Spread the News

සර්වාගමික පූට්ටුකාරයෝ දඹුල්ලෙන් හෙළුව වසා ගනී

May 01, 2012   source:

බෞද්ධ අයිතිය අමු අමුවේ අභියෝගයට ලක් කරමින් මුස්ලිම් අන්තවාදීන් විසින් පසු  ගිය දින ගණනාවේම රිසි සේ අදහස් දක්වමින් හා නොයේක් ක‍්‍රියාකාරකම්හි නියැලෙමින් කටයුතු කරද්දී ඊට උඩ ගෙඩි දෙමින් බෙල්ලන්විල විමලරතන, මාදුළුවාවේ සෝභිත යන පල්ලි නිකායේ හිමිවරුන්ගේ මූලිකත්වයෙන් අටවාගත් ඊනියා සර්වාගමික පූට්ටුවක් මගින් ඊයේ දිනයේදී (04-29 )  මාධ්‍ය  සාකච්චාවක් පැවැත්වීය. එහිදී දඹුල්ල සිදුවීම කිසිදු හිරිකිතයක් නොමැතිව දේශපාලනී කරණය කරමින් හා පෞද්ගලික ප‍්‍රශ්නයක් කරමින් හුවා දක්වන්නට උත්සාහ දැරීය. එම නින්දිත උත්සාහය දෑ සසුන් හිතකාමී සියලූ දෙනාගේ දැඩි අප‍්‍රසාදයට හා පිළිකුලට හේතු වී  ඇත. බුද්ධ ප‍්‍රමුඛ මහා සංඝරත්නය වෙනුවට පාදිලියන් ප‍්‍රමුඛ මහා සංඝරත්නය සමග පන්සල තුළ වගේම පල්ලි තුළත් දන් ගිලමින් හා වතිකානුව ප‍්‍රමුඛ NGO  නඩයන්ගේ විදෙස් සංචාර හා අනෙකුත් වරදානයන් ලබමින් කටයුතු කරන මේ පිරිස අන්‍යාගමිකයන් හා එක්ව උතුම් බුදු දහමේ සම්‍යග් දෘෂ්ටික භාවය විනාශ කරමින් සිදු කරගෙන යනු ලබන සර්යාගමික කරණය වහා නැවැත්විය යුතුය. ජාතික ශාසනික ගැටලූ හමුවේ එක එකාගේ ගැත්තන් වී උත්තර සපයනවාට වඩා නිහඩව සිටීම ඉතා යහපතැයි අප අවධාරණයෙන් කියමු. දඹුල්ල පුද බිම යනු කාගේවත් පෞද්ගලික බූදලයක් නොව එය රටට ජාතියට අයිති ඓතිහාසික උරුමයකි. එය වැනසීමට ඉඩ දී නිහඩව බලා සිටීමට කාටවත් නොහැකිය. ඔය කියන සර්වාගමික සහජීවන කාරයන් එකෙකුටවත් අපගේ බෞද්ධ අයිතිය විනාශ කරද්දී ඒ කිසිවක් නොපෙනෙන්නේද? එවිට ඇස් ගෙඩිවලට හෙණ ගැහිලද?