Spread the News

“සිංහල රාවය” හිමිවරුන් ඇප ලබා…

source:

අග්‍රාමාත්‍ය කාර්යාලය අසල උද්ඝෝෂණය කරමින් කලහකාරී ලෙස හැසිරී පොලිස්‌ රාජකාරියට බාධා කළැයි චෝදනා ලැබ සිටි සිංහල රාවය සංවිධානයේ භික්‍ෂූන් වහන්සේලා පස්‌ දෙනෙකු ඊයේ (30 දා) කොළඹ, අලුත්කඩේ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් උන්වහන්සේලා ඇප මත මුදා හරිනු ලැබූහ. නඩු විභාගය අවසන් වන තුරු කිසිදු උද්ඝෝෂණයකට සහභාගී නොවන ලෙසද උන්වහන්සේලාට නියෝග කෙරිණි. ඇපමත මුදාහරිනු ලැබූ භික්‍ෂූන් වහන්සේලා අධිකරණයෙන් නික්‌ම ගිය අයුරු.

ඡායාරූපය – කමල් බෝගොඩ