චන්ද්‍රිකා “මිස්ටර් ප්‍රභාකරන්” කිව්වේ කොටි ඉල්ලීමට

Spread the News

චන්ද්‍රිකා “මිස්ටර් ප්‍රභාකරන්” කිව්වේ කොටි ඉල්ලීමට

ප්‍රභාකරන් මහත්මයකු කරමින් හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පසුගිය දා යාපනය කිට්ටු ක්‍රීඩාංගණයේදී පැවැති රැලියක් අමතමින් කළ කතාවෙන් පසු විපක්ෂයේ ජනපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඔහුගේ වැඩපිළිවෙළ පිළිබඳව තම සියලු සැක සංකා දුරු වී ඇතැයි දෙමළ සන්ධානය හා කොටි ඩයස්පෝරාව ඇතුළත් ලෝක ‍ඊළාම් ජාලය ප්‍රකාශ කර ඇත. එබැවින් මෛත්‍රීපාල සිරිසේනට සහාය දෙන ලෙස ඔවුන් ඊළාම් හිතවාදීන්ගෙන් ඉල්ලා ඇත.

පසුගිය දා යාපනයේ ජන හමුව ඇමතු හිටපු ජනපතිනිය වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන සඳහන් කළේ “මිස්ටර් ප්‍රභාකරන්” යනුවෙනි. එසේම මෛත්‍රී පාලනයක් යටතේ උතුරට සියලු බලතල දෙන බව ද ප්‍රකාශ කළාය. එසේම අවසන් ඊළාම් සටනේදී සිදුවූ සිදුවීම් ගැන ද සිය කනගාටුව ද ප්‍රකාශ කළාය.

ඇය මේ ප්‍රකාශය කර ඇත්තේ දෙමළ සන්ධානය මෛත්‍රීපාල සිරිසේනට සහාය දීම සඳහා ඇති කරගත් එකඟත්වය අනුවය. අදාළ ගිවිසුම රහසිගතව තබා ගැනීමට එකඟ වුවත් තම ඉල්ලීම් සම්බන්ධයෙන් කිසියම් ප්‍රසිද්ධ පිළිගැනීමක් ඔවුනට අවශ්‍ය වී තිබිණි.

හිටපු ජනපතිනිය යාපනයේ දී සිය කතාවෙන් සිදු කර ඇත්තේ එම ඉල්ලීම ඉටු කිරීමය.

පසුගිය දිනෙක දෙමළ ජාතික සන්ධානය පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි නායක අර්. සම්බන්දන් ප්‍රකාශ කළේ මෛත්‍රී පාලනයක් යටතේ තමන්ට අවශ්‍ය දේ ලබා ගන්නා බවය. මාධ්‍යවේදීන් ගිවිසුමක් තිබේදැයි විමසු විට ඔහු මඟ හැර ගොස් ඇත.