ඉඩලද මොහොතක ඉතා ඉක්‌මනින් ශ්‍රී ලංකාවට පැමිණෙනවා

Spread the News

ඉඩලද මොහොතක ඉතා ඉක්‌මනින් ශ්‍රී ලංකාවට පැමිණෙනවා

ප්‍රැන්සිස්‌ පාප් වහන්සේ කියති

source:

නෝමන් පළිහවඩන

ශ්‍රී ලංකාව පිළිබඳව තමාට ඇත්තේ යහපත් ආකල්පයක්‌ බව සුද්ධෝත්තම පළමුවැනි ප්‍රැන්සිස්‌ පාප් වහන්සේ පෙරේදා (8 දා) ශ්‍රී ලාංකිකයන් පිsරිසක්‌ අමතා බැසිලිකාවේ ශාන්ත පීතර චතුරශ්‍රයේදී ප්‍රකාශ කළහ.

උන්වහන්සේගේ ආශීර්වාදය ලබා ගැනීම සඳහා පැමිණි ශ්‍රී ලාංකිකයන් අත ජාතික කොඩියද තිබිණි.

“ඔබ වහන්සේ ශ්‍රී ලංකාවට එන්න” යෑයි මෙම දහස්‌ සංඛ්‍යාත පිරිස පාප්වහන්සේගෙන් ඉල්ලා සිටි මොහොතේ “මම ශ්‍රී ලංකාවට කැමතියි” ශ්‍රී ලංකාව පිළිබඳව සතුටට පත්වෙනවායි පාප්වහන්සේ කීය.

ඉතාලියේ වෙසෙන රෝගී වූ ශ්‍රී ලාංකිකයන් කීප දෙනකුද පාප්වහන්සේගේ සමීපයට රැගෙන ගොස්‌ උන්වහන්සේගේ විශේෂ ආශීර්වාදය ලබා ගන්නා ලදී.

ශ්‍රී ලංකාවේ 66 වැනි නිදහස්‌ දිනය මෙනෙහි කළ පාප්වහන්සේ ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේ ඇතිවූ ජාතිවාදී ගැටුම්වලින් පසු එම කැළැල් සුවවෙමින් පවතින අතර එදා මෙන් සුහදව ජීවත් වීමට ශ්‍රී ලාංකිකයෝ උත්සහ දැරිය යුතු බවද කීහ.

ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස එම ශ්‍රී ලාංකිකයින් සහ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා කළ ඇරයුම පිළිගත් පාප් වහන්සේ ඉඩලද මොහොතක ඉතා ඉක්‌මනින් ශ්‍රී ලංකාවට පැමිණෙන බව දැනුම්දුන් අතර ශ්‍රී ලංකා රාජ්‍ය නායකයින්ට ස්‌තූති කිරීමට අමතක කළේ නැත.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඉතා සුහදව සිප වැළඳගත් පාප්වහන්සේ තමා බැහැදැකීමට පැමිණීම ගැන හදපත්ලෙන්ම ශ්‍රී ලාංකිකයින්ට සහ ඔබට සුබ පතන බව කාදිනල්තුමා කියා සිටියහ.

ශ්‍රී ලාංකිකය් වෙනුවෙන්ම පාප්වහන්සේ මෙදින සිය කාලය වෙන් කිරීම පිළිබඳව කාගේත් සතුටට හේතුවක්‌ විය.

ජාත්‍යන්තර මාධ්‍ය රැසක්‌ මෙම පුවත වාර්තා කර තිබිණි.