ජිනීවා යෝජනාවට එරෙහිව රුසියාවෙන් ප්‍රකාශයක්‌

Spread the News

ජිනීවා යෝජනාවට එරෙහිව රුසියාවෙන් ප්‍රකාශයක්‌
source:
කීර්ති වර්ණකුලසූරිය

ලබන මාර්තු 3 වැනිදා ආරම්භ වන 25 වැනි මානව හිමිකම් සමුළුවේදී බටහිර රටවල් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ඒමට කටයුතු කර ඇති යෝජනාවට එරෙහිව රුසියාව පූර්ව ප්‍රකාශයක්‌ කරන බව ජිනීවා ආරංචි මාර්ග පවසයි.

බ්‍රිතාන්‍ය හා ඇමරිකාව මෙන්ම කැනඩාවද සම්බන්ධ වී ඉදිරිපත් කරන මෙම යෝජනාව සම්බන්ධයෙන් කරුණු දැක්‌වීමට බ්‍රිතාන්‍ය විදේශ ඇමැති විලියම් හේග්, කැනඩා විදේශ ඇමැති ජෝන් බෙයාර්ඩ් යන මහත්වරුන් මාර්තු 5 වැනිදා ජිනීවා වෙත පැමිණෙනු ඇත.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු දැක්‌වීම මාර්තු 16 වැනිදා පැවැත්වෙයි.

කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ සංවිධාන හතරකට බටහිර රටවල් මැදිහත් වී මානව හිමිකම් සමුළුව ඇමැතීමට නිල අවසරය පවා ලබාදී තිබේ.

මෙයට අමතරව රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් 25 දෙනකුගෙන් සමන්විත කණ්‌ඩායමක්‌ මෙම 27 වැනිදා ජිනීවා වෙත පැමිණෙන බව හෙළිවී තිබේ.

මේ සම්බන්ධයෙන් රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ බටහිර රටවල් හමුවේ ශ්‍රී ලංකාව දණ නමන්නේ නැති බවත් කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකාවේ හමුදාව පාවාදීමට ලක්‌ කරන්නේ නැති බවයි.