Spread the News
මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් අගමැති රනිල්ට එරෙහිව ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයට  පැමිණිලි කරයි

කරුණු කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා නගමින් සිංහලයේ ජාතික පෙරමුණ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයට අද පැමිණිල්ලක් කළා. එහි සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පැවසුවේ අග‍්‍රාමාත්‍යවරයාගේ ඇතැම් තීන්දු තීරණ හේතුවෙන් ජාතික ආරක්‍ෂාව තර්ජනයට ලක්ව ඇති බවයි.
උතුරට ඇතුල්වීම සඳහා විශේෂ අවසරයක් ලබාගැනීමට අවශ්‍ය වුනා විදේශිකයන්, ඒ අවසරය ඒ තහංචිය ඉවත් කරා. ඒ වගේම උතුරේ අධි ආරක්‍ෂිත කලාපයෙන් අක්කර 1000ක් ඉවත් කරා. ඒ වගේම ඉන්දියාවෙන් නැවත ලක්ෂයක පිරිසක් ගෙන්වන්න සුදානම් වෙනවා. මේ ආදී කරුණු කාරනා කිහිපයක්.
ඊයේ දවසේ අපි දුටුවා මාධ්‍යයෙදී ෆ්රන්ට් ලයින් නමැති LTTE හිතවාදී සඟරාව තහනම් කරලා තිබුනා ලංකාවේ. ඒ තහනම් කරපු සඟරාව නැවත ලංකාවට ගෙනල්ලා රේගුවේ හිර වෙලා තිබුන අවස්ථාවේ අගමැතිතුමාගේ සෘජු මැදිහත්වීම මත ලංකාවේ සැරිසරන්න ඒවා මුදාහරින්න අවශ්‍ය නියෝගය එතුමා විසින් නිකුත් කරලා තියෙනවා.
මෙම කරුණු සැලකිල්ලට ගෙන අග‍්‍රාමාත්‍යවරයාගේ අදාල තීරණ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන්නැයි සිය පැමිණීල්ලෙන් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් ඉල්ලා සිටි බවද පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝ්ක හිමියන් මෙහිදී කියා සිටියා.