වෙනත් රටක් ඇල්ලීමට ගොස් සර්ව සාධාරණ මරණ අපේක්ෂා කිරීම ලෝක මෝඩකමකි

Spread the News

වෙනත් රටක් ඇල්ලීමට ගොස් සර්ව සාධාරණ මරණ අපේක්ෂා කිරීම ලෝක මෝඩකමකි

  • සිංහලයන් මර නින්දේය. ආගමික ගුණ්ඩුව වෙනුවට සර්වාගමික ගුණ්ඩුව ද මෙරට රජයමින් තිබේ.
  • යුද්ධයෙන් පසු සැබෑ සාමය ඇතිවුණි එහෙත් ඒ ජිවිත පුජාවෙන් දිනාගත් සාමය පසෙකලා සර්වාගමික සාම යුද්ධයක් ඇති කොට ‘සාමය මුවාවෙන්’ යන තේමාව යටතේ උඩුදුවන සාම පිස්සුව කවදා කොතනකින් ඉවරවෙදෝ යයි ද අපි නොදනිමු.
  • යුරෝපා දේශයේ නටන බාල් එම ආකාරයෙන්ම නැටීමට අප සමත්ය දිනපතා විකාශනය වෙන රුපවාහිනී වැඩසටහන් නැරබීමෙන් ද දැනගත හැකිය.
  • හිමින්සිරුවෙන් ටිකෙන් ටික සිංහල බෞද්ධයන් අසරණ කිරීමට විවිධ කොමිෂන් සභා ඇතිකර තිබේ.
  • රටට ආගන්තුකව ආ පිරිස් වෙත වැඩි සහනද සිංහල අපිට අසහනද ඉදිරියේදී ඇතිවන අන්දමින් බලපෑ හැකි නිර්දේශ රාශියක් කොමිසම් වල ඇත.
  • කොමිසම් නිර්දේශ ක්‍රියාත්මක නොවුණොත් යුරෝපය හා ඇමෙරිකාව තවත් පැටලීල්ලක් අප හා සාදා ගැනීමට තරම් ඇති උවමනාව ක් ඇතිවීම කෙරිහි අප විචක්‍ෂනව බැලියයුතුය.
  • ආගමික හෝ අන්තර් ජාතික වාසියක් නොමැතිව යුරෝපා රටවල් හෝ ඇමෙරිකාව නිකරුණේ කිසිවකටත් පැටලීමට කාලය ගත නොකරන බව සිංහල අප දැනගත යුතුය.
  • බටහිරයන්ට අදායම හෝ දේව රාජ්‍ය පැතිරවීමේ නිරන්තන ආශාවක් ඇති බව ලොව වෙනත් රජ්ජ්යන් කෙරහි ෛදණිකව සිදුකරන අලුගොත්‍රකම් වලින් වුවද විමසා බලාගත හැකිය.

(දැන් මාතෘකාවට හැරෙමු ): විවිධ කොමිසම් සභා වාර්තා අපරට තුළ ලේඛන ගතවී ඇත රටට ආ ආගන්තුකයන් වැඩි පිරිසකට මෙම ලේඛන ඉතාමත් හොදය නමුත් සිංහල අපටනම් කොමිසම් යනු යුද්ධයට පසු කැලේ හිටිය නයින් ටිකක් මල්ලේ දාගැනීමට උත්සහා කිරීමක් බඳුය. ඊට ප්‍රධානම හේතුවන්නේ හොරාගේ අම්මාගෙන් පේන ඇසීම නොකළයුතු කාර්යක් නිසාය. මහා අවිර, මහා ෛවයිර වේලු පිල්ලේ මියගියේය. නමුත් දැන් ගැණු පිල්ලේලාලා (නවනීදන් පිල්ලේගේ හා බෑන් කි මුන්ගේ හා දරුස්මන්ගේ කණ්ඩායම) උඩුබුරති විටෙක උගත් පාඩම් කොමිසම හොඳාද කියාද තවත් විටෙක මදිය කියාද කියති. හොරාගේ අම්මගේ හැටි එසේය. අවියෙන් බෝම්බයෙන් දිනාගත නොහැකි වූ අප රට කොමිසමෙන් පොත පතින් ලියාගැනීමට වෙරදරති. වෙලුපීල්ලේලා, මහා අවිර, මහා ෛවයිරලා මගින් ඝාතනය කල නොහැකිවුණ සිංහලය බටහිර ගුණ්ඩු මගින් නැවැතත් ග්‍රහණය කිරීමට හොරාගේ අම්මලා, අප්පුචිලා(බටහිර රටවල්) කල් යල් බලති. මේවාට කත් අදින ශ්‍රීලන්කන් ගොන්නුද රාශියක් අප රට තුල සිටිති(කළු සුද්දෝ ) එය අප ජාතියක් වශයෙන් කණගාටු වීමට කාරණයක් බව දන්වා සිටින්නෙමු.

සිංහල අප දන්නා කාරනයනම් විජාතින්ට අනවශ්‍ය සහන ලබාදීම තුළින් මුළු සිංහලයම බරපතල අකරතැබ්බයකට මුහුණ දී ඇතිබවය.

ආගන්තුක නමුත් තම දරුවන් වැනියි කියා ආගන්තුක ළමුන් පිරිසකට පැණිරස කැවීමට තිබු මහා ජාතියේ පියාගේ ෛදනික කැමත්ත වටහා ගත් පොඩි ළමුන් රෑන කපටිකම් මවාගෙන ටිකෙන් ටික පියාගේ මුදල් පසුම්බිය ද උදුරාගෙන පියාගේ ඉඩමද අල්ලාගෙන පොලු මුගුරුවලින් පහරදී තම කරුණික මහජතික පියාණන් මැරීමට නොහැකි කල්හි බැණ වැදි, ලයගිනි අවුළුවා, අත්බෝම්බයෙන්ද, ගිනි අවියෙන්ද ඔහුව ඝාතනය කිරීම සර්ව සාධරණද? මෙසේ තම ජාතියේ කාරුණික පියෙකු විජාතික දරුවන් අතින් ඝාතනය වෙද්දී, පලවා හරිද්දී එය දුටු අසාධාරණය නොවිසන සටන් කාමි හෝ බලවත් හෝ විරෝධාර පුතුනුවෙකු මහා ජාතියේ පියාගේ ඉඩමද, ජිවිතයද, අකාරුණික සුළු ජාතික දරුවන් අතින් විනාශවෙන ඔහුගේම පන්තියට අයත් දරුවන්ද(ත්‍රස්ත වාදීන් මිනිස් පලිහක් වශයෙන් කොටුකරගෙන සිටි පිරිස් )වැඩිමනක් බේරාගැනීම හා අවිගෙන සටන් කල ත්‍රස්ත නරුමයන් ලොවින් තුරන් කර ඇරීම මානව හිමිකම් කැඩීමක් ද? නැත එය උදාර ක්‍රියාවකි.

බටහිර සිට ක්‍රියාත්මක වන විවිධ අලුගෝසු යාන්ත්‍රණයන් තිබේ. මේවා විවිධ ලියාපදිංචි ලෝක සංවිධාන නාමයන් යටතේ පෙළ ගැසී ඇති බව කවුරුත් දැනගත යුතුය. ලිබියාවට, ඉරාකයට සිදුවූ අසාධාරණකම් මානව හිමිකම් කැඩීමක් නොවේද?. සිවිල් වැසියන් සිටින ස්ථානවලට මානුෂික ආධාර ලබාදෙනවා කියා ගුවනින්, දියයටින්, ගොඩබිමෙන් නේටෝව බෝම්බ දැමීම සාධාරණද?. තම රටේ බල සිමාවෙන් පිටත ගොස් අල්ලපු රටවල සිටින රාජ්‍ය නායකින් මාර දැමීම නේටෝවට සාධාරණම් තම රටේම සිටින ලොව ප්‍රබලම ත්‍රස්ත නායකයා මරාදැමීම සිංහල අපට කල හැකි සර්ව සාධාරණ ක්‍රියාවකි. එබැවින් චැනල් හතර වැනි (channel 4) හතරබීරි කතා ගොතන ගොන් කතා ලියන හදන දේ අප පසෙක ලා හැරිය යුතුය. ඒ වගේම මේවා සම්බන්ධයෙන් ක්‍රියා කරන පුද්ගලයන් මේවට තොරතුරු සපයන පුද්ගලයන් කවුරුදැයි විමසා බලා අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළයුතුය. පිරි බහාරන්ගේ පුතා මියගිය බව සත්‍යකි ඔහුව ආරක්ෂා කිරීමට වෙනම අවිගත් ත්‍රස්තයන් කණ්ඩයමක් සිටි බව channel 4 විඩියෝව නැරබීමෙන් දැනගත හැකිය තවද අවිගත් ත්‍රස්තයන් පිරිසක් ළමා සොලදාදුවන්ගේ වයසේ ළමයෙකු සමග ඉදිරයට එන විට ඉදිරයට යන සොල්දාදුවන් කළයුතේ භාවනා කිරීමද නැතොත් හැකි ඉක්මනින් පහරදී මැඩ පැවැත්වීමද. කරුමයකට ඔහු මියගියේ තමාගේම පියා විසින් ඇතිකළ යුධයෙන්ය.

කොටියන් විසින් කිලිනොච්චිචි ගම්මානය තම පාලන භූමියක් වශයෙන් පවත්වාගත් කාලයේදී දෙමළ ළමුන්ට ස්වන්ක්‍රිය අවිගැන පුහුණුවක් ලබාදීමට පෙර මෝහතක් මෙහි සිටින හමුදාමය ඇදුම් ඇදගත් ත්‍රස්ත වාදිය අසලම සිටින ළමයා ස්වරුපයෙන් මියගිය කොටිනායකාගේ පුතාට සමාන කමක් ඇත.

(සමහරවිට තම පියා සිංහල දේශය විනාශ කිරීමට හා අල්ලාගැනීමට තම නිවසේ සිට කතා බහා කල හැටි හා එම කතා සාධාරණද අසාධාරණද කියාද කල්පනා කර තිබීමට ඉඩ තිබේ. තවදුරත් තම වැඩිමල් සොහොයුරු කල කෲර සටන් ගැන ද වීරත්වයක් ඇතිවී තිබෙන්ට ඇත. ඒවගේම ඔහුගේම වයසේ ළමා ළපටියන් ඝාතනය කරන ඔහුගේ පියා එම කාරණා සම්බන්ධයෙන් ජය පැන් බොනවිට ඔහු කණගාටු වුවාද විය හැකියි. අපි මේවා නොදන්නෙමු.)

ඔහුගේ මියයාම පමණක් උත්ධෘත කට සලකන අන්තර් ජාතික හා කොටි ප්‍රජාවගෙන් අසා සිටින්නේ මෙම පිරිබාහරන් නැමති ත්‍රස්තයා විසින් ඝාතනය ට ලක්කළ කිරිදරුවන්, පාසල් දරුවන්, අතදරුවන්, දහස් ගණනක් ගැන පවසන්නේ කුමක්ද කියායය.

කැබිතිගෝල්ලැව ඝාතනය එල් ටි ටි ය විසින් කළ ප්‍රහාරයක් 15 June 2006

පිරිබාහරන් ගේ පුතා මියගියයේ යුද්ධ භූමියක සිටය.එය කොයි ළමයෙකුට වුවද අත්විය හැකි මරණයකි. නමුත් තමන් මවගේ කිරි උරාබොමින් සිටියදී හෝ පාසලට යන අතර තුරේදී හෝ තම නිවසේ රාත්‍රියේදී අවි ආයුධ නොමැති අසරණ දෙමවුපිය රැකවරණයේ සිටියදී විදේශ වැසියන් විසින් සාදාගත් ත්‍රස්ත කණ්ඩායමක් විසින් ඝාතනයට ලක්වීම මහා පොළවද නුහුලන අපරාධයකි. එය දේශ මාමක සිංහලයන් නොවිසනා කාරණයක්ද වේ.

දැන් යුද පිටියේ ඇතිවුණ නිරුවත් කිරීම් දෙස හැරෙමු. නිරුවත බටහිර ජාතීන්ට සාමාන්‍ය දෙයකි. නිරුවතින් සමාජයේ ප්‍රසිද්ධියේ හැසිරීම එය ඔවුන්ගේ මුලික අයිතියක් වශයෙන් සමහර තැන්හිදී පිළිගනී. එය එසේනම් අප හමුදාව

(එක එල්ලේ මෙම විඩියෝ පඨයේ තිබෙන දර්ශන අප හමුදාව විසින් කල දේවල් යයි අපහට පිළිගත නොහැක )

කළ මැයෙන් සකස් කළ රූපමය දර්ශන ඇතුළත් වීඩියෝව ට ඉතා අගනා අගයක් ලබාදෙන්නේ කුමක් සදහාද එය අප හැල්ලු කිරීමටය. නමුත් බටහිර ජාතියක් නොවන අප නිරුවත් කිරීමක් කළානම් එය කිරීමට හේතුවිය හැකි කාරණයක් වන්නේ දිනපතා මිනිස්සුන් මරමින් අනුන්ගේ රටවල් ඇල්ලීමට වෙරදරන මිලේච්ඡ පිරිසකට දියයුතු නියම දඬුවම මරණයට වඩා නිරුවත් කොට හංවඩු ගැසීමයි. සොල්දාදුවෙකු අතින් යුද්ධයේදී සිදුවන කාරණා ආකාරණා යුද්ධ භූමියකදී සිදුවෙන දෙය විෂම සහාගත විය හැක. බිල්ලාඩන් ඝාතනය පිටු පසද ඇමේරිකානු සොල්දාදුවන් විසින් කළ නිරුවත් කතන්දර ඇත. ලොවෙන් මෙම කතාන්දර සගවන බටහිරයන් අප හමුදාව විසින් කළා යැයි හගවන රුප රාමු ඇතුළත් වැඩසටහන් වලට තැන දෙන්නේ ඔවුන්ගේ කුණු වසාගෙන වෙනත් කතාවක් ලෝකය තුළ මවා ඔවුන් ගැන තිබෙන අවධානය වසා ඔවුන්ගේ හමුදාමය අඩුපාඩු වසාගෙන ලොව වෙනත් විවධ හමුදා හංවඩු ගැසීමටය. ඇමෙරිකනු අත්අඩංගුවේ පසුවූ අබුගාලි හිර කදවුරුවල රැඳවියන්ව නිරුවත් කර කල වද හිංසා රාශියක් ඇත. එම දරුණු අපරාධ ද ලෝක මට්ටමේ කවුන්සලයන් වෙත ගෙන අවේ නැත. මෙයට හේතුව කුමක්ද ?.

කුරුස යුද සමයන්වලදී කාන්තාවන් කොපමණ පිරිසක් නිරුවත් කොට වද හිංසනයට ලක්කොට මරා දැමීම පල්ලිය විසින් සිදු කරේද ? හිට්ලර් ද ඒ දේම ලක්ෂ ගණනින් සිදුකලයේය. එල්. ටි . ටි සාමාජිකයන්ද එසේම අහිංසක ගම් වැසියන්ට සිදු කළේය. එහෙත් ලෝක මට්ටමෙන් ලක්ෂයකට එකක් තරම් ප්‍රමාණයක් නොමැති අප හමුදා සමාජමය අත් වැරදි උලුප්පා දක්වන්නේ මුළු සිංහල ජාතියම ලොව ඉදිරියේ හැල්ලුවන ආකාරයටය.

වෙනත් රටක් ඇල්ලීමට ගොස් සර්ව සාධාරණ මරණ අපේක්ෂා කිරීම ලෝක මෝඩකමකි.ඊට ප්‍රධානම හේතුව සොල්දාදුවන් යනු රහතන් වන්සේලා නොවන අතර පෘථක්ජන මනසකින් ක්‍රියා කරන සෙබළුන් නිසාය.

(ගහාම්භීර අවසාන කටයුත්තක් අපේක්ෂා කළානම් එම අවසාන ගරුත්වය ලැබෙන ආකාරයට ඉදිනේදා ජිවිතයේ වැඩකළ යුතුය.)

විවධ පසුබිම් ඔස්සේ විවිධ සභා අස්සේ එන සිංහලය හා එහි ජයග්‍රහණ හා අයිතීන් නැසීමේ කුමන්ත්‍රණ පිටු දකිමු!.

පාලිත ආරියරත්න
ප්‍රචාරක ලේකම්
ජාතික බෞද්ධ බලවේගය