වධහිංසා වලින් සතුන් රැක ගැනීමට සත්ත්ව අනපනත් ක්‍රියාත්මක කරන්නැයි බලධාරීන්ට නියෝගයක්‌ නිකුත් කරන්න

Spread the News

වධහිංසා වලින් සතුන් රැක ගැනීමට සත්ත්ව
අනපනත් ක්‍රියාත්මක කරන්නැයි බලධාරීන්ට
නියෝගයක්‌ නිකුත් කරන්න
අභියාචනාධිකරණය පෙත්සමක්‌ ගොනු කරයි

සරත් ධර්මසේන
source:
සතුන්ට වධ හිංසා කිරීම වැළැක්‌වීම හා මානුෂික ලෙස සැලකීම මගින් සියලු සතුන්ගේ සුබසාධනය වර්ධනය කිරීම හා ආරක්‍ෂා කිරීම අරමුණු කොට ගෙන පනවා ඇති අන පනත් නීති රෙගුලාසි මුළුමණින්ම ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්‌පති පොලිස්‌ අපරාධ අංශය බාර අධ්‍යක්‍ෂ සත්ව සුබසාධන විෂය භාර ඇමැති ඇතුළු අදාළ සියලු රජයේ බලධාරීන්ට බලකරමින් “මැන්ඩාමුස්‌” රිට්‌ ආඥවක්‌ නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ පෙත්සමක්‌ ඊයේ සලකා බැලූ අභියාචනාධිකරණය ඒ පිළිබඳ විභාගයක්‌ පැවැත්වීමට ඉහතකී අය ඇතුළු පෙත්සමේ නම් සඳහන් සියලු වගඋත්තර කරුවන්ට 2011 ජන. 14 දා උසාවියේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කළේය.

ධර්මවිජය පදනම එහි සභාපති ඔල්කොට්‌ ගුණසේකර ඕමල්පෙ සෝභිත හිමි බෝවත්තේ ඉන්දරතන හිමි ශ්‍රී ලංකා සත්ව ආරක්‍ෂක සංවිධානයණී සත්ව සුබසාධන භාරය ඇතුළු 18 කගේ නමින් පෙත්සම ගොනුකර ඇත.

පෙත්සමේ සඳහන් අන්දමට පෙත්සම්කරුවන් සියලු දෙනාම සත්ව හිංසාව වැළැක්‌වීමට හා සතුන්ට ආරක්‍ෂාව හා සුබ සෙත සැලසීමට ස්‌වෙච්ඡාවෙන්ම තමන්ගේ කාලය හා ධනය ශ්‍රමය වැය කරමින් දායකවී සිටින අය වෙති.

දිනපතාම වාගේ එලහරක්‌ණී මීහරක්‌ණී ඌරන්ණී එළුවන්ණී කුකුලන් විශාල ප්‍රමාණයෙන් ආහාරය සඳහා ඝාතනය කරන බවත් ඝාතනය කිරීමේදී සහ ඒ සඳහා ප්‍රවාහනය කිරීමේදී කූඩුකර තැබීමේදී සතුන්ට දැඩි වේදනා ගෙන දෙන අන්දමට වධ හිංසාණී පහරදීම්වලට භාජන කරන බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ “මහින්ද චින්තන” වැඩපිළිවෙළ යටතේ සතුන්ට වධ හිංසා කිරීම මනුෂ්‍ය වර්ගයා විසින් පිළිකුලට භාජන කළ යුතු හා හෙළා දැකිය යුතු කාර්යයක්‌ හැටියට සලකා ඒවා වැළැක්‌වීමට පවතින නීති රෙගුලාසි සංශෝධනය කිරීම මහත් නොපමාව කටයුතු යොදන බව සඳහන් කර ඇති අතර ජනාධිපතිවරයාද සතුන්ගේ සුබසාධනය සඳහා කැපවී සිටින බව බොහෝ අවස්‌ථාවන් හිදී යහපත් ප්‍රතිචාර දැක්‌වීම මගින් ප්‍රදර්ශනය කර ඇති බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

සත්ව හිංසාව වැළැක්‌වීමට පවතින නීති රෙගුලාසි ප්‍රමාණවත් නොවේ නම් අලුත් රෙගුලාසි පනවන ලෙසට අදාළ බලධාරීන්ට බල කරන නියෝගයන් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා ඇත.

නීතිඥ ජීÔ ජීÔ අරුල් ප්‍රකාශම් මහතා මගින් පෙත්සම ගොනු කර තිබිණි.

අධිනීතිඥ සංජය ජයවර්ධන මහතාණී රජිව් අමරසූරිය Òසඳමාලී චන්ද්‍රසේකර යන නීතිඥවරු සමග පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

අභියාචනාධිකරණයේ සභාපති සත්‍ය හෙට්‌ටිගේ සහ විනිසුරු ඩී. එස්‌. ටී. ලේකම් වසම් යන මහත්වරු මේ පෙත්සම සලකා බැලිණි.