රජය,ජනපති හා හමුදා නිලධාරීන්ට සාවද්‍ය චෝදනා ඇමරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකාව ගැන රහස්‌ පණිවුඩ යවලා

Spread the News

රජය,ජනපති හා හමුදා නිලධාරීන්ට සාවද්‍ය චෝදනා
ඇමරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකාව ගැන රහස්‌ පණිවුඩ යවලා
“විකිලික්‌ස්‌”වෙබ් අඩවිය තොරතුරු හෙළිකරයි

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2010/12/03
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යුද අපරාධවලට වගකිවයුත්තකු කරමින් ඇමරිකානු තානාපති කාර්යාලය විසින් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යෑවූ රහස්‌ පණිවුඩවල තොරතුරු ශ්‍රී ලංකා රජය විසින් ඊයේ (2 වැනිදා) සොයාගෙන ඇත. මෙම පණිවිඩ විකිලික්‌ස්‌ වෙබ් අඩවිය විසින් හෙළිකර තිබේ.

2010 ජනවාරි 15 වැනිදා මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය විසින් පැය 12.23 ට යුද අපරාධවල වගකීම මැයෙන් මෙකී රහස්‌ පණිවුඩයක්‌ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට යවා තිබේ.

එය යවා ඇත්තේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක විසින් යෑයි හෙළිවී ඇත. මෙම පණිවුඩයෙන් ජනාධිපතිවරයාටත් හමුදා ජනරාල්වරුන්ටත් රජයටත් රාජපක්‍ෂ පවුලේ අයටත් සාවද්‍ය චෝදනා එල්ල කරමින් ඔවුන් යුද අපරාධවලට වගකිව යුතු යෑයි දන්වා ඇත.

: