Spread the News

කොළඹ මුස්ලිම් (ජිහාඩ්) පාතාලය වැඩ අරඹයි

January 04, 2012  source:

නාඳුනන සන්නද්ධ කණ්‌ඩායමක්‌ මාලිගාවත්තේදී පාතාල සාමාජිකයකුට වෙඩි තබා පලායැමෙන් පසු කෝපයට පත් වූ දහසකට ආසන්න පිරිසක්‌ පොලිස්‌ නිලධාරීන්ට සහ යුද හමුදාවට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කරමින් ගල්මුල් ගැසීම නිසා ඊයේ (03 වැනිදා) අලුයම මාලිගාවත්ත ප්‍රදේශය එකම යුද පිටියක්‌ බවට පත්විය.
සන්නද්ධ පිරිස එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ මාලිගාවත්ත පාතාලයේ ප්‍රබලයකු බව කියන රසුල්ඩීන් නමැත්තා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ කොළඹ නාගරික මන්ත්‍රී නවුෆර් මහතා ද රෝහල්ගත කර ඇත.

මාලිගාවත්ත පාතාල සාමාජිකයන් සහ ප්‍රදේශවාසීන් පොලිස්‌ නිලධාරීන්ට සහ යුද හමුදාවට පෙට්‍රල් බෝම්බ ගසා ගල්මුල් ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන ඇත්තේ නාඳුනන පිරිස නාගරික මන්ත්‍රීවරයාට සහ පාතාල සාමාජිකයාට වෙඩි තබා පලායැමෙන් පසුවය.

කලහකාරීන්ගේ ප්‍රහාරයට ලක්‌වූ පොලිස්‌ නිලධාරීන් කීපදෙනකු ද තුවාල ලැබූ අතර මාලිගාවත්ත ප්‍රදේශයේ කඩසාප්පු කීපයක්‌ සහ වාහන කීපයක්‌ ද ගල්මුල් ප්‍රහාරවලට ලක්‌ව විනාශ වී තිබිණි.

මාලිගාවත්ත ප්‍රදේශයේ ඇතිවී තිබූ කලබලකාරී තත්ත්වය පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව ඒකාබද්ධව ඊයේ (3 දා) දහවල් වන විට සමථයකට පත්කර තිබිණි.

මෙම සිද්ධිය සිදු වූයේ ඊයේ (3 දා) අලුයම 1.00 ට පමණ මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේදීය.

මාලිගාවත්ත පාතාලයේ දැනට සිටින නායකයා බව කියන මාමස්‌මී නමැත්තාගේ සොහොයුරා බව කියන රසුල්ඩීන් සහ නාගරික මන්ත්‍රීවරයා ඇපල්වත්ත ප්‍රදේශයේ නිවසක්‌ අසල කතාබස්‌ කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු ඔවුන්ට වෙඩි තබා පලාගොස්‌ ඇත.

බරපතළ තුවාල ලැබූ පාතාල සාමාජිකයා සහ නාගරික මන්ත්‍රීවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීහු කටයුතු කළහ.

මෙම වෙඩි තැබීම පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට මාලිගාවත්ත පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ එහි ගිය අවස්‌ථාවේ කෝපයට පත්ව සිටි පාතාල සාමාජිකයන් සහ ප්‍රදේශවාසීන් පොලිස්‌ නිලධාරීන්ට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්හ.

ඇති වී තිබූ තත්ත්වය පාලනය කිරීමට පොලිස්‌ විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව එම ප්‍රදේශයට කැඳවීමට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතා කටයුතු කළේය. ඒ වන විට කලහකාරී ලෙස හැසිරෙමින් සිටි පාතාල සාමාජිකයන් ඇතුළු පිරිසක්‌ පොලිස්‌ නිලධාරීන්ට සහ හමුදා සෙබළුන්ට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර ද එල්ල කළහ.

කලහකාරී පිරිස්‌ මාලිගාවත්තේ කඩ සාප්පුවලට ගල්මුල් ප්‍රහාර එල්ල කළ අතර මහමඟ නවතා තිබූ ත්‍රිරෝද රථ ඇතුළු වාහන කීපයකට ද පහර දී ඒවා පෙරළා දමා තිබේ. කලහකාරීන් ත්‍රිරෝද රථයකට ගිනි තබා විනාශ කළ බව ද පොලිස්‌ ආරංචි මාර්ග පැවසීය.

පොලිසියට ප්‍රහාර එල්ල කළ පාතාල සාමාජිකයන් ඇතුළු පිරිස්‌ හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක්‌ ද ආරම්භ කර තිබේ.

සිද්ධිය සැල වූ වහාම එම ස්‌ථානයට ගිය කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, අපරාධ කොට්‌ඨාසය භාර පොලිස්‌ අධිකාරි ආර්. එල්. රණවීර යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතිවී තිබූ තත්ත්වය පාලනය කර මාලිගාවත්ත ප්‍රදේශයේ සාමකාමී තත්ත්වයක්‌ ඇති කිරීමට කටයුතු කළහ.

මාලිගාවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක රොහාන් පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් මේ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වේ.

දිවයින