Spread the News

ආරියතිලක
2026.03.03

ආණ්ඩු­වට නොව සුන්බුන් විප­ක්ෂ­යට එරෙ­හිව නව සන්ධා­න­යක් ගොඩ­න­ඟන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින්, මල්වතු පාර්ශ්වයේ මහා­නා­යක තිබ්බ­ටු­වාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමං­ගල මහ­නා­හිමි හමුවූ හමුවේ කියන ලද බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

2024 ජනාධිපතිවරණයේදී ඡන්ද 22 407 ක්, ප්‍රතිශතයක් ලෙස 0.17% කි. මේ ඡන්දය දුන් පිරිසවත් ඒකාරාශි නොවනු ඇත. ජවිපෙ සමාජිකය්න්ගෙන්, පිරිස සිටින බව පෙන්විය හැක. ඒවාට මුලාවන සමාජයක් ඇතැයි යමෙකු සිතන්නේ නම් එය ද මුලාවක් බව කිව යුතු ය.

ජාතික ජන බලවේගය ජනාධිපතිවරණ ජන රැලි මාලවේ තංගල්ල රැලිය “රුහුණ පෙරට රට අනුරට” තේමාව යටතේ පැවැත් විය. එහිදී වත්මන් ජනාධිපතිවරයා (ජනාධිපති වීමට පෙර) තෙල් මිල ගැන සහ විදුලි බිල ගැන කියා සිටියේ පහත පරිදි ය.

“අද අපේ රටේ පුරවැසියන් තෙල්වලට ගෙවන්නේ නො ගෙවිය යුතු බිලක්. නො ගෙවිය යුතු ගානක්.
අන්න අපි ජාතික ජන බලවේගය ආණ්ඩුවක්;
ඔබගේ තෙල් මිලත්, විදුලි බිලත් අඩු කරණ සැලැස්මක් එක්ක තමයි අපි ඇවිල්ල තියෙන්නේ;
හැබැයි මෙ ගෙවන්නේ, ගෙවන්න ඕන නැති ගානක්.
සැලසුම් අනුව වැඩ කරන්නේ නැති නිසා මේ ප්‍රශ්නය මතු වෙලා තියෙන්නේ.
ඒ ගොල්ල් හැම වේලාවෙ ම බලන්නේ ඒ ගොල්ලන්ට ලැබෙන පගාවෙන් පංගුව. අපි ඒක වෙනස් කරන්න ඕන.”
(උපුටා ගැනීම අවසන්)

විදුලි බිල 30% කින් අඩු කරන බව කියන ලද්දේ ජනාධිපතිවරයා විසිනි. ඒ දැනට මාස 15 ට පෙර ය. ඒ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ය.

නැවත විදුලි බිල වැඩි කිරීම, ජනාධිපතිවරයාගේ ඒ මැතිවරණ පොරොන්දු අමු අමුවේ උල්ලංඝනය කිරීමක් වේ. එසේ නො වේ නම් “පගාවේ පංගුව” නිසා ද යන්න ජනාධිපතිවරයාගෙන් විමසීමට ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆෝන්සේකා මහතාට කොන්දක් තිබිය යුතු ය. බොරු මැතිවරණ පොරොන්දු දී බලයට පැමිණි මේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව රටේ ජනතාව රවටමින් , කොටි ඩයස්පෝරාවේ පදයට ක්‍රියා කරමින් සිටී. සම්බුද්ධ ශාසනය නො තකා හරිමින් භික්ෂූන් වහන්සේලාට කරන අවමන් සහගත සැලකිල්ල ද බරපතල ය. වැඩ බැරි පිරිසක් බලයට පත් වී කරන විනාශය නො පෙනීම ද විපක්ෂයේ වරදක් ද?

ජවිපෙ සාමාජිකයන් ජනතාවගෙන් මේ කලයේ අශික්ෂිත ප්‍රශ්නයක් අසයි. එනම්:-
“මේ ආණ්ඩුව බලයෙන් පහ කොට කවුද? ගේන්නේ; විකල්පය කුමක්ද?” කියා ය. එසේ විමසීමට ජවිපෙ හෝ ජාතික ජන බලවේගය පක්ෂයේ හෝකිසිවෙකුට හිමිකමක් අයිතියක් නැත. හේතුව පැවැති තත්වයට විකල්පය වශයෙන් පැමිණියේ හා විකල්ප වැඩ සටහන ලෙස පොරොන්දු මල්ලක් දුන්නේ ජවිපෙ හා ජාතික ජන බලවේගය බැවිනි. වත්මන් ජනාධිපතිවරයා කියන ලද බොරු අද අතේ පත්තු වී ඇත. වැඩ “බැරි ටාසන්ලා” බව තව තවහ් ඔප්පු කරමින සිටී. රටේ ජනතාවගෙන් ඔවුන්ට අසන්නට කිසිදු අයිතියක් නැත. “ ඊ ලඟට විකල්පය කුමක්ද?” කියා; “ඊ ලඟට ඔවුන්ගෙන් එකෙකු හැර කවුද? නායකත්වයට ගේන්නේ කියා; ඇසීමට කිසිදු අයිතියක් නැත. දේශපාලනයේ 1948 න් පසු අසන අශික්ෂිත ම, විලි ලැජ්ජා නැති ප්‍රශ්නය ඒ බව ද කිය යුතු ය. බොරුව වසා ගැනීමට, වැඩ බැරි බව වසා ගැනීමට, ජවිපෙ හා ජාතික ජන බලවේග පකෂ සාමාජිකයින්ගේ එම අවසන් තුරුම්පුව ද අතිශයින් තුච්ඡ ය. හිරිකිත ය.

Protected by Security by CleanTalk