Spread the News

අවස්‌ථාවාදීන් දෙස බුද්ධි අංශ ඇස

නෝමන් පලිහවඩන

අලුත්ගම, බේරුවල ප්‍රදේශ සන්සුන් වී තිබියදී එම ප්‍රදේශවල ගැවසෙන රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් සහ අවස්‌ථාවාදී දේශපාලනඥයන් පිළිබඳව රහස්‌ පොලිසිය ඇතුළු පොලිස්‌ බුද්ධි අංශ නිලධාරීහු දැඩි සෙවිල්ලෙන් පසුවෙති.

මේ හැර අලුත්ගම සහ බේරුවල කඩසාප්පුවලට හා පුද්ගලයන්ට දුරකථනවලින් බලපෑම් කරන පුද්ගලයන්ගේ දුරකථන අංක ලබාදෙන ලෙස පොලිසිය එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් සහ ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක්‌ කරති.

අලුත්ගම, බේරුවල හටගත් සිද්ධිය ආරක්‍ෂක කැමරාවල සටහන් වී තිබේදැයි රහස්‌ පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

මේ අතර මෑතකදී ජපානයේ සිට බේරුවලට පැමිණි මුස්‌ලිම් ජාතිකයකු එම ප්‍රදේශවාසීන් උසිගැන්වීමට දැරූ උත්සාහයක්‌ නිෂ්ඵල වී ඇති බව ද එම සැකකරු පොලිසියට කට්‌ටි පනිමින් සිටින බව ද වාර්තා වේ.

මේ අතර පානදුර ප්‍රකට වෙළෙඳ ආයතනයක හටගත් ගින්නට හේතුව විදුලිය බවට සැකයක්‌ පවතින බව අලුත්ගම පොලිසිය කියයි.

ගින්න හටගැනීමට පැය කීපයකට පෙර මෙම වෙළෙඳසලේ විදුලිය අලුත්වැඩියා කරමින් තිබූ බව ද පැවසේ.