Spread the News

අසාද් සාලි බැලීමට යැමට රනිල් අවසර ඉල්ලයි

 

source:
කුෂාන් සුබසිංහ – සිරිමන්ත රත්නසේකර

අත්අඩංගුවට ගෙන සිටින අසාද් සාලි මහතා බැලීමට යැමට තමාටත් තවත් මන්ත්‍රීවරුන් දෙදෙනකුටත් අවසර ලබාදෙන්නැයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09 වැනිදා) කථානායකවරයාගෙන් ඉල්ලීමක්‌ කළේය.

ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින අසාද් සාලි මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින්, ඔහු බැලීමට යන ලෙස ඒ මහතාගේ පවුලේ සාමාජිකයන් තමන්ගෙන් ඉල්ලීමක්‌ කර ඇති බව පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා සභාවේ අවසරය ලැබෙන්නේ නම් තමාටත් තවත් මන්ත්‍රීවරුන් දෙදෙනකුටත් අසාද් සාලි මහතා බැලීමට යා හැකි බව පැවසීය.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්‌ කරමින් විපක්‍ෂ නායකවරයා මේ ඉල්ලීම කළේය.

ඒ පිළිබඳව අදහස්‌ දක්‌වමින් නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතා පැවසුවේ පක්‍ෂ නායක රැස්‌වීමේදී ඒ පිළිබඳ තීරණයක්‌ ගත හැකි බවයි.