Spread the News

මඩකලපුවේ බෞද්ධ සිද්ධස්‌ථානයක්‌
ඉදිකිරීමට ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී විරෝධය

කල්මුණේ source:

මඩකලපුවේ පට්‌ටිපලයි ප්‍රදේශයේ කච්චකොඩි සුවාමිමලයි ප්‍රදේශයේ බෞද්ධ සිද්ධස්‌ථානයක්‌ ඉදිකිරීමට ගන්නා පියවර වහාම නතර කරන්නැයි මඩකලපුව දිසාපතිගෙන් මඩකලපුව දිස්‌ත්‍රික්‌ ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. අරියනේන්ද්‍රන් මහතා ඉල්ලා ඇත.

මෑත කාලයේ සිට මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ ද්‍රවිඩ ජනතාවගේ පාරම්පරික ඉඩම් වෙනත් පිරිස්‌ විසින් බලහත්කාරයෙන් අල්ලා ගන්නා බව ද එහි සඳහන් වෙයි. පට්‌ටිපලයි ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ කච්චකොඩි සුවාමිමලයි ප්‍රදේශයට පැමිණි භික්‍ෂුන්වහන්සේ නමක්‌ හා තවත් පිරිසක්‌ එම ප්‍රදේශයේ බෞද්ධ සිද්ධස්‌ථානයක්‌ ඉදිකිරීමේ කටයුතුවල නියෑලී සිටින බවට ජනතාව දන්වා ඇති බව ද ඔහු පවසයි.

පසුගිය සතියේ හමුදාව සමඟ වෑන් රථයකින් පැමිණි භික්‍ෂූන්වහන්සේලා පිරිසක්‌ මෙම ප්‍රදේශය නිරීක්‍ෂණය කර එම ස්‌ථානය එළි පෙහෙළි කිරීමේ නිරත වී ඇති බව ද මෙම ප්‍රදේශය පාරම්පරිකව ද්‍රවිඩ ජනතාව ජීවත් වූ ප්‍රදේශයක්‌ බව ද අරියනේන්ද්‍රන් මහතා දන්වා සිටී.

එම නිසා මේ කටයුත්ත නතර කිරීම සඳහා වහාම පියවර ගන්නැයි ඔහු එමගින් දිසාපතිවරයාගෙන් ඉල්ලා ඇත.