දෙමළ සන්ධානයේ ප්‍රචාරයට එරෙහිව වවුනියාවේ උද්ඝෝෂණ

Spread the News

දෙමළ සන්ධානයේ ප්‍රචාරයට
එරෙහිව වවුනියාවේ උද්ඝෝෂණ

source:
ඉන්දියානු ආධාර ක්‍රමය යටතේ යුද අනාථයන්ට ස්‌ථිර නිවාස ලබාදීමේදී උතුරේ මුස්‌ලිම් වැසියන්ට වැඩි සැලකිල්ලක්‌ දක්‌වන බවට දෙමළ ජාතික සන්ධානය විසින් ගෙන යන ප්‍රචාරයට එරෙහිව ඊයේ (3 දා) දහවල් වවුනියාවේදී උද්ඝෝෂණයක්‌ පැවැත්විණ.

මෙම උද්ඝෝෂණයට මුස්‌ලිම් වැසියන් මෙන්ම දෙමළ වැසියන් ද විශාල පිරිසක්‌ සහභාගි වූ අතර උද්ඝෝෂණකරුවන් වවුනියාව ගාමිණි මහා විද්‍යාලය අසල සිට පෙළපාලියකින් වවුනියාව දිසාපති කාර්යාලය දක්‌වා පැමිණ සංදේශයක්‌ වවුනියාව අතිරේක දිසාපතිනි සරස්‌වතී මෝහන දාස්‌ මහත්මිය වෙත භාර දෙන ලදී.

එම උද්ඝෝෂණයේ අවස්‌ථාවක්‌ ඡායාරූපයේ දැක්‌වේ.

දිනසේන රතුගමගේ