ශ්‍රී ලංකාව මානව හිමිකම් උගුලක පැටලවීමේ තැතක්‌!

Spread the News

ශ්‍රී ලංකාව මානව හිමිකම්
උගුලක පැටලවීමේ තැතක්‌!

කීර්ති වර්ණකුලසූරිය
source:
රටවල් නවයක්‌ එකතු වී ශ්‍රී ලංකාවේ ජනාධිපති, ආරක්‌ෂක ලේකම් හා වන්නි හමුදා නායකත්වය ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යැමට දියත් කළ උත්සාහයක්‌ ව්‍යර්ථ වී ඇත.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය පිළිගන්නා බවට දක්‌වන රෝම සම්මුතියට එකඟ විය යුතු බව දන්වමින් මෙම රටවල් නවය විසින් ජිනීවා ජගත් මානව හිමිකම් සමාලෝචන සමුළුව වෙත නිර්දේශ ඇතුළත් කර තිබිණි.

ටියුනීසියාව, උරුගුවේ, කොස්‌ටාරිකා, ඉක්‌වදෝරය, ලැට්‌වියාව, ස්‌ලෝවැකියාව – ඔස්‌ටි්‍රයාව – ස්‌පාඤ්ඤය සහ ස්‌වීඩනය යන රටවල් විසින් එය නිර්දේශ කර ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් සමාලෝචන සමුළුව වෙත යොමුවූ නිර්දේශ 210 ට අතරට ශ්‍රී ලංකාව යුද අපාරාධකරුවකු කිරීමේ ඉහත කී රෝම සම්මුති නිර්දේශය ඇතුළත් කර තිබිණි.

මේ රටවල් නවයම ඇමරිකානු පක්‍ෂපාතී රටවල් වේ. මෙම රටවල තානාපතිවරු ජිනීවාහිදී ඇමරිකානු තානාපතිනි අයිරින් ඩොනහෝ සමඟ ද සාකච්ඡා පවත්වා ඇත.

එහෙත් එකී නිර්දේශ කිසිසේත් පිළිගන්නේ නැතැයි පැවැසූ ශ්‍රී ලංකා රජය රෝම සම්මුතියට එකඟවීම ප්‍රතික්‌ෂේප කර තිබේ.