Spread the News

මේජර් ජෙනරල් ප්‍රසන්නගේ තානාපති වරප්‍රසාද ගැන

ගෝලීය ද්‍රවිඩ සංසදයේ ඉල්ලීම බ්‍රිතාන්‍යය ඉවත දමයි

මහින්ද අලුත්ගෙදර source:

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා වශයෙන් කටයුතු කළ මේජර් ජෙනරල් ප්‍රසන්න ද සිල්වා මහතාගේ තානාපති වරප්‍රසාද ඉවත් කරන ලෙස ගෝලීය ද්‍රවිඩ සංසදය කළ ඉල්ලීම ඉවත දැමීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇත.

මේජර් ජෙනරල්වරයාට එරෙහිව යුද අපරාධ පිළිබඳ පැහැදිලි සාක්‍ෂි නොමැති බවට සනාථ කරමින් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය මේ තීරණය ගෙන තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

බ්‍රිතාන්‍ය මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් මේජර් ජනරාල්වරයාට එරෙහිව එල්ල වී තිබුණු චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළ බව වාර්තා වෙයි. ඒ මහතාට එරෙහිව චෝදනා ගොනුකර තිබුණේ ස්විස්ටර්ලන්තයේ සිට ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක් විසින් වන අතර මේ සංවිධානය සාක්‍ෂි වශයෙන් ඉදිරිපත් කර තිබුනේ කොටි වෙබ් අඩවි මඟින් ප්‍රකාශයට පත් කළ ප්‍රවෘත්ති වාර්තා යයිද අනාවරණය කරගෙන ඇත.