Spread the News

ආගමික ශාස්‌තෘවරුන්ගේ සේයාරූ සහ
ජාතික කොඩියේ රුව සහිත
“එයාර්  ප්‍රේස්නර් ” වෙළෙඳපොළේ

එජාප මන්ත්‍රී අජිත් පී. පෙරේරා කරුණු හෙළිකරයි

අජිත් අලහකෝන් – අකිත පෙරේරා source:

බුදුරජාණන් වහන්සේගේ, ක්‍රිස්‌තුස්‌a වහන්සේගේ රූප සහ ජාතික කොඩිය සහිත “එයාර් ප්‍රේස්නර් ” බණ්‌ඩාරගම වෙළෙඳ සලක අලෙවි කිරීමට තිබියදී තමන්ට හමුවූ බව කළුතර දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා ඊයේ (21 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

බුදු හිමියන්ගේ රුව සහ ජාතික කොඩිය සහිත එම “එයාර් ප්‍රේස්නර් ” දෙකක්‌ සභා ගර්භයේ දී ප්‍රදර්ශනය කළ මන්ත්‍රීවරයා මෙම “එයාර් ප්‍රේස්නර් ”  කට්‌ටලවල ඇති බුද්ධ රූපයත්, ජාතික කොඩියත් දවසින් දවස කොටස්‌ හතකට සතියක්‌ තුළ කැපිය යුතු බවත්, එසේ කපද්දී ඉන් සුවඳක්‌ වහනය වන බවත් ප්‍රකාශ කළේය.

මේ ආකාරයට ක්‍රිස්‌තුස්‌ වහන්සේ රූපය සහිත “එයාර් ප්‍රේස්නර් ” වෙළෙඳ නියෝජිතයකු විසින් මෙම වෙළෙඳසලට ගෙනැවිත් ඇතත් එහිදී ඇතිවූ යම් සිද්ධියක්‌ නිසා එම පුද්ගලයා පළාගොස්‌ ඇතැයිද කීය.

මෙම “එයාර් ප්‍රේස්නර් ” කට්‌ටලවල ඒවා බෙදාහරින පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේ සමාගමක ලිපිනය සඳහන් බවද අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

මේ අවස්‌ථාවේදී මුලසුනේ සිටි ඒ. එම්. එම්. අස්‌වර්Êමහතා ද කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතාද එජප මන්ත්‍රීවරයා අත තිබූ “එයාර් ප්‍රේස්නර් ” කට්‌ටල ගෙන්වා පරීක්‌ෂා කර බැලූහ.

මේ පිළිබඳව රජයේ අවධානය යොමුකරන බවද පරීක්‌ෂණයක්‌ පැවැත්වීමට පොලිස්‌පතිවරයාට උපදෙස්‌ දීමට කටයුතු කරන බවද මුලසුනේ සිටි අස්‌වර් මහතා ප්‍රකාශ කළේය.

මෙම පරීක්‌ෂණය සඳහා තමන් සතුව ඇති සියලු තොරතුරු ලබාදීමට අජිත් පී. පෙරේරා මහතා එකඟ විය.