Spread the News

දඹුල්ලේ සිද්ධියට එරෙහිව ඊයේ අම්පාරේ හර්තාල්
SOURCE:
කල්මුණේ නින්දවුර් , මඩකලපුව දඩයම්තලාව සහ නැගෙනහිර පළාත් වාර්තාකරුවන්

දඹුල්ල මුස්‌ලිම් පල්ලියේ සිද්ධියට එරෙහිව අම්පාර දිස්‌ත්‍රික්‌ වෙරළබඩ ප්‍රදේශයේ මුස්‌ලිම් ජනතාව වෙසෙන ප්‍රදේශවල ඊයේ (26 දා) දිනයේ හර්තාල් ව්‍යාපාරයක්‌ දියත්කර තිබිණි. කල්මුණේ, මරදමුනේ, සායින්දමරුදු, නින්දවුර්, අඩ්ඩාලෙච්න, අක්‌කරපත්තුව, සමන්තුරේ, වරිපතන්ෙච්න හා එරගම ප්‍රදේශවල මෙම හර්තාල් ව්‍යාපාරය දියත් කර තිබූ අතර මෙම ප්‍රදේශවල සියලුම වෙළෙඳසල්, රජයේ කාර්යාල, පාසල් හා බැංකු වසා තිබිණි. පොදු ප්‍රවාහන සේවාවන් සිදුවූ නමුත් ඒවා සීමිත විය. කල්මුණේ දිනපතා වෙළෙඳ පොළ සම්පූර්ණයෙන්ම වසා තිබිණි.

පොදු ගමනා ගමන සේවා අඩුවීම නිසා අම්පාර වැනි ප්‍රදේශවල රජයේ කාර්යාල හා බැංකුවල සේවය කරන පිරිස්‌ අපහසුතාවට පත්වූහ.