යුද අනාථයන් ලෙස වවුනියාවට පැමිණි පවුල් 740 කට ස්‌ථිර පදිංචිය

Spread the News

යුද අනාථයන් ලෙස වවුනියාවට පැමිණි පවුල් 740 කට ස්‌ථිර පදිංචිය

දිනසේන රතුගමගේ

1995 වර්ෂයේදී යුද අනාථයින් ලෙස වවුනියාවට පැමිණි පවුල් 740 කට අයත් අනාථ වැසියන්ව උතුරේ නෙඩුන්කේනි දිස්‌ත්‍රික්‌කයේ ස්‌ථිරව පදිංචිකරවීමට රජය පියවර ගෙන තිබේ.

මෙම අනාථ වැසියන් වවුනියාවට පැමිණෙන විට ඔවුන් පදිංචිව සිටියේ මුලතිව් හා කිලිනොච්චි දිස්‌ත්‍රික්‌කවලය. සාමය එළඹීමෙන් පසුව මේ වැසියන්ට ආපසු සිය ගම්බිම් බලා යන ලෙස නිලධාරීන් දැනුම් දෙනලද නමුත් ඔවුන්ට එම දිස්‌ත්‍රික්‌කවල ඉඩම් නොමැති නිසා එහි යැම ප්‍රතික්‌ෂේප කොට තිබේ.

මේ පිළිබඳව නිලධාරීන් කළ කරුණු සොයා බැලීමකදී ඔවුන් පවසන දේ සත්‍ය බැවින් ඔවුන්ගේ පළාතේ රජයේ ඉඩම්වල මේ පිරිස පදිංචි කරවීමට තීරණය කොට තිබේ. දැනට මේ පිරිස වවුනියාවේ පූංතෝට්‌ටම් හා සිදම්බරපුරම් යන අනාථ කඳවුරුවල පදිංචි වී සිටිති.