Spread the News

බටහිර බලවේගවලට ජිනීවා සමුළුව බිලි නොදෙන්න
– යුරෝපයේ ශ්‍රී ලාංකිකයෝ 28 දා විරෝධතාවේ

කීර්ති වර්ණකුලසූරිය – ජිනීවා නුවර සිට
source:
එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව බටහිර බලපෑම්වලට බිලි නොදෙන්නැයි ඉල්ලමින් යුරෝපයේ සිටින ශ්‍රී ලාංකිකයෝ මෙම මස 28 වැනිදා ජිනීවා මානව හිමිකම් සමුළුව ඉදිරියේ දැඩි විරෝධතාවක්‌ පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා ජර්මනිය. ඉතාලිය හා ස්‌විට්‌සර්ලන්තය යන රටවල ශ්‍රී ලාංකිකයන් සහභාගි වීමට නියමිතය.

මෙහිදී කොටි ජාත්‍යන්තර ජාලයේ න්‍යායපත්‍රය ඉවත් කරන ලෙස ඉල්ලමින් මානව හිමිකම් කොමසාරිස්‌ නවනීදන් පිල්ලේ මහත්මිය වෙත සංදේශයක්‌ භාරදීමටද පියවරගෙන ඇත.