
ආරියතිලක
2026..01.26
පසුගියදා වැඩ තහනමට ලක්වු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ජේෂ්ඨ නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් තමාට සිදුවුණ අසාධාරණය සම්බන්ධව ජාත්‍යන්තර සංවිධාන හතරකට පැමිණිලි කිරීමට යන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත. lanka c news වෙබ් පිටුව මේ පිළිබඳව, කර ඇති වාර්තාවෙන් කොටසක් උපුටා දකවමු.
“අප වෙත ලැබී තිබෙන තොරතුරු අනුව ඔහු විසින් අන්තර් පාර්ලිමේන්තු සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලිිය පාර්ලිමේන්තු සංගමය, පාර්ලිමේන්තු මහලේකම්වරුන්ගේ ජාත්‍යන්තර සංසදය, සහ ජිනීවා මානව හිමිකම් කොමිසම යන ආයතන වලට මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇතැයි වාර්තාවේ.
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ දෙවැනි ජ්‍යෙෂ්ඨම නිලධරයා වන තමන්ට එරෙහිව චෝදනාවක් තිබේ නම් ඒ පිළිබඳව මූලික පරීක්ෂණයක් කැඳවා තමන්ටද කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් හිමි විය යුතුව තිබු නමුත් එසේ නොකර එක්වරම වැඩ තහනම් කිරීමෙන් ස්වාභාවික යුක්ති මූලධර්ම පවා කථානායකවරයා විසින් කඩ කර ඇතිබවද අදාළ පැමිණිල්ලේ සඳහන් වන බව දැනගන්නට තිබේ.”
(උපුටා ගැනීම අවසන්)
මේ පිළිබඳ අපගේ අදහස මෙලෙස ය.
සියල්ල නීතියේ ආධිපත්‍යට යටත් කළ යුතු ය. 1971 හා 1987/88/89 ඇති කැළෑ නීතිය නැවතක් හිස එසවීම නැවැත් විය යුතු ය. සමස්ථ ලාංකිකයන් වෙනුවෙන් ම යුත්තිය ඉෂ්ට කිරීමක් වෙනවා ඇත. ත්‍රස්තවාදය හා බැදුනු පුද්ගලයන්ට නීතිය අමතක විම පුදුමයක් නො වේ. අවසානයේ අනීතික කැළා නීතිය රජ කරවීමට උත්සාහ කළ බව බටලන්ද නිරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ “සමාප්ති නිරීක්ෂණ සටහන් ” යටතේ මෙසේ සටහන් කොට ඇත්තේ ය.
“ජනතා විමුක්ති පෙරමුණ හෝ ඊට සම්බන්ධ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය බඳු
සංවිධානවල හෝ සාමාජිකයන් විසින් සිදු කරන ලද ත්‍රස්තවාදී ක්‍රියාවලට අප කිසි ලෙසකිනුත් සමාව නොදෙන බව අප ස්ථීරවම ප්‍රකාශ කරනු කැමැත්තෙමු.”
යන පාඨය ද,
” ජනතා විමුක්ති පෙරමුණෙන් සිදු කරනු ලැබූ ත්‍රස්තවාදී ක්‍රියා රැල්ල”
මෙම පාඨය සහිත පහත සඳහන්
“එකල රජය ඇත්ත වශයෙන් ම ජනතා විමුක්ති පෙරමුණෙන් සිදු කරනු ලැබූ ත්‍රස්තවාදී ක්‍රියා රැල්ල පාලනය කිරීම සඳහා අධිකරණ ක්‍රමයෙන් බාහිර ක්‍රම අනුගමනය කර තිබෙන බව අප සැලකිල්ලට ගන්නේ කනගාටුවෙනි”
යන ප්‍රකාශය සහ
“ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදය රාජ්‍ය ත්‍රස්තවාදයෙන් මෙල්ල කිරීමට තැත් කරන ලදී. “
ප්‍රකාශයෙන් කියවෙන්නේ 1988/89/89 ජවිපෙ කැරැල්ල මෙහෙය වූ ජනතා විමුක්ති පෙරමුණ විසින් ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ය. එය ජනතා විමුක්ති පෙරමුණ විසින් නිල වශයෙන් පිළි ගෙන ඇත.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පසු ගිය මාර්තු 14 දින පාර්ලිමේන්තු සභා ගත කෙරෙණි . 2025.04.10 දින එම වාර්තාව සම්බන්ධව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනිණි.
ජාතික ජනබල වේගය ආණ්ඩූවේ ප්‍රධාන පක්ෂය වන්නේ ජනතා විමුක්ති පෙරමුණ ය. මෙම පක්ෂ දේකෙහිම නායකයා වත්මන් ජනාධිපතිවරයා ය. පකෂ දෙකෙහිම ලිපිනයන් ද එකක් ම ය. පන්නිපිටිය පාර, පැලවත්ත, බත්තරමුල්ල, යන ලිපිනය යටතේ පක්ෂ මූලාස්ථානය දක්වා ඇති ස්ථානීය ලිපින අංකය එකක්ම ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනධිපතිවරයා බැවින් ඉහත උපුටා දැක්වූ පාඨ සහිත බටලන්ද කොමිෂන් සභා වාර්තාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමත් සමඟ ම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වශයෙන්, ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්තවාදී ක්‍රියාකාර කම්වලට සම්බන්ධ බව නිළ වශයෙන් පිළිගැනීමත් සිදු වී ඇත, එම වාර්තාව පාර්ලිමේන්තු සභා ගත කිරීමෙන් සමස්ත ආණ්ඩුව ම බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව පිළිගැනීමත් සිදු වේ. ඒ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ප්‍රකාරව ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමට ලක්වීමේ යොජනා සහ අධිකරණ ක්‍රියා ඇරඹීමත්, රජයට විරුද්ධ ත්‍රස්තවාදී ක්‍රියා ඇති කිරීම නිසා, තහනම් පකෂයක් වීමට ද හේතු ඇති කරයි.
එසේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
157(අ) 1, 157(අ) 2, 157(අ) 3, අ,ආ,ඇ,ඈ 157(අ) 4, 157(අ) 5 අ,
157(අ) 5 ආ I, II, III, IV, 157(අ) 6
ව්‍යවස්ථා අනුව දේශපූර්ණත්වය උල්ලංඝනය කිරීම යටතේ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය තහනම් කිරීමට ද පක්ෂයේ චංචල නිෂ්චල දේපොළ තහනම් කිරීමට ද, ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ද සංවිධාන ,හා දේශපාලන පක්ෂය වන ජාතික ජන බලවේගය පක්ෂය ද, එම පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රි ධූර ද බල රහිත කිරීමට ද එම පක්ෂයට සම්බන්ධව ඡන්දවලට ඉදිරිපත් වූ නාම යෝජනා පත්‍ර අවලංගු කිරීමට ද, ඒ හේතුවෙන් එම පක්ෂ දෙකෙහි, නාම යෝජනා පත්‍රයට සම්බන්ධ ජනාධිපතිධූරය, පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධූර, නගර සභා මනත්‍රී ධූර බල රහිත කිරීමකට ද, චංවල නිෂ්චල දේපොළ තහනම් කිරිමට ද හැකියාව ඇති කරයි.
දණඩ නීති සංග්‍රහයේ VI වන පරිච්ඡේදයෙහි 114, 115, 116, 117, 118, 119, 120, 121, 122 යන වගන්ති ප්‍රකාරව රාජ්‍ය විරෝධී වැරදි යටතේ යටතේ නඩු පැවැරිය හැක. මේ වගනති වලින් උපරිම අවුරුදු විස්ස දක්වා සිරදඩුවම් නියම කළ හැක.
114 වගන්තියෙන් මරණීය දණ්ඩනය ද නියම කළ හැක.
මෙයට කාලාවරෝධය නීතිය බලපාන්නේ නැත.
