භික්‍ෂු විවේකාගාර මිහිපිට අපායකි
source:
ලෝකයේ ථේරවාදි බුදුදහම පවතින රටවල් අතරින් ප්‍රධාන තැනක් හිමිවන්නේ ශ්‍රී ලංකාවට බව අවිවාදයෙන් පිළිගත යුතුයි.
මේ රට සුදු ජාතීන් පාලනය කරන යුගයේදී දුම්රියෙන් වැඩම කරන භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් වැසිකිළි කැසිකිළි පහසුකම් සහිත අනුරාධපුර පොල්ගහවෙල හැටන් යන දුම්රිය ස්‌ථානවල පමණක් භික්‍ෂු විවේකාගාර ඉදිකර තිබේ.
නමුත් මෑත කාලයේදී සාමවිනිසුරු කොළඹ සද්ධාරතන හිමියන්ගේ මඟපෙන්වීම යටතේ සෑම ප්‍රධාන දුම්රිය ස්‌ථාන වල වැසිකිළි කැසිකිළි පහසුකම් සහිත භික්‍ෂුවිවේකාගාර ඉදිකෙරෙන බව පුවත්පතේ පලවී තිබිණි.
මෙම භික්‍ෂු විවේකාගාර නමට පමණක් සීමාවී ඇති බව පෙනේ. වේයන්ගොඩ දුම්රිය ස්‌ථානයේ භික්‍ෂු විවේකාගාර ඉදිකරන අවස්‌ථාවේ වැසිකිළි කැසිකිළි පහසුකම් සහිත ඉදිකර තිබුනත් මේවන විට එම භික්‍ෂු විවේකාගාරය කාන්තා පක්‍ෂයට වෙන්කර ඇත. කිසිම පහසුකමක් නැති කාමරයක් පමණක් වෙන්කර ඇත. එම කාමරයේද වැසිකිළි කැසිකිළි නැති නිසා ඉමහත් දුෂ්කරතාවයට පත්වී ඇතත් සියලුම භික්‍ෂු විවේකාගාර මිහිපිට අපායක් බවට පත්වී ඇත.
මේ සම්බන්ධයෙන් දුම්රිය ස්‌ථානාධිපතිවරුන් සහ වගකිවයුතු අංශවල අවධානය යොමු නොවීම නිසා ලිතව දැනුම් දුන්නත් ගත් ක්‍රියාමාර්ග නැත. මේ බෞද්ධ රටේ බෞද්ධ නිලධාරීන් සිටියත් භික්‍ෂූන් වහන්සේලාට සලකන හැටි මෙහෙම නම් අන්අය ගැන කවර කතාද?
ඡේ. ඒ. ජයවික්‍රම
මාලිගාවත්ත