Spread the News

බෞද්ධ හා අබෞද්ධ කාගෙත් අවධානය පිණිස. කස කරුවන් හෝ අනිත් ගිනි නැටුම් කණ්ඩායම පෙරහරේ යනවිට යම්කිසි විවිධ කණ්ඩායම් විසින් අත්පොලසන් ගැසීම පිටුපස තිබෙන ජාතික හෝ විජාතික හෝ බෞද්ධ හෝ අබෞද්ධ අවශ්‍ය තාවය වහා සොයා බලා නැවැත්විය යුතුය, පොලිස් නිලධාරින්ද දැනුවත් කොට (පිරිස පාලනය කිරීම) මේ අප විසින් කාරණා උතුම්ම බුද්ධ පුජාවේ අර්ථය ද රැක ගත යුතුය. පෙරහැර නැරඹු හා අත්පුඩි ගැසූ සියලුම දෙනා දැනුවත් හෝ නොදැනුවත් ව කලේ අප විසින්ම අප කෙලෙසා ගැනීමක් හා බාලාංශ ක්‍රියාවක් එලි දැක්වීම පමණය.

පෙරහැර යනු  සුපර් ස්ටාර් තරගයක් නොවන බවත් ඒ අපවිසින් කරනා උතුම් බුද්ධ පුජාවක් බවත් සියලුම දෙනා දැනගත යුතුය වෙනත් ආගමිකයන් මෙම විසිල් ගැසීම හා අත්පුඩි ගැසීම පිටපස සිටිනම් එය වහා නැවැත්විය යුතු කාර්යක් බවද මෙහිලාම ලියා තැබීමට කැමැත්තෙමු .
තෙරුවන් සරණයි!

සෙන්කඩගල අනුඛණ්ඩය

ජාතික බෞද්ධ බලවේගය