ආරියතිලක
2025.11.30
රටක් දියුණු වීමට රටේ ජනතාව දෙවිධියකින් බල ගැන්විය යුතු ය. අධ්‍යාතමික වශයෙන් හා ආර්ථික වශයෙනි. අධ්‍යාත්මික වශයෙන් බල ගැන්වීම නො කරනතාක් ආර්ථික සමෘද්ධියට පත් වීම කළ නො හැක. අධ්‍යාත්මික බල ගැන්වීම නම් ධර්ම ශක්තිය ඇති කිරීම ය. මෙයට ප්‍රධාන විය යුත්තේ රටේ පාලන තන්ත්‍රය ය. අතීතයේ නම් රජු ය. වර්තමානයේ නම් රටේ ප්‍රධානියා ය. සම්බුදු දහම ඇති මේ රටේ සම්බුදු දහමින් බල ගැන්වූ අධ්‍යාත්මික බලය, උසස් ලෙස ඇති කර ගැනීමට සම්බුද්ධ ශානසනය ප්‍රධාන කොට ගත යුතු ය.
වත්මන් රාජ්‍ය පාලනය පත් වූ දා පටන් මහා සංඝ රත්නයට රාජය අනුග්‍රහය සාඞඝගත දක්ෂිණාවක් ලෙස එක බත් හැන්දක දුන් බවක දක්නට නො ලැබුණි. අසන්නට නො ලැබුණි. කිසිදු සිද්ධස්ථානයක බෞද්ධ වතාවත් අනුව පිංකම් කොට මනුෂ්‍ය ආරක්ෂක, ප්‍රජා ආරක්ෂක, හා දිව්‍ය දේව සමූහයාට පුණ්‍යානුමෝදනා කළ බවක් අපට පෙනුනේ නැත. අපදා තත්වයක් ඇතිවෙන විට, පටන් ගැන්මේදීවත් වත්මන් රාජ්‍යකාරකාදීන් විසින් සුදුසු පරිදි දෙවි දේවතාවුන් හට පිං කර පුණ්‍යානුමෝදනා කළ බවක් දක්නට නො ලැබුණි. අසන්නට නො ලැබුණි. දෙවියන්ගේ රැකවරණය නැතිව රටක් පාලනය කළ නො හැක. මේවා කොමියුනිස්ට්වාදීන්ට නම් ඇලජික් ය. විෂ ය. ගෝත්‍රික අදහස් ය. හැබැයි මේ රට මේ වත්මන් ස්වාභාවික ව්‍යසනය හේතුවක් නම් සද්ධර්මයට ගැරහීම බව නො කියා ම බැරි ය. 1971 හා 1987/88/89 යන කැරළි දෙකෙන් කොමියුනිස්වාදීන් මේ රට විනාශ කළහ. මේ වතාව අප දකින්නේ සම්බුද්ධ ශාසනය නො තකා කටයුතු කිරීමෙන්, අධ්‍යාත්මික කැරැල්ලක් ලෙස තුන්වන වරට මේ රට විනාශ වන තැනට ඇද දැමූහ. බුදුරදුන් උදෙසා මෙරට බෞද්ධ ජනතාව අදහන, බුදු රදුන් වෙනුවෙන් සළකන පිළිමය ජාතීවාදී යයි ගැරහීමට ලක් කළහ.භික්ෂූන්ට පහර පහර දීම කළහ. හිංසාවට ලක් කළහ.
දෙවියන් උදෙසා පින් අනුමෝදන් කිරීමට මහා සංඝ රත්නයට, අඩු ම තරමින් බත් හැන්දක් හෝ දීමට රාජ්‍ය අනුග්‍රහ නො දැක්වූහ.
හිඟනකම දෙයාකාරය. එනම්:-
1.. ධන ධාන්‍යයාදිය නැති කමින් ඇති කරන දුප්පත් බවින් ඇති කරන හිඟන කම,
- අධ්‍යාත්මික හිඟන කම ය. අධ්‍යාත්මික හිඟන කම නම් ධන ධාන්‍යයාදිය, ද්‍රව්‍යම දෑ වලින් ඇති කරන බලපුළුවන් කාරකම් ඇති නමුදු ධර්මයට සිත නැඹුරු නො වීමෙන් මිසදිටු හත් සිතින් ඇති කරන කුසල් සිතේ පිරිහීම ය.
අධ්‍යාත්මික හිඟනකම අතිශයින් බරපතබල ය. කොපමණ තනතුරු, උපභෝග පරිභෝග වස්තු, උගත්කම, තිබුණත් අධ්‍යාත්මික හිඟන කම ඇත්තාගේ මෙලොව පරලොව දෙලොව ම පිරිහෙන්නේ ය. ඔහු හෝ ඇය සිටින පවුල ද පිරිහීමට යන්නේ ය. ආයතනයක ප්‍රධානත්වය එවැනි යමෙක් ධරන්නේ ද එම ආයතනය ද පිරිහීමට යන්නේ ය. රටක පාලක බලය එවැනි කෙනෙකුන් අතට පත් වීමෙන් ඒ රටේ සෞභාහ්‍යය ද වැසියන්ගේ සැපත ද පිරිහී යන්නේ ය. කැමැති වුවත් නැතත් එම තැනට කටයුතු සිදුවන්නේ ය. මෙයට උදාහණ, රටේ ඉතිහාසය හා ලෝක ඉතිහාසය අධ්‍යනය කිරීමෙන් එවැනි පුද්ගලයන් පිළිබඳ හා එවැනි පුද්ගලයන් නායකතවය දරූ සංවිධාන, දේශපාලන පක්ෂ හා එවැනි අය සමඟ වැඩ කළ පිරිසට අත් වූ ඉරණම ද රටේ නායකත්වය පත් විමෙන් එ රටට සිදු වූ මහත් වූ විපත් පිළිබඳව බොහෝ කරුණු ලැබ ගත හැක.
ඇමරිකානු රජය, බුදු දහමට මුල් තැන දුන් රටක් නො වේ. එසේ වුවත් ඔවුන්ගේ රාජ්‍යයේ ආදර්ශ පාඨය නම් “අපි දෙවියන් වහන්සේ විශ්වාස කරමු” [Motto: “In God We Trust”] යනුවෙනි. කොමියුනිස්ට්වාදිහු කිසිදු දෙවියෙක් විශ්වාස නො කරත්. ආගමික ඇදහීම් ද විශ්වාස නො කරත්.

