රට ලේ විලක්‌ වීමට ගිය අනතුර මැඬපැවැත්වීම ගැන ස්‌තුතියි

Spread the News

රට ලේ විලක්‌ වීමට ගිය අනතුර මැඬපැවැත්වීම ගැන ස්‌තුතියි
– පාඨලී චම්පික රණවක

සිරිමන්ත රත්නසේකර

රට ලේ විලක්‌ වීමට ගිය අනතුර නිර්භීතව මැඬපැවැත්වූ මැතිවරණ කොමසාරිස්‌තුමන්ට හා පොලිස්‌පතිතුමන්ට ගෞරවනීය ස්‌තුතිය පුද කරන බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා ඊයේ (09 වැනිදා) සඳහන් කළේය.

ජනාධිපතිවරණ පරාජය ආසන්නවත්ම ආරක්‌ෂක අංශ මෙහෙයවා පරාජය ආපස්‌සට හැරවීමට ආරක්‌ෂක අංශ ප්‍රධානියකු කටයුතු කළ බවට හෙතෙම චෝදනා කර සිටියේය.

එම අවස්‌ථාවේදී එම නිලධාරීන් නොබියව, නොපැකිලිව, කටයුතු කිරීම තුළින් රට ලේ විලකට යැමට තිබූ අනතුර වළක්‌වා ගැනීමට හැකිවූ බවත් පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

පාඨලී චම්පික රණවක අදහස්‌ පළ කළේ ඊයේ (9 වැනිදා) බත්තරමුල්ල පන්නිපිටිය පාරේ පිහිටි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.