Spread the News

දිවා ආහාරය විෂවී හිමිවරු
දෙනමක්‌ ඇතුළු 7 දෙනෙක්‌ රෝහලේ

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු source:

අනුරාධපුර නගරයේ සිංහ කුළුණ අසල පිහිටි විහාරස්‌ථානයකදී ඊයේ (20 දා) දවල් ආහාර විෂවීමකින් දැඩි ලෙස රෝගාතුරවූ එහි විහාරාධිපති හිමියන් ඇතුළු හත් දෙනෙක්‌ ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‌ෂණ රෝහලට ඇතුළත් කර සිටිති. විහාරාධිපති හිමියන් විහාරවාසී හිමි නමක්‌ පිරිමි තිදෙනෙක්‌ සහ කාන්තාවන් දෙදෙනකු මෙලෙස රෝගාතුරවී ඇති බව මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වන අනුරාධපුර පොලිසියේ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

මෙලෙස ආහාර විෂවූ හිමිවරුන් දෙනම හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කොට ඇති බව අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු කීය.

රෝගාතුරවූවන් මාතර හා මීරිගම ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.