Spread the News

කොබ්බෑකඩුව අහිමි වී වසර 23 යි

2013 ජූලි මස 08 14:19:03 | චමින්ද මඩවල

source:

වසර 30ක කුරිරු යුද්ධය අවසන්ව  බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන්ගේ අමානුෂික ක්‍රියාවන්ගෙන් ලක් පොලව මත ගලා ගිය රුධිර දහාරාවන් නෑවති ඇත.

ඉංදියන් සාගරයේ මුතු ඇටය ලෙසින් විරුදාවලිය ලත් ශ්‍රි ලංකාව ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්තවාදින්ගෙන් බේරා ගැනිමට ඇට මස් ලේ ජිවිත දන්දුන් විරෝධාර රණවිරුවනට අප සදා ණයගැතිය.

එවන් රණවිරුවන් අතර  ලුතිනල් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව යනු මුළු රටක් ආදරය කළ ආදරය කරන යුද සෙන්පතියෙකි. නොපසු බසිනා යුදමය සැලසුම් සකස් කරමින් ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්තවාදින්ට අමත නොවන පාඩම් කියා දුන් ඒ මහා යුද සෙන්පතියා ඈතුළු රණවිරුවන් රැසක් 1992 අගොස්තු 8 වෙනිදා දැයට අහිමි විය.

යාපනය ආරාලිතුඩුවේ බිම් බෝම්බයකට හසුව ලුතින් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඈතුළු රණවිරුවන් රැසකගේ ජිවිත රටට අහිමි වී අගොස්තු 8 වැනිදාට වසර 23ක් සපිරේ.

එවන් විටක ඔහුගැන මතකය අවදි කරන්නට ඔහුගේ බිරිය ලලි කොබ්බෑකඩුව ලංකාදීප එසෑණ සමග සම්බන්ධ විය.

‘’මට හරිම සතුටුයි ඒ වගේම මම ලංකාදීපෙට ස්තුතිවන්ත වෙනවා මතකය අවදි කරන්න ඉදිරිපත් වීම ගැන. අද යුද්ධය අවසන් වෙලා ඒක මගෙ මහත්තයාගේ තිබුණු එකම හීනය. ඒ හීනය හැබෑ කරගන්න එයා බොහෝ දේ කළා. අනාගත පරපුරට මේ යුද්ධය දායාද කරන්න හොද නැහැ කියලයි ඔහු නිතරම කිවුවේ. අවසානයේදී මගේ මහත්තයා තමන්ගේ ජිවිතයත් රට වෙනුවෙන් පරිත්‍යාග කළා. ඔහු සිංහල ,දෙමළ, මුස්ලිම් මේ සෑම ජාතියකටම ආදරය කරා. සිවිල් ජනතාවගේ ජිවිත උපරිම විදියට ආරක්ෂා කළ යුතුයි කියන තැනයි ඔහු හිටියේ. එයා  තමන්ගේ සොල්දාදුවන්ට කොච්චර ආදරය කලාද කියලා දන්නේ මම විතරයි. නිවාඩු ආවාම අතේ සල්ලි තියෙන විදියට බිස්කට් එකක් හරි එයා තමන්ගේ සොල්දාදුවන්ට රැගෙන යනවා. අද ඔහු මටත්  මගේ දරුවන්ටත් රටටත් අහිමි වෙලා. ඒත් ඔහුගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨවෙලා. මම පිටරට ඉන්න අයගෙන් ඉල්ලන්නේ තමන්ගේ රට බේරගන්න ශරිර අවයව පරිත්‍යාග කරපු ජිවිත දන්දුන් යුද සෙබළුන්ට සලකන්න කියලයි. මටත් මට පුලුවන් විදියට අනිත් අයගෙත් උදව් ඇතිව රණ විරුවන්ට පිහිට වෙනවා. ඒ වගේ හොද ආයතන තව ගොඩාක් තියෙන්නවා. කොබ්බෑකඩුව පදනමින් රණවිරු පවුල් වලට පිහිට වෙනවා. දුෂ්කර ගම්මානවා පාසල් දරුවන්ට උදව් කරනවා.  පිටරට ඉන්න කෙනෙක් කැමති නම් මේ සත් කාරයට අපි සමග එකතුවෙන්න 0094112693036ට කතා කරන්න