දෙමළ සන්ධානය සමඟ සාකච්ඡාවලින් රජය මගහැර යැමට හදනවා

Spread the News

දෙමළ සන්ධානය සමඟ සාකච්ඡාවලින්
රජය මගහැර යැමට හදනවා

පියසේන දිසානායක source:

උතුරට දේශපාලන විසඳුමක්‌ ඇතිකර ගැනීම සඳහා දෙපාර්ශ්වය අතර පැවැත්වෙන සාකච්ඡාවලින් මඟහැර යැමට රජය උත්සාහ ගන්නා බවට දෙමළ ජාතික සන්ධානය චෝදනා කරයි. ජනවාරි මාසයේ දී දෙමළ ජාතික

සන්ධානය හා රජය අතර සාකච්ඡාවට තැනක්‌ නියම කර ගෙන තිබුණද ඒ එකම සාකච්ඡාවකටවත් රජය සහභාගි නොවූ බව එම සන්ධානයේ පාර්ලිමේස්‌තු මන්ත්‍රී එම්. සුමන්තිරන් මහතා පවසයි.

කෙසේ නමුත් ඵලදායී සාකච්ඡාවක්‌ සඳහා රජය ආරාධනා කරනු ඇතැයි සිය සන්ධානය තවමත් බලාසිටින බවත් එම සාකච්ඡාවේදී ඇතිකර ගන්නා එකඟතාව මත පාර්ලිමේන්තු කාරක සභාවට නියෝජිතයන් නම් කිරීම පිළිබඳව තීන්දුවක්‌ ගන්නා බවත් හෙතෙම කීය.

දේශපාලන විසඳුම් සම්බන්ධව රජය සමඟ එකඟතාවක්‌ ඇතිකර නොගෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට හෝ සර්වපාක්‌ෂික සමුළුව සහභාගී වීමෙන් ඵලක්‌ නොවන බව සුමන්තිරන් මහතා පවසයි.

දේශපාලන විසඳුමක්‌ සම්බන්ධව රජය එක්‌ ස්‌ථාවරයක සිට කටයුතු කළ යුතු වුවත් අවාසනාවකට මෙන් ඉන්දියාවට එක්‌ මතයකුත්, ශ්‍රී ලංකාවට තව මතයකුත් රජය ප්‍රකාශ කිරීම කනගාටුවට කරුණක්‌ බව හෙතෙම වැඩිදුරටත් කීය.

One thought on “දෙමළ සන්ධානය සමඟ සාකච්ඡාවලින් රජය මගහැර යැමට හදනවා

Comments are closed.