ඉවැන්ජලික කල්ලිය නිදහස්, බොදු බල සේනාව පිළියන්දල විරෝධතා

Spread the News

ඉවැන්ජලික කල්ලිය නිදහස්, බොදු බල සේනාව පිළියන්දල විරෝධතා

source:

බුදු පිළිම කඩා බිඳ දමමින්, ගිනි තබමින් බලහත්කාරයෙන් අන්‍යාගම්කරණය කළ හත් දෙනෙකුගෙන් යුත් ඉවැන්ජලික කල්ලියක් ඉකුත්දා පිළියන්දල, මඩපාත, බටගැත්තර ප්රදේශයේදී ජීවග්රහයෙන් අල්වා ගෙන සියලු තොරතුරැ අනාවරණය කරගෙන පොලීසියට බාර දීමට බොදු බල සේනා ජාලයේ විශේෂ විමර්ශන ඒකකය සමත් විය. එසේ අල්වා ගත් සැකකරැවන් දෙහිවල පොලීසියට බාර දීමේදී පොලීසිය විසින් පවසා තිබුණේ, මේ සම්බන්ධයෙන් කිසිඳු පැමිණිල්ලක් හෝ කිරීම අනවශ්‍යය බවත්, පොලීසිය විසින්ම අදාළ පුද්ගලයින්ට එරෙහිව අවශ්‍යය සියලු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය. එහෙත්, පසුව අත්තඩංගුවට ගත් පිරිස අයත් ඉවැන්ජලික කල්ලියේ ඉහළ පාස්ටර්වරැන් විසින් පොලීසිය සමඟ කළ රහස් සාකච්ඡාවකින් අනතුරැව, බොදු බල සේනාව විසින් ඇල්ලා බාර දෙන ලද පාස්ටර් කල්ලිය නිදහස් කොට තිබෙනුයේ අනුගමනය කරනවා යැයි කී නීතිමය පියවරයන් පිළිබඳව කිසිඳු ආකාරයක හෝ තැකීමක් නොකරමිනි. එසේම, මේ සිද්ධිය සම්බන්ධයෙන් කරැණු විමසීම සඳහා ඉවැන්ජලික කල්ලිය නිසා අගතියට පත් තරැණයා අයත්වන පවුලේ දෙමාපියන්ට පිළියන්දල පොලීසියට එන්නැයි දැනුම් දී තිබේ. එසේ පැමිණි පසු පැමිණි පසු පිළියන්දල පොලීසිය විසින් සිදුකර තිබෙනුයේ කිසිඳු වගවිභාගයක් හෝ ඉවක් බවක් නොමැතිව එම අසරණ දෙමාපිය යුවළ හිරේ විලංගුවේ දැමීමයි. මේ නිසා ඊයේ දිනය පුරාම පිළියන්දල නගරය පුරාම මහත් කැළැඹිලි සහගත ස්වභාවයක් දක්නට ලැබුණු අතර, ඊට සම්පූර්ණ විරෝධය පාමින් බොදු බල සේනා ජාලයද පිළියන්දල පොලීසිය දක්වා සාමකාමී විරෝධතා පාගමනක් හා සත්‍ය ග්‍රහයක් සංවිධාන කරන ලදී. බොදු බල සේනා ජාලය පොලිස් දෙපාර්තුමේන්තුවට බලකර සිටියේ දහවල් 12.00ට පෙර නීතියෙන් අගතියට පත්කළ අසරණ දෙමාපිය යුවළ වහාම නිදහස් කළ යුතු බවත්, නිදහස් කළ පාස්ටර්වරැන් වහාම අත්තඩංගුවට ගෙන ඔවුනට එරෙහිව නීතිය තදබල ලෙසම ක්‍රියාත්මක කළ යුතු බවත්ය. ඉවැන්ජලික කල්ලියේ මෙහෙයැවීම යටතේ කඩා බිඳ දමා ගිනි තබා පුළුස්සා දැමූ කුඩා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්ද පෙරටු කොට ගනිමින් ගිහි -පැවිදි බෞද්ධ ප්‍රජාව 1000ට ආසන්න පිරිසක් මේ සඳහා සහභාගී වී සිටියහ. පිළියන්දල නගරයේ එක්සත් ත්‍රීරෝද රථ සංගමය හා පිළියන්දල එක්සත් වෙළඳ සංගමයේ ව්‍යාපාරික ප්‍රජාවද සිය වෙළඳ සැල් හා කඩසාප්පු වසා දමා විරෝධතාව වෙනුවෙන් එක්ව සිටියහ. එහිදී අදහස් දක්වමින් බොදු බල සේනා ජාලයේ මහලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ මෙසේ ප්‍රකාශකර සිටියහ. “මේක සිංහල බෞද්ධ රට. මේ රටේ සභ්‍යත්වය ගොඩ නැඟුණු දින පටන්ම ක්‍රියාත්මක වුණේ සිංහල බෞද්ධ නීතිය හා ආධිපත්‍යය. පස්සේ කාලෙක සුද්දන් විසින් සිංහල බෞද්ධ ආධිපත්‍යය බිඳ දමා ඔවුනගේ නීතිය බලහත්කාරයෙන් පටවනු ලැබුවා. දැන් අපි නිදහස ලබා ඉවරයි. එහෙත්, තවමත් අපිට බැරි වුණා අපිට ගැලපෙන අපේ නීතියක් හදා ගන්න. ඒ නිසා මේ වාතාවරණය උඩ තවදුරටත් සිංහල බෞද්ධ ජනතාව පීඩාවට පත්වන අතරම නොයෙකුත් ආගමික බිල්ලන් විසින් අවස්ථාවාදීව ක්‍රියා කරමින් ප්‍රයෝජන ගනු ලබනවා. එහෙයින්, සුද්දන් හැදූ, සුදු සපත්තු ලෙවකන කළු සුද්දන් වැඩූ මේ වල් වැදුණු නීතිය පිටුදකින්නත්, අපිට ගැළපෙන අපේ නීතිමය පද්ධතියක් හදා ගන්නත් කාලය ඇවිත්. නීති හදන්නේ මහජනතාවයි. එකඑකාට ඕන ඕන විදිහට ඒ නීති මඟින් මහජනතාව අගතියට පත්කරන්න ඉඩ දෙන්න බැහැ. නීති හැදූ මහජනතාවට යළිත් ඒ නීතිය අතට ගෙන කටයුතු කරන්න අවැසි ඉඩ ප්‍රස්ථාව සකසා දෙන්න එපා කියන බල කිරීම අපි කියන්න ඕන. මේ රටේ සිංහල බෞද්ධයින්ට තියෙන ප්‍රශ්න විසඳන්න පොලීසිය අසමත්. ඒත් අපි බොදු බල සේනා ජාලයේ පොලීසියේ ඒ ඌන පූරකය හොඳින් සකස් කරනවා. මේ රටේ බෞද්ධ ජනතාවට විතරක් නෙමෙයි; සෙසු ජාතීන්ටත්, සෙසු ආගමිකයින්ටත් සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් බොදු බල සේනා අපි කටයුතු කරනවා… එසේ කටයුතු කොට තිබෙනවා. අපි දැඩිව අවධාරණය කර සිටිනවා ලංකාව තුළ ක්‍රියාත්මක වන ඇමෙරිකානු දේවරාජ්‍ය මෙහෙයුමට අයත් සියලුම ඉවැන්ජලික කල්ලි කණ්ඩායම් හා ඒවාට සම්බන්ධව රට පුරා සැරිසරන සියලුම විදේශිකයින් වහාම පළවා හරින ලෙසට සහ සියලුම යාඥා මඩු කඩා ඉවත් කරන ලෙසට. ඒ සඳහා පොලීසියට සහ රජයට උපරිමය මාස දෙකක කාලයක් අපි ලබා දෙනවා. රජය ඒ කෙරෙහි අවධානය යොමු කොට විධිමත් පියවරක් අනුගමනය නොකළහොත් අපි ඉතුරැ ටික බලාගන්නවා. මොකද මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ අපේ පරමාධිපත්‍යය නිසා.* ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුමිත් එදිරිසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද එම ස්ථානයට පැමිණ සිටි අතර, ඔවුන් විසින් එම දෙමාපිය යුවළ ගෞරවයෙන් හා ආරක්ෂා සහිතව නිදහස් කර දෙන බවට සංඝරත්නය ඉදිරියේ දිවුරා ප්‍රතිඥා දුනි. එසේම, පිළියන්දල හා දෙහිවල පොලීසිය විසින් දැන හෝ නොදැන සිදු වූ වරදට සමාව අයදින බවටත්, මින් ඉදිරියට බෞද්ධ ප්‍රජාවට එරෙහිව සිදුවන සෑම අවකල් ක්‍රියාවකදීම බුදු දහම ආරක්ෂා කිරීමට බැඳී සිටින පොලිස් දෙපාර්තුමේන්තුවක් වශයෙන් විධිමත් පරිදි නොපැකිළව නීතිය ක්‍රියාත්මක කරනු ලබන බවටත් ප්‍රකාශ කර සිටියේය. ඉනික්බිති විරෝධතාව එක් වූ පිරිසද සාධු නාද පවත්මින් සාමකාමී පා ගමනින් එතැනින් නික්මුණහ.

පංචන ජයසිංහ

IMG_9561
IMG_9591
IMG_9589

 

IMG_9582
IMG_9559
Bodubala sena

 

IMG_9575
IMG_9658