Spread the News

හිටපු කොටි නායිකා තමිලිනී පිළිකාවකින් මියයයි

දිනසේන රතුගමගේ

එල්. ටී. ටී. ඊ. සංවිධාන යේ කාන්තා දේශපාලන අංශයේ නායිකාවක ලෙස කලක්‌ සේවය කළ තමිලිනී නොහොත් නඩරාජා ශිවහාමි පෙරේදා (17 දා) මහරගම පිළිකා රෝහලේදී ජීවිතක්‍ෂයට පත්වූවාය.

කිලිනොච්චි පරන්තන ප්‍රදේශවාසීන් පැවසුවේ පිළිකා රෝගයෙන් පීඩා විඳි තමිලිනී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි.

තමිලිනී යුද්ධය නිමාවීමෙන් අනතුරුව ආරක්‍ෂක අංශ අත්අඩංගුවට පත්වූ අතර 2014 වර්ෂයේදී පුන්තෝට්‌ටම් පුනරුත්ථාපන මධ්‍යස්‌ථානයේ පුනරුත්ථාපනය ලැබීමෙන් අනතුරුව සමාජගත කෙරිණි.

තමිලිනී කිළිනොච්චි පරන්තන් ප්‍රදේශයේ ස්‌ථිර පදිංචිකාරියකි. 43 හැවිරිදි තමිලිනී කලෙක පටන් පිළිකා රෝගයෙන් පෙළී ඇති බැව් ද කිලිනොච්චි රෝහල් ආරංචි මාර්ග පැවසීය.

පරන්තන් ප්‍රදේශවාසීන් පැවසුවේ දේහය මහරගම සිට පරන්තන් දක්‌වා රැගෙන ඒමෙන් අනතුරුව ඥාතීන්ගේ සහභාගිත්වයෙන් අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බවයි.v