අවතැන් වූ පවුල් දෙලක්‍ෂ දහසය දහසක්‌ උ/නැ දෙපළාතේ පදිංචිකර අවසන්

Spread the News

අවතැන් වූ පවුල් දෙලක්‍ෂ දහසය දහසක්‌
උ/නැ දෙපළාතේ පදිංචිකර අවසන්

source:
ඇමැති ගුණසේන වීරකෝන් කියයි

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඥනතිස්‌ ජයවර්ධන – බොරලැස්‌ගමුව

මෙතෙක්‌ උතුරු නැගෙනහිර දෙපළාතේ අවතැන් වූවන් නැවත පදිංචිකරන ලද මුළු ප්‍රමාණය පවුල් දෙලක්‍ෂ දහසය දහස්‌ හාරසිය දොළහක්‌ (2,16,412) ක්‌ බවත්, ඒ අනුව පුද්ගලයන් හත්ලක්‍ෂ විසිහතරදහස්‌ දහතුනක්‌ (7,24,013) ක්‌ ඔවුන්ගේ මුල්ගම් බිම්වල නැවතපදිංචි කිරීමට හැකිවී තිබෙන බවත් නැවත පදිංචි කිරීමට හැකිවී තිබෙන බවත් නැවත පදිංචි කිරීමේ ඇමැති ගුණරත්න වීරකෝන් මහතා පැවැසීය.

අමැතිවරයා මෙම අදහස්‌ පළ කළේ උතුරු නැගෙනහිර පළාතේ අවතැන් වූවන් නැවත පදිංචි කිරීම පිළිබඳ අලුත්ම තත්ත්වයක්‌ දැනුවත් කිරීමේ මාධ්‍ය හුමවේදීය.

ඊයේ (02 වැනිදා) නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේද කීය.

මේක ෙdල්හ ඉතිහාසයේ ඉතාම කෙටි කාලයක්‌ තුළ අවතැන් වූ ජනතාවගේ පූර්ණ සහභාගීත්වය ඇතිව සිදුවුණු විශේෂ වැඩපිළිවෙළක්‌. මෙය මුළු ජාත්‍යන්තරයටම ආදර්ශයක්‌ සපයනවා.

උතුරේ අවතැන් වූ ජනතාවගෙන් දැනට වව්නියාව, කදිරගාමර් හා ආනන්ද කුමාරස්‌වාමි සහන ගම්මානවල සිටින පවුල් එක්‌දහස්‌ නවසිය හැටහතක පුද්ගලයන් හයදහස්‌ පන්සිය හැට නවයක්‌ මුලතිව් දිස්‌ත්‍රික්‌කයට අයත් පිරිස වන අතර ඒ අය කොම්බාවිල් ප්‍රදේශයේ නැවත පදිංචි කිරීමට අමාත්‍යංශය කටයුතු යොදා තිබෙනවා. මීට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන පන්සිය තිස්‌පහක්‌ වෙනවා.

එමෙන්ම සාම්පූර් ප්‍රදේශයේ තවත් පවුල් එක්‌දහස්‌ දෙසිය හැත්තෑ දෙකක්‌ නැවත පදිංචි කිරීමට සිටින අතර එම පිරිස නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ සඳහා රජය රුපියල් මිලියන හාරසිය හතරක මුදලක්‌ වෙන්කර තිබෙනවා.

ඒ වගේම මන්නාරම දිස්‌ත්‍රික්‌කයේ සිටින පවුල් එකසිය හැටහයක්‌ නැවත පදිංචි කිරීම සඳහා රුපියල් මිලියන පනස්‌ නවයක මුදලක්‌ වෙන්කර තිබෙනවා.

නැවත පදිංචි කිරීමේ වැඩ පිළිවෙළ සියයට අනූඅටක්‌ අවසන් වී තිබෙනවා. මේ අනුව ඉතිරි පිරිස නැවත පදිංචි කිරීමත් සමග අප රටේ සහන ගම්මාන හා සහන කඳවුරු සියල්ලම වැසී යනවා. ත්‍රස්‌තවාදය අවසන් කොට සාමය උදා කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මහින්ද චින්තන වැඩපිළිවෙළෙහි තවත් පොරොන්දුවක්‌ ඉටුවෙන දවසක්‌ බවට මේකත් ඒ අනුව පත්වෙනවා.

උතුරු පළාතේ නිවාස දහසේ ව්‍යාපෘතිය අනුව දැනටමත් නිවාස හාරසියයක්‌ ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. මීට අමතරව නැගෙනහිර පළාතේ විනාශ වූ එකසිය අනූ එකක්‌ ප්‍රතිසංස්‌කරණය වෙමින් පවතිනවා. ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 31.7 ක්‌ වෙනවා.

කොම්බාවිල් ප්‍රදේශයේ පවුල් හයසිය හතලිස්‌ එකක්‌ නැවත පදිංචි කිරීමට දැන් කටයුතු යොදලයි තිබෙන්නේ. ඒ අනුව අපි මේ මස හත්වැනිදා පවුල් දෙසීයක්‌ නැවත පදිංචි කරනවා.

නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් රකැණා අම්මාන් මහතා මෙසේ කීය.

නැවත පදිංචි කටයුතු දැන් සියයට අනුවක්‌ අවසන් වෙලයි තිබෙන්නේ. මෙතෙක්‌ සිදුකර ඇති නැවත පදිංචි කිරීමේ කටයුතු අපි ඉතා සාර්ථක අයුරින් අවසන් කළා. ජාත්‍යන්තර වශයෙනුත් මේ මානුෂික කටයුතු ගැන පැසසුමට ලක්‌ වෙලා තිබෙනවා.

මෙම අවස්‌ථාවට අමාත්‍යංශ ලේකම් එම්. එච්. බන්දුසේන මහතා ද සහභාගී විය.