැතිනම් සිංහලයා සතුව නොතිබූ ඉංගිරිසින් විසින් සොයාගත් ඉතා හොඳ ෙසෳඛක්‍යය සම්පන්න ක්‍රියාවක්, සිරිතක් හදුන්වා දීමට නොවේ හුදෙක් සිංහලයා විනාශ කිරීමටයි. ඉංග්‍රීසි විසින් කුමන්ත්‍රණ කාරිව කල ක්‍රියාව නොදැන අදටත් තම ජාතියේ අනාගතය නොතකා විශාල සිංහලයන් ප්‍රමාණයක් උපන් ශිෂ්ටාචාරයත්, සමාජයත් තම ෙසෳඛක්‍යයත් , ඉදිරි පරම්පරාවේ ජාන ද විකෘර්ති වන අන්දමින් තම බේබදුකම  සිදුකරමින් තම ජාතිය වලපල්ලට ඇද දමයි. සිංහලයාගේ බිමේ පුරුද්දේ පසු පස ඇති හේතු සාධකය වර්තමානයේ ප්‍රසිද්ධියක් නොමැති නමුත් අතීතයේදී මෙම සිංහලයා බේබද්දන් කිරීමේ කුමන්ත්‍රනය හදුනාගත් උගතුන් හා ජාති හිතෙෂින් කල ප්‍රකශ කිහිපයක් දෙස හැරී බලමු. බේබදුකම පැතිරීම සමගම ආගම් මාරුවද එකට වේලි තිබී ඇත.

  • යුරෝපිය පාදිලිරාරලා අනුව යන ක්‍රිස්තියානි සහෝදරවරුනි, අප රට සිංහලයන්ට පැමිණ තිබෙන විපත්ති බොහෝයි . එ නම් මත් පැන් පානය කිරීම, ශිල්ප කර්මාන්ත නැතිකමින් දුගීව සිටීම, ඒ නිසා චෟරකම් කිරීම, එයට දඩුවම් ලැබ බන්ධනාගාරවල දැමීම යනාදියයි. මනික්‍යරත්නයක් බඳු වූ අපේ චාරිත්‍ර ඉගෙන ගෙන රටට ජාතියට ප්‍රේමයෙන් ක්‍රියා කරනු. සුද්දා අප රටට වී වර්ෂ සියයක් ගත විය. මේ කාලය තුළ කර්මාන්තාදී යම්කිසි ක්‍රියාවක් අපට නුගන්වා අබින්, අරක්කු, විස්කි, බ්‍රැන්ඩි, බොන්ට ද ගොඝාතක සුකරඝාතකයන් කරවා අපට මහා විනාශද මේ පරදෙශිකයා විසින් පමුණුවනු ලැබ තිබෙයි. සිංහල ජාතිය වර්ෂ 2358 ක් මේ ලංකාව නිසා සාගරය පරදවන්න ලේ පුජා කර තිබේ. සිංහලයනි, යුරෝපියන් ගෙන් අපට ක්ශාන්තියක් මේ තෙක් ලැබී නැත. අප අතර සමගිය නැති කරන්නට යුරෝපියන් කටයුතු කරනු ලැබේ. ඕලන්ද කාලයේ අරක්කු විකිනීමට තිබුනේ නැත. පළමු වැනි වරට මත් පැන් බිම පුරුදු කරන්නට මාර්ග තැනුවෝ ඉංග්‍රීසිසීහු ම ය. වසල සුත්‍රයේ පෙනෙන අන්දමට මත් පැන් පානය කරන්නා ද කරවන්නාද වසලයන් හැටියට ගණන් ගෙන තිබේ.වර්ෂ 2358 ක් කිසි මත් පැන් වර්ගයක් පානය නොකර සිටි සිංහල ජනකාය නැති කරන්නට කට යුතු කළෝ අපට හිතැති සර්වසාධාරණ ඉංග්‍රීසි ජාතිකයෝය. අදායම වැඩි කරගැනීමට මේ සේ කරන්නට ඕනෑය යි පත්‍රයේ ප්‍රසිද්ධ වූ ලියවිල්ලෙන්ද පෙනේ. වීර වික්‍රකමකම් කළ සිංහලයන් ගේ ජාතභුමිය වූ ශ්‍රී ලංකා ද්විපය දෙමළ, ජා, චීන, පරංගි, ඕලන්ද, යන ජාතීන්ගෙන් ආරක්ෂා කරගත් නුමුත් මත් පැන් පොවා අසුරයන් දමනය කළ ශක්‍රයා මෙන් මත් පැන් නැමති විෂ බොන්නට දී සිංහලයන් නැති කිරීමට ඉංග්‍රීසි නිලධරයෝ ක්‍රියාරම්භ කළෝය. ක්‍රමයෙන් ගමක් පාසා අරක්කු බිම වර්ධනයට කට යුතු ය යි ඒ ඉංග්‍රීසි ලියවිල්ලෙන්ද පෙනේ.

අනාගාරික ධර්මපාල තුමා 1911දෙසැම්බර් මස 23

ඉංග්‍රීසි ලියවිල්ල :

‘Cannot here omit mentioning that if Government could be induced to extend the arrack rent throughout the country by degrees it would be attended with good consequences and in time be productive of a considerable revenue’

Ceylon Literary Register, p, 399, Vol. I, 1886

  • විදේශ වලට යවන මිෂනාරිවරුන් හා බයිබල් පොත් සම ගමම ඊට වැඩියෙන් මත් පැන් බෝ තල හා වෙඩි උණ්ඩ යවනු බව පෙනේ. මුලින් කි ද්‍රව්‍යයෙන් සිතත් දෙවනුව කි දෙයින් සිරුරත් වනසනු පිණිසය.
    ඒ.යි බුල්ජන්ස් මහතා 1886

සිංහලයා නැසීමේ කුමන්ත්‍රණ ගැන  දැන දැනත් ඒවා අපි විසින්ම නොයෙකුත් ක්‍රම වලින් හැඩගන්වා රාජ්ජය මට්ටමින්ද, ගම් මාන මට්ටමින්ද,පුද්ගලික මට්ටමින්ද හා තවද නොයෙකුත් ඔල මොට්ටල කම්වලින්ද හැඩගන්වා (ෂොට් එකක් දාමු, කබරයා දැම්මා, මාර ආතල් එක,දුමක් ගහාමු යනාදී දැ ද  )  උසුළු විසුළු කොට බිවු වත්  මැරෙනවා නිකන් හිටියත් මැරෙනවා කියාගනිමින් වීර්ය කොට හෝ අතහැරිය යුතු සුරා පානය අඩියක් ගහමු, දුමක් බොමු, සෙට් වෙමු යැ යි  කියා ගනිමින් බොරු ප්‍රෝඩා කර ආරක්ෂා නොකර පෙර ආගම් මාරුවත් සමගම සිංහලයා නැසීමේ දීර්ඝ කාලින කුමන්ත්‍රනයක් වශයෙන් ආ මත් පැන් රකුසා ගැන සැබෑ තතු හෙළි කොටගෙන කාලය අපතේ නොහැර ඉන් මිදී අනාගතයේ බිහිවෙන,දැනට අප ජාතිය සතුවෙන නිර්මල දරුවන් රැක අධිස්ඨානය කරගමු, සාදයට, සාජ්ජයට, නැටීම, වැයීම, ගීතයට මත්පැන්,මත් ද්‍රව්‍යය, මත් දුම්, උවමනා නැත. ගත සිත දෙකම නසන මත්පැන්,මත් ද්‍රව්‍යය, මත් දුම් ගමේන්  හා රටේන්  තුරන් කර රැ වැටුන වලේ දවල් නොවැටී සිටින එකම ජාතිය අපි වෙමු !

ඔබගේ මතකයට :

ඉංග්‍රීසින් විසින් විදේශ රටවලට විශේෂයෙන් යැවු දැ..

  • මිෂනාරීන් (ආගම් මාරුව සඳහා )
  • බයිබලය (ආගම හදුන්වාදීම සඳහා)
  • වෙඩි උණ්ඩ (සොල්දාදුවන් සහ ඒජන්තලා සමග රට යුද්ධ කොට ඇල්ලීම සඳහා)
  • මත පැන්(ආදයම වැඩිකර ගැනීමට හා විශේෂයෙන් සිංහලයා නැසීමට )

පාලිත ආරියරත්න
ප්‍රචාරක ලේකම්
ජාතික බෞද්ධ බලවේගය