විමර්ශන වාර්තාවෙන් මකා දැමූ පිටු එන්.ජී.ඕ. වෙත ලැබුණු හැටි විමසයි

Spread the News
විමර්ශන වාර්තාවෙන් මකා දැමූ පිටු
එන්.ජී.ඕ. වෙත ලැබුණු හැටි විමසයි

කීර්ති වර්ණකුලසූරිය
SOURCE:
ශ්‍රී ලංකාවට එරෙහි එක්‌සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාවෙන් මකා දැමූ පිටු 29 ක්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන වෙත ලැබුණේ කෙසේදැයි ශ්‍රී ලංකා රජය එක්‌සත් ජාතීන්ගේ බලධාරීන්ගෙන් විමසා ඇත.

මෙම පිටු 29 තුළ අන්තර්ගත කරුණු කොටි හිතවාදී සංවිධානවලට ද කල්තියා ලැබී තිබූ බව අනාවරණය වේ.

වන්නි මෙහෙයුමෙන් විපතට පත් සංඛ්‍යාව නිසි ලෙස තහවුරු කරගත නොහැකි බව එහි අන්තර්ගත වී තිබියදී එකී කොටස්‌ ඉවත් කර තිබේ.

එක්‌සත් ජාතීන්ගේ වාර්තාවක්‌ කලින්ම පිටවීම සදාචාර විරෝධී බව ශ්‍රී ලංකා රජය කියා සිටී.