මෙරට ද්‍රවිඩ 1277 ක්‌ ස්‌විස්‌ රැකවරණ ඉල්ලති

Spread the News

මෙරට ද්‍රවිඩ 1277 ක්‌ ස්‌විස්‌ රැකවරණ ඉල්ලති

කීර්ති වර්ණකුලසූරිය

2014 වසර තුළ පමණක්‌ මෙරට ද්‍රවිඩ ජාතිකයන් 1277 න් ස්‌විස්‌ටර්ලන්තයේ දේශපාලන රැකවරණ පතා ඇත. මෙය 2013 ට වඩා සියයට 87 ක වැඩිවීමකි.

මෙලෙස දේශපාලන රැකවරණ ඉල්ලූ ද්‍රවිඩ ජාතිකයන් සිය ඉල්ලුම් පත්‍රවල සඳහන් කර ඇත්තේ ආරක්‍ෂක අංශ හිරිහැර කරන බවයි.

එහෙත් කිසිදු පොලිස්‌ පැමිණිල්ලක පිටපත්a ඔවුන්ගේ ඉල්ලුම්පත්වල දක්‌වා නැති අතර ද්‍රවිඩ දේශපාලනඥයන්ගේ සහ රාජ්‍ය නොවන ආයතනවල නිර්දේශ පමණක්‌ සඳහන් කර ඇති බවද ස්‌වීස්‌ ආරංචිමාර්ග කියයි.

ස්‌විස්‌ටර්ලන්තයේ දේශපාලන රැකවරණ හිමිවූවන්ට මසකට ප්‍රෑන්ක්‌ 450 ක්‌ ඇතුළු වරප්‍රසාද රැසක්‌ හිමිවේ. නව රජය පත්වීමෙන් පසු මෙලෙස දේශපාලන රැකවරණ පැතූ පිරිස ගැන මෙරට බලධාරීන්ගෙන් විමසීමට ස්‌විස්‌ රජය තීරණය කර ඇත.