Spread the News

ඕස්ට්‍රේලියා ආදිවාසීන්ගේ උරුමය තහවුරු වේ

2015 ජූලි මස 11 09:16:24 | ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා

අප්‍රිකාවේ සිට ලෝකයපුරා ව්‍යාප්තව වූ බව සැළකෙන මානවයන්ගේ පැරණිතම පුරුක් ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන්ගේ යැයි නව පර්යේෂණයකින් සනාථ කැර ඇත.

එම පර්යේෂණය සිදුකළ විද්‍යාඥයන් පවසන්නේ අදින් වසර 75,000ට පමණ පෙර අප්‍රිකාවේ සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ අප්‍රිකානු මානවයන්ගෙන් මොවුන් පැවත එන බවයි. ඔවුන්ට වසර 50,000ට වඩා පැරණි අඛණ්ඩ පරිනාමීය ඉතිහාසයක් ඇති බව ද ඔවුහු කියති.

මේ අනුව ඕස්ට්‍රේලියාව වාස භූමිය කරගත් පළමු මානවයන් ඔවුන්ය. මේ ගැන දශක කිහිපයක් විවිධ මත ගැටුම් තිබිණි. බටහිර ඕස්ට්‍රේලියාවේ කිම්බර්ලේ කලාපයෙන් සොයාගෙන තිබූ අසාමාන්‍ය ලෙන් චිත්‍ර කිහිපයක් මේ මත ගැටුමට හේතු වී තිබිණි.

ඒ චිත්‍ර ඉතා උසස් මට්ටමේ වූ අතර ශරීර හැඩහුරුකම්, කරාබු හා හිසකෙස් යනාදිය මනාව නිරූපනය වූ මේ හා සමාන චිත්‍ර ඕස්ට්‍රේලියාවේ කිසිදු ස්ථානයකින් හමුවී නැත.

ඒ හේතුවෙන් ඇතැම් පුරාවිද්‍යාඥයන්ගේ මතය වූයේ ඕස්ට්‍රේලියා ආදිවාසීන්ට පෙර වෙනත් මානව වර්ගයක් ඕස්ට්‍රේලියාවේ වාසය කරන්නට ඇති බවයි. නමුත් නව පර්යේෂණ අනුව තහවුරු වී ඇත්තේ මේ චිත්‍ර ඇඳ ඇත්තේ ඔවුන් විසින් බවයි. ඒ අනුව ඔවුන්ට වඩා වෙනස් මිනිසුන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වූ වා යැයි තිබූ මතය බිඳ වැටිණි.

ක්වින්ස්ලන්තයේ  ග්‍රිෆිත්  විශ්ව විද්‍යාලයේ ජීව මානව විද්‍යාඥ ආචාර්ය මිචෙල් වෙස්ටවේ පවන්නේ ඇබෝජින්වරු ඕස්ට්‍රේලියාවේ පැරණිතම වැසියන් බව තහවුරු වී ඇති බවයි.

The first 3 - Copy The first 2 The first 1