ප්‍රංශයේ හා අමෙරිකාවේ කොටි නායකයෝ කා කොටා ගනිති

Spread the News

ප්‍රංශයේ හා අමෙරිකාවේ කොටි නායකයෝ කා කොටා ගනිති

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්

source:

ප්‍රංශයේ සහ අමෙරිකාවේ සිටින කොටි ත්‍රස්තවාදීන් අතර ගැටුම් උග්‍ර වී තිබේ. ප්‍රංශයේ පැරිස් නුවර දී කණ්ඩායම් දෙකක් අතර පෙරේදා (20) ඇති වූ ගැටුමකින් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි මෙරට ආරක්‍ෂක බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත. රුද්‍රකුමාර් පාර්ශ්වය සහ නෙදියවන් පාර්ශ්වය අතර මේ ගැටුම මාස කිහිපයක සිට පවතින අතර නෙදියවන් ප්‍රංශයේ කොටි නායකයා ලෙසත් රුද්‍රාකුමාර් අමෙරිකාවේ කොටි නායකයා ලෙසත් පෙනී සිටිති.

මුදල් සහ නායකත්වය සම්බන්ධයෙන් මේ දෙපාර්ශ්වය අතර ගැටුම උග්‍ර වීමට හේතු වී තිබේ.

ඉකුත් මාසයේදී නෙදියවන්ගේ ප්‍රබලම සාමාජිකයකු රුද්‍රාකුමාර් පාර්ශ්වය විසින් ඝාතනය කර තිබිණි.02