ඊශ්‍රායලය අංක එකේ සතුරා යැයි සුඩාන ජනපති පවසයි

Spread the News

ඊශ්‍රායලය අංක එකේ සතුරා යැයි සුඩාන ජනපති පවසයි

කා‍ටෝම්-ඒ එෆ් පි source:

‘ඊශ්‍රායලය අපේ අංක ‍එකේ සතුරා’ යැයි සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂිර් පෙරේදා ප්‍රකාශ කළේය.68 හැවිරිදි ඔහු මෙබව ප්‍රකාශ කළේ සුළු සැත්කමකින් පසු රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමිනි. සිවු මසකදී සිදුකළ දෙවැනි සැත්කමෙන් පසු ඉකුත් බදාදා ඔහු රෝහලෙන් පැමිණිමෙන් පසු මෙබව ප්‍රකාශ කළ ඔහු ‘ඊශ්‍රායලය අපේ සතුරායි. අංක එකේ සතුරායි.

අපි දිගින් දිගටම මෙසේ කියා සිටිනවා’ යැයි ද කීවේය. ඔක්තෝබර් 23 දා රේඩාර් වලට අසු නොවන ගුවන් යානා 4 ක් එවා සුඩානයේ යාමොක් හමුදා කම්හලකට ඊශ්‍රායලය විසින්එල්ල කළැයි පැවසෙන ප්‍රහාරයෙන් පසු යුදෙව් රාජ්‍යයට චෝදනා කරමින් බෂීර් මේ ප්‍රකාශ ය සිදුකර තිබිණ.

එහෙත් ඊශ්‍රායලය මේ චෝදනාව ප්‍රතික්ෂේප කර තිබේ. ඔවුන් පවසන්නේ ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානයේ සටන්කාමින්ට සුඩානයේ සහාය ලැබෙන අතර ඔවුන‍ට අවශ්‍ය අවි සැපයෙන්නේද සුඩානය හරහා බවය.

යාමොක් සිද්ධියෙන්පසු කුපිත සුඩාන ජනතාව එය එසේ සිදුවුයේ ඇයි දැයි ප්‍රශ්න කර න බව පෙන්වා දෙන අල් බෂීර් ඊශ්‍රායල් ප්‍රහාරයක් වලකා ගැන්මට කළ හැකි කාර්යන් දෙකක් පවතින බව පෙන්වා දී තිබේ. පළමුවැන්න කිසිදා සිදුවිය නොහැක්කක් වන ඊශ්‍රායලය සමග සබඳතා ගොඩනගා ගැනීමයි. දෙවැන්න එකටෙක කළ හැකි යුද තාක්ෂණය ක් ගොඩනගාගැනීමයි. මේ දෙවැන්න නොහැකි දෙයක් නොවන අතර ඒ සඳහා ප්‍රයත්න දරමින් සිටන බව ඔහු කියා ති‍බේ.