නොරොච්චෝල අලුත්වැඩියාවට පැමිණි චීන ඉංජිනේරුවෝ සේවකයන්ට “සන්තෝෂම්” දෙති

Spread the News

නොරොච්චෝල අලුත්වැඩියාවට පැමිණි
චීන ඉංජිනේරුවෝ සේවකයන්ට “සන්තෝෂම්” දෙති

සමන් ගමගේ source:

ආන්දොaලනයට තුඩු දී තිබෙන නොරොච්චෝල ගල්අඟුරු විදුලි බලාගාරය අලුත්වැඩියා කිරීම සඳහා මෙරටට පැමිණ සිටින චීන ජාතික ඉංජිනේරුවන් පසුගියදා හිටිහැටියේම එහි සේවය කරන දහසක්‌ පමණ වූ ශ්‍රී ලාංකිකයනට රුපියල් දසදහස බැගින් රුපියල් කෝටියක පමණ මුදලක්‌ බෙදා දී තිබේ.

ඉකුත් සතියේ දිනක අලුයම කාලයේ මෙම මුදල් බෙදා දීම සිදු කර ඇති අතර එහිදී නොරොච්චෝල බලාගාරයේ රාජකාරි කරන ඇතැම් ඉහළ නිලධාරින් නිදා සිටි තැන්වලින් පවා නැගිට පැමිණ මෙම මුදල් ලබා ගැනීමට කටයුතු කර ඇත.

ජනවාරි මස 31 වැනිදාට යෙදී තිබූ චීන අලුත් අවුරුදු උත්සවයට තෑගි ලෙස පවසමින් චීන ජාතිකයන් මෙම මුදල් ලබා දීම සිදු කළ බව එහි රාජකාරි ඇතැම් සේවකයෝ සඳහන් කළහ.

පසුගිය කාලයේ දිගින් දිගටම කඩා වැටීමට ලක්‌ වූ නොරොච්චෝල බලාගාරයේ අලුත්වැඩියා කටයුතු සඳහා පැමිණි චීන ජාතිකයන් මේ අන්දමින් එහි රාජකාරි කරන සේවකයන්ට මුදල් බෙදා දීම විස්‌මයට කරුණක්‌ බවද ඔවුහු පෙන්වා දෙති.

නොරොච්චෝල බලාගාරය ඉදිකරනු ලැබූ චීන සමාගමේ ප්‍රධානින් මීට පෙර අවස්‌ථාවක එය අලුත්වැඩියා කිරීමේ කොන්ත්‍රාත්තුවක්‌ ලබා දීම වෙනුවෙන් විදුලිබල මණ්‌ඩලයේ එක්‌තරා ඉහළම නිලධාරියකුට රුපියල් මිලියන 35 ක පමණ කොමිස්‌ මුදලක්‌ ලබා දීමේ සිද්ධියක්‌ද වාර්තා විය.

දෙවසරක කාලයක්‌ තුළ නොරොච්චෝල බලාගාරයේ සියලු දොaෂ නිවැරදි කර දෙන ලෙස පවසමින් මෙවර එහි අලුත්වැඩියා කටයුතු සඳහා ගෙන්වා සිටින චීන සමාගමට ඉදිරියේදී නොරෙච්චෝල බලාගාරයේ කටයුතු සම්පූර්ණයෙන්ම පවරා දීමේ කුමන්ත්‍රණයක්‌ මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බවද එහි අභයන්තරයෙන් වාර්තා වේ.