කොටි ඔත්තුකරු නිතර කොළඹට පැමිණ හමුදා භටයින් ඇසුරු කරලා

Spread the News

කොටි ඔත්තුකරු නිතර කොළඹට
පැමිණ හමුදා භටයින් ඇසුරු කරලා

නෝමන් පලිහවඩන
source:
කිළිනොච්චියේ රෝහලේදී පෙරේදා (24 දා) අත්අඩංගුවට ගත් කොටි සංවිධානයේ බුද්ධි අංශයේ ප්‍රධානියකු වන ජෙයා නමැති කොටි ඔත්තුකරු හෙළිකරන තොරතුරු අනුව මෑතකදී ඔහු හමුදා භටයින් කීපදෙනකු සමග සම්බන්ධතා පවත්වාගෙන ගොස්‌ ඇත. කොටි සංවිධානය මුළුමනින්ම විනාශ වී යාමෙන් පසු එම සංවිධානයට යළි පණදීමේ අරමුණින් මොහු මෙම ඔත්තු සේවය වඩාත් පුළුල් කර ඇත.

කිළිනොච්චි රෝහලේ උසස්‌ රැකියාවක්‌ කරන මොහු නිතර නිතර කොළඹට පැමිණ හමුදා භටයින් ඇසුරු කිරීමට උත්සහ දරා ඇත.

මොහුගේ ජංගම දුරකථනය තුළින් වඩාත් වැදගත් තොරතුරු රැසක්‌ හෙළිකර ගැනීමට අසීරු නොවන බව පොලිස්‌ ත්‍රස්‌ත විමර්ශන අංශය කියයි.