ශ්‍රී ලංකාවට යුද ආධාර නොදෙන්නැයි වයිකෝ මෝඩිගෙන් ඉල්ලයි

Spread the News

ශ්‍රී ලංකාවට යුද ආධාර නොදෙන්නැයි
වයිකෝ මෝඩිගෙන් ඉල්ලයි
source:
චතුර පමුණුව

භාරතීය ජනතා පක්‍ෂයේ අගමැති අපේක්‍ෂක නරේන්ද්‍ර මෝඩි හමු වී ඇති එම්. ඩී. එම්. කේ. නායක වයිකෝ ශ්‍රී ලංකාවට යුද ආධාර ලබාදීම වහා නවතා දැමිය යුතු බව ප්‍රකාශ කර ඇත.

නරේන්ද්‍ර මෝඩි පෙරේදා (9 දා) චෙන්නායිහි රැස්‌වීමක්‌ ඇමතූ අතර එයට පෙර මේ දෙදෙනා අතර හමුවක්‌ සිදුවී ඇත.

එම්. ඩී. එම්. කේ. පක්‍ෂය ඉදිරි මැතිවරණයේදී භාරතීය ජනතා පක්‍ෂය හා සන්ධානගතවීමට තීරණය කර ඇත.

භාරතීය ජනතා පක්‍ෂයේ හිටපු නායක අතල් බිහාරි වඡ්පායි ද ශ්‍රී ලංකාවට යුද ආධාර ලබාදීම ප්‍රතික්‍ෂේප කළ බව ප්‍රකාශ කළ වයිකෝ ඉදිරියේදී බිහිවන භාරතීය ජනතා පක්‍ෂ රජයක්‌ යටතේ ද යුද ආධාර ලබාදීම නවතා දැමිය යුතු බව පවසා ඇත.

චෙන්නායි හි මහජන රැලියක්‌ ඇමතූ නරේන්ද්‍ර මෝඩි ප්‍රකාශ කර ඇත්තේ තමිල්නාඩු ධීවරයන් ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනීම නිසා එම ධීවරයන් පීඩාවට පත්වන බවයි.