Spread the News

උතුරු පළාත් සභා ඡන්දයට පෙර
අවතැන්වූවන් යළි පදිංචි කරවා කොමිෂන් සභා ස්‌ථාපිත කළ යුතුයි
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා

කිලිනොච්චි මැයි රැලිය

source:

වව්නියාව – දිනසේන රතුගමගේ

උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර රජය යුද්ධයෙන් අවතැන්වූවන් යළි පදිංචිකරවීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කොට ඔවුනට ස්‌ථීර නිවාස ලබාදිය යුතු බවත් මැතිවරණ, පොලිස්‌, රාජ්‍ය සේවා කොමිෂන් සභා ස්‌ථාපිත කළ යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පැවසීය.

කිලිනොච්චියේ මැයි රැලියට එක්‌වෙමින් ඒ මහතා මෙසේ කියා සිටියේ කිලිනොච්චි, කරච්චි ක්‍රීඩාංගණයේදීය.

යාපනය, වලිකාමම් පළාතේ වැසියන් තිස්‌නවදහසකට ආසන්න පිරිසකට තම ඉඩම් අහිමි වී තිබෙන පරිසරයක උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු යෙදීම දැඩි අසාධාරණයක්‌ යෑයිද ඒ මහතා පැවසීය.

ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවේදී ශ්‍රී ලංකාවට එරෙහිව සියලු චෝදනා වලට රජය වගකිවයුතු බවද එම චෝදනාවලට රජය පිළිතුරු සැපයිය යුතු බවද හෙතෙම කීය.

විනාඩි හතළිහකට වඩා කාලයක්‌ සිය කතාව කරමින් සිටියදී ඒ මහතාට ක්‌ලාන්තය

සැදුන බැවින් අතර රැස්‌ව සිටි සංවිධායකයින් වහාම ඔහුට ප්‍රථමාධාර ලබා දෙනු දක්‌නට ලැබිණි.