Spread the News

හොලිවුඩ් නිළිය ශ්‍රී ලාංකිකයාට වන්දි ගෙවයි

ගම්පහ අධිකරණ – විල්සන් පලිහවඩන සහ ගම්පහ අතිරේක – ටියුඩර්Êදිසානායක

හිටපු හමුදා මේජර්වරයකුට රුපියල් මිලියන තුනක වන්දි ගෙවන ලෙසට කම්කරු කොමිෂන් සභාව කළ නියෝගයට එරෙහිව තමන් විසින් ගොනුකර තිබූ අභියාචනය ලෝක ප්‍රකට හොලිවුඩ් නිළි ජිලියන් ඇන්ඩර්සන් මහත්මිය විසින් ඉල්ලා අස්‌කර ගන්නා ලදී.

ඒ අනුව ශ්‍රී ලාංකිකයාට අදාළ වන්දි මුදල ගෙවන ලෙස ඇන්ඩර්සන් මහත්මියට කම්කරු කොමිෂන් සභාව නියෝග කර ඇත.

ඇමරිකාවේ වෙසෙන ලෝකප්‍රකට හොලිවුඩ් නිළියක වන ජිලියන් ඇන්ඩර්සන් මහත්මියට ශ්‍රී ලංකාවේ පස්‌යාල පිහිටා ඇති ඇයට අයත් දේපළ භාරව සිටි (සාමාන්‍යාධිකාරිවරයා වශයෙන් කටයුතු කළ) හිටපු හමුදා නිලධාරියකු වන මේජර් එන්. එම්. ආර්. බණ්‌ඩාර මහතා හිටි හැටියේ සේවයෙන් නෙරපා දැමීම සම්බන්ධයෙන් ඔහු විසින් ගම්පහ කම්කරු විනිශ්චය කොමිෂන් සභාවට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව එය විභාග කළ කම්කරු විනිශ්චය කොමිෂන් සභාව විසින් මේජර් බණ්‌ඩාර මහතාට රුපියල් මිලියන තුනක වන්දියක්‌ ගෙවන ලෙසට නියම කරන ලදී.

එම තීන්දුවට එරෙහිව ජිලියන් ඇන්ඩර්සන් මහත්මිය (පොර්නිස්‌ පෞද්ගලික ආයතනයේ අධ්‍යක්‍ෂවරිය) විසිනA නීතිඥ සයිමන් සහ සමාගමේ නීතිඥ නාලනි ජයලත් මහත්මිය මගින් බස්‌නාහිර පළාත්බද අභියාචනාධිකරණයට අභියාචනයක්‌ ඉදිරිපත් කරන ලදී (නඩු අංක 24/13).

පසුව ජිලියන් ඇන්ඩර්සන් මහත්මිය විසින් කම්කරු විනිශ්චය සභා නියෝගය පිළිගන්නා බවත්, අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ නඩුව ඉල්ලා අස්‌කර ගැනීමට කැමැති බවත්, නීතිඥ නාලනී ජයලත් මහත්මිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ගම්පහ මහාධිකරණ විනිsසුරු පී. වික්‍රමසිංහ මහත්මිය විසින් එම ඉල්ලීමට ඉඩ දෙන ලදී.

මෙම නඩුව 2011 සිට 2014 නොවැම්බර් මස 21 වැනිදා දක්‌වා විභාග කර ඇත.